Monday, November 16, 2015

අසනීපද අයිසෙ?



ඔන්න අද කතාව.අහල දැකලා තියෙනවාද අග මුල නැති වැල්..?? ඔය පොල් වතු වල එහෙම තියෙන්නෙ...?  ඒ වගේම ජාතියක් තියෙනවා අග මුල නැති ලිපි.
දැකල නෑහ්..??
හෙහ්.. ඔන්න තියෙනව එකක් එහෙනම්.බලමුකො ඒක කොහොමද කියලා හොඳේ..

අද උදේ ටීවී බලනකොට ඩෑල් එකක් කියනවා ආසියාවෙ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ඉන්නෙ ලංකාවෙ ලු.ඒ වගේම කාන්තා ආයු අපේක්ශාව 76ට ටිකක් වැඩියි පුරුෂ ආයු අපේක්ශාව 72යි කියලා.සාක්ශරතාවය ගත්තත් හොඳ ඉලක්කමක් කිව්වා දැං මතක නෑ.

රායිට්...

ගස්ලබ්බ එක්ක කලින්(අවුරුද්දකට විතර කලින්) වැඩකරපු චීනෙක් (ඌ ඇත්තම ඉංජෙක්.) අහනවා ලංකාවෙ සිටිසන්ශිප් ගන්නෙ කොහොමද? පොඩ්ඩක් හොයලා කියන්න පුලුවන්ද කියලා.
ඇයි කියලා අහපුවාම ඌ කිව්වෙ එහෙ මිනිස්සු පාර අයිනෙ මැරිලා යනවා හෙම්බිරිස්සාව වැඩි වෙලා නියුමෝනියාව හැදිලා.
බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි නැති නිසා.
බහුතරයක් බොහොම අඩු අධ්‍යාපනයක් ලබන්නෙ.. මොකද ඉදිරියට ඉගන ගන්න සල්ලි නැති නිසා.
ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් ඉතිං වාසනාව තියෙන්නෙ ඕනෙ කියලා.
ඌට උගෙ ළමයට 'මානුශික අගයන් එක්ක' ජීවත් වෙන්න ඉඩදෙන්න පුළුවං ලු ලංකාවෙ පදිංචි උනොත්.. ඔන්න කතාව පටංගත්ත හැටි.
ඉවර උන හැටි දෙන්නටම මතක නෑ ඩැයිවර් මලයගෙ කරේ නැගලා වාහනේට පැටවුන නිසා..
කොහොමත් ගස්ලබ්බගෙ හිතට තදට වැදුනු කතාවක් මේක.මොකද එකට ඉස්කෝලෙ හිටපු කීප දෙනෙක්ම චීනෙ ගියා ඩිග්‍රි අරන් එන්න.
මක්ක හරි අවුලක් තියෙනවා..


පාට් වන්.

ඔය කාලෙම තමා ගස්ලබ්බ ඇස්සිඩන්ට වෙලා රෝහල් ගත වෙන්නෙ.
යන්නෙ මාතර රෝහල් හදිසි අනතුරු අංශෙට.
ගෙනියන්නෙ වීල් පාක් එකේ කොල්ලො සෙට් එක.
උංගෙ පෙනුමෙයි ගස්ලබ්බගෙ පෙනුමෙයි මහ ලොකු වෙනසකුත් නෑ..
අතේ රබර් වලලු දාල,තොප්පියක් දාල ටී ශර්ට් එකක් ගහලා උන්නෙ.ඉතිං දාහක් ප්‍රස්න අහලා ඇතුල් කර ගත්තෙ.
ආපු ඩොකා බඩ මැද්දට රැවුල වවපු තම්බියෙක්.ඌ මුලින්ම අතේ වලලු ගනින්න පටං ගත්තා.කිණ්ඩි ටෝක් ඉශූ කර කර.මිනිහා ගනන් කරලා ඉවර වෙන්න කලින් ගස්ලබ්බගෙන් සැරට අහගත්තා මොකද පොඩි වෙලා ලේ බේරෙන කකුල් දෙකක් බදාගෙන කෑ ගහන ලෙඩෙකුගෙ අතේ රබර් වලලු ගනින එක ලොකු කර ගත්තු නිසා.
ඌ ගියා..
පස්සෙ වෙන ඩොකෙක් ඇවිත් ඉතිං ගානට වැඩේ ගියා...(කියල හිතුවා.)
රැයක් එලි වෙනකන් ට්‍රොලියක ට වෙලා උන්නා.
'අර බස් එකට පැනපු කොල්ලා' විදිහට නාම කරනය වෙලා එක්ස් රේ ගන්න ගියා.
එක ගෑණියෙක් බැන්නා.
තව කෙනෙක් හිත හදලා ශක්තිමත් කලා..
විවිධ දේ උනා.
රෑ නමයට ඇඩ්මිට් කොරපු එකා පහුවදා දවල් දොලහට තියටර් දැම්මෙ.
ඒ වෙනකොට දෙපාරක්ම විවිධ කෝණ වලට එක්ස් රේ කීපයක්ම අරගෙන.
ස(ර්)ජන් ඩොකා නිකන්ම ක්‍රේප් බැන්ඩේජ් දාල හරි යවන්න කියන කොට ගස්ලබ්බ ආයෙත් කට ඇරියා.
ඒකෙ ප්‍රතිපලයක් විදිහට මිනිහා අස්ථි පිපිරීම් තුනක් හොයාගත්තා.
ඌ තනිකර පිස්සෙක්.
එලියට එනකොටම ගෙදරින් ඇවිල්ල හිටියා..
ටිකට් කැපුවෙත් නෑ කෙලින්ම හයිවේ දාල තමයි පස්ස බැලුවෙ.

හොස්පිටිතාලෙකට යනකොට කොන්ටැක්ට් එකක් එක්කම යන්න ඕනෙ කියලා තහවුරු වෙලා තිබුන නිසා ගස්ලබ්බ යන්න ප්ලෑන් කරපු රජයේ හොස්පිටිතාලෙ හිතවත් ඩොකෙකුට කතා කලා.
මෙන්න මිනිහ කියනවා
'මලේ අද සර් ඇවිත් ගියා.හෙට ඉරිදා.එන්නෙ නෑ.ආයෙ සඳුදා එන්නෙ.එතකන් උඹට පැරසිටිමෝල් එකකට වඩා දෙයක් දෙන්න වෙන්නෙ නෑ ආවට.ඇඳනුත් නෑ.ගෙදර ඉඳලා සඳුදා වරෙන්.' කියලා.

ඔන්න ඊට පස්සෙ තුවාල සඳහාම ප්‍රසිද්ධ ඩොකෙක් ලඟට ගස්ලබ්බ යනවා තුවාල හොඳ කරගන්න.. එතකොටයි දැන ගන්නෙ මැහුම් දාන ඕන තුවාල වලටත් මැහුම් නොදා තියලා.
දැං පමා වැඩියි.ටිකක් කල් යයි හොඳ වෙන්න කියලා.
එතකොටයි ගස්ලබ්බට තේරුනේ හොස්පිටිතාල වල ඉන්නව නම් කට පාලනය කොර ගන්න ඕනෙ කියලා.

*මේ සියල්ල වෙනකන් සත පණහක් වත් ප්‍රතිකාර සඳහා වැය වෙලා තිබුනේ නැත.
Medical care
Nursing care
Drugs
Injections
Surgical Items
Laboratory
Linen
Medical Procedures
X-Ray
etc                                                                          
                                                                                           Total- 0.00 LKR


පාට් ටූ 

මාස පහක විතර විවිධ ප්‍රතිකාර අවසානෙ දෙපයින් නැගිට්ට ගස්ලබ්බා ආයෙත් ජොබට යනවා.
බලන කොට එතන අලුත් ලොක්ක කියනවා අබ්බගාතයින්ට ජොබ් කරන්න බෑ කියලා.
ඒක අහලා අර සිටිසන්ශිප් ගන්න අහපු චීනා අලුත් කොම්පැණියක් සෙට් කරලා දෙනවා අර ප්‍රොජෙක්ටුවේම.

එතන වැඩ ඉතිං ඕසෙට..
අවුලක් නෑ.මාස පහක් ගෙදර උන්නු එකේ එරියස් කවර් කොරන්නත් එපැයි.
ඔහොම ජොබ කරාන ආතල් එකේ ඉන්නකොට තමයි දෙවනි හෙනේ පාත් වෙන්නෙ.
එක්වරම මාසයක් විතර ඇතුලත ආයෙත් ගස්ලබ්බ ඇඳටම සීමා වෙන තරමටම ආබාධිත වෙනවා.
ඩොකා ගෙන් ඩොකාට මාරු වෙමින් ගියාට වේදනා නාශක සහ චේතනා නාශක වලින් එහාට දෙයක් ලැබෙන්නෙත් නෑ.
සුවයකුත් නෑ.
ඔන්න ඉතිං ගස්ලබ්බ යනවා හොඳම ඩොකෙක් කියපු කෙනෙක් ලඟට.
එයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගස්ලබ්බට ඇඩ්මිට් වෙන්න කියනවා 'ප්‍රයිවට්' හොස්පිටිතාලෙක.
එතෙන්ට විතරයි එන්නෙ කියලත් කියනවා.
දැං මොකේද දං වලඳන්නෙ..?
අම්මලාට ගිහිං බඩු ටික ගේන්න කියලා උදෙන්ම ඇඩ්මිට් වෙන්නම් කියලා ගස්ලබ්බ යාලුවෙකුගෙ බෝඩිමකට ගිහින් හොඳට අනුමත වෙලා පහුවදා උදෙන්ම ගස්ලබ්බිත් එක්ක යාලුවාගෙ කාර් එකේම යනවා ඇඩ්මිට් වෙන්න.

'එන්න සර්.. කවුද පේශන්ට්? මේ ෆෝම් ෆිල් කරල දෙන්න සර්.. රූම් නේද සර්..?'

ගණන් මිනුම් අහල තිබුන නිසා ගස්ලබ්බ කිව්ව

'නෑ නෑ.. වෝඩ් බෙඩ් එකක්' කියලා.

අරකිගෙ මූණෙ හිනාවෙන් කට කපලා තුන් කාලක් මැකිලා ගියා.
රා....යිට්. ඔන්න ඇඩ්මිට් උනා.
චෙකප් පටං ගත්තා.සෑර් සෑර් කියලා හිනා වෙලා බොහොම විනීතව..
අම්මට සිරි වෙන සැලකිල්ල.
ඉන්න ඉන්න ආස හිතෙන සීන් එක.
ඩොකත් ඇවිල්ල බලල දඬු කඳේ ගැහුව වගේ වැලි කොට්ට එල්ලලා ගියා.
දවසින් දවස යනවා.
ඔන්න සර්,මිස්ට ගස්ලබ්බා බවටත් පත් වෙලා.

මේ වෙනකොට හොඳට හිතවත් උන ඇටෙන්ඩන්ට් කෙනෙක් කියනවා

'සර් ල වගේ හැමෝම කතා කරන්නෙ නෑ... රෙස්පෙක්ට් එකේ ඉන්නවා.එතකොට තමයි මිස්ල උනත් සලකන්නෙ..'

අරකයි මේකයි ඒකයි විස්තර ගොඩයි...

ඔය සතියටම හොස්පිටිතාලෙ රෙකමන්ඩ් කරපු ඩොකා ආවෙ තුන් සැරයයි.
අනික් වෙලාවට හිටපු පොඩි ඈයො ප්‍රස්නයක් අහපුවාම උත්තරයක් වත් දෙන්න හයියක් නැති කර අඹපු උන් වගෙයි හැසිරුනේ.

ටිකට් කපලා ඔන්න බිල දුන්නා..
දැං නෙ තේරෙන්නෙ ...
සර් කියනවාටයි......,හිනාවෙනවටයි.....,ගුඩ් මෝනිං කියන්වාටයි.....
එක්කමද මංදා බිල.

බිල දුන්නට පස්සෙ ඇහේ මානෙන් පිට නොයන්න නොතේරෙන්න මුර කාවල් වැටෙනවාකියලත් මේ උන්න දවස් ටිකේ ගස්ලබ්බට මීටර් වෙලා තිබුනෙ.

බිලත් ගෙවලා ගෙදර ඇවිත් බෙහෙත් බීලා.. බීලා.. බීලා.. ආයෙ එන්න කිව්ව 'එතෙන්ටම' සතියකින්.

සතියක් යනකොට තිබුන අමාරුව කලින් විදිහටම වැඩි වෙලා ඊටත් වඩා අමාරුයි.
ඉඳලා... ඉඳලා... ඉන්දලා...
ඔන්න ඩොකා ආවා.
ඇවිත් චෙක් කරා.
"MRI එකක් කරන්න ඕනෙ.තව බ්ලඩ් චෙකප් ටිකකුත් කරන්න ඕනෙ.ඒ ටික කරගෙන සතියකින් එන්න.අපි බෙහෙත් ටිකක් වෙනස් කරමු" කියලා
බෙහෙතක නමක් කිව්ව.
ගස්ලබ්බ කිය්යනවා 'ඩෝක්,ඕක තමයි ඉන්නකන් මට අයි.වී දුන්නෙ' කියලා.
ඩොකා ඊට පස්සෙ
'ආ.. එහෙමද? එහෙනම් ... කියල තව එකක් කියනවා.
' ගස්ලබ්බ ආයෙ කියනවා
'ඩොක්,ඕක තමයි පහුගිය සතියෙම බිව්වෙ' කියලා
ඩොකා ආයෙ කියනවා
'ම්ම්.. එහෙනම් අරක ප්ලස් මේක' කියලා.
ඊට අමතරව කියනවා
'ලෙඩේ එන්න එන්න වැඩි වෙනවා... තාම අයිඩියා එකක් නෑ මොකද්ද කියලා.MRI එකෙන් පස්සෙ බලමු.'කියලා.

ඒ ටිකත් කොරා කියමු.
මේ...............න්න මෙච්චර බිලක් ඒකටත්.
කමක් නෑ හොඳ වෙනව නම්.

නිරීක්ශන.

*රජයේ විශ්ව විද්‍යාල වයිද්‍ය සිසුන් ගේ ගුණාත්මකබව පුද්ගලික වි.වි වයිද්‍ය සිසුන් ගේ ගුණාත්මක බවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් පවතී. {එක හා සමාන කාරණා සඳහා ගස්ලබ්බාව මේ දෙපිරිසම පරීක්ෂකයක් ලෙසට යොදාගත් අතර ඔවුනට පිළිතුරු දෙමින්ම ගස්ලබ්බා ඔවුන්ව පරීක්ෂාකලා.}
පුද්ගලික වි.වි.වෙද සිසුන් මුදල් වැය කරමින් පොෂ් කැම්පස් උප සංස්කෘතිය මෙහි මවාගත්තත් ගුණාත්මක බව (ආකල්පමය වශයෙන්ද ඇතුලුව.) බොහොම පහල අගයක ඇති අතර එය වර්ධනය කිරීමට කිසිවෙකුත් උත්සාහ නොකරයි.

*ගස්ලබ්බා පරීක්ශා කල ඩොක්. අවසාන තෝරාගැනීම ලෙසට තෝරාගත්තේ රට වටේම නමක් ඇති විශේෂඤ්ඤ වයිද්‍යවරුන් මොහුගේ ගෝලයන් බව ඔවුන්ම කියනා බැවිනි.නමුත් පුද්ගලික වෙද සිසුන්ට යම් උපදෙසක් දීමට ගොසින් ඔහු පච උනේ ප්‍රයිවට් බස් කොන්දොස්තරකෙනෙක් මගියෙකු හා තර්ක කරන ආකාරයක් සිහි කරවමින්.මුදල් එතරම් බලවත්.

*මුදල් නොමැති නම් ලෙඩ නොවනු.
(දැනට MRI උපකරණ ඇත්තේ කොළඹ සහ නුවර පමණක් වන අතර ඒ සඳහා දිගු පෝලිම් පවතී.ප්‍රයිවට් නම් ඇත.නමුත් ගිණි ගණන් ය.)

* රජයේ හා පුද්ගලික කියා වෙනසක් නැත.ලෙඩා තමන් ගැන අවධානයෙන් සිටිය යුටුය.නැත්තම් සොරි ය.

*රජයේ ඔසුසලෙන් ලැබෙන ඉංදියන් බෙහෙත විස්වාසයට ගත නොහැකි නිසා රජයේ රොහලේම ලෙඩුන්ටත් පිට ෆාමසි වලින් වෙළෙඳ නමට බෙහෙත් හැනීමට සිදුවී ඇත.රෝහලේ බොහෝ විට බෙහෙත් නැත.

*රජයෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි හමුවේ කෙසේ හෝ තමුන් වෙත් පැමිනෙන ලෙඩුන් මැනේජ් කරගන්නා රජයේ රෝහල් කාර්ය මණ්ඩලයට ගරුත්වයක් හිමි විය යුතුය.මක්නිසාද එකා දහයකගේ වැඩේ (බොහෝවිට.) කරනා බැවිනි.

*සෞඛ්‍ය සේවය දිය කරමින් පවතින අතර එය වෙළෙඳාමක් බවට පරිවර්තනය කෙරෙමින් පවතී.

ප.ලි.

සීනි භාවිතය හා බුරි පිලිබඳ චක්‍රලේඛණ නිකුත්කිරීමට පාලකයන් ඉතා කඩිනමින් ක්‍රියාකරයි.


අධ්‍යාපනය ගැන වෙනම කතා කරමු.

66 comments:

  1. මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ. සල්ලි ගෙවන එකක ඉඳලත් 'සර්', 'ගස් බල්ල' වෙනව තව ටිකක් හිටියනං.

    යකෝ ඩොකාට තමුං දීපු ට්‍රීට්මන්ට් මතක නැත්තං උගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුංට දෙයියංගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. තාම කනව ප්‍රසා අයියෙ..
      මවුන්ට් එලිසෙබෙත් පිහිට ලබන්න මක්කහරි කොරන්න බැලුවෙ... හෙහ් හෙහ්....
      ජයවේවා..!!

      Delete
    2. ගස් , උඹ සනීප වෙලා ඇති කියල මම හිතුවෙ . ආයෙ වැඩට ගියා කියල දැනගත්තම.

      Delete
    3. අප්‍රේල් වල ගියා.ඇයි අර 'ඩබල් ත්‍රිබල් නොවේවා' කියලා පෝස්ට් එකක් හෙම දැම්මෙ.ආයෙ කෙල උනා නෙව.

      Delete
    4. මක්වෙලාද නං තාම දන්නෙ නෑ අටං අයියෙ.හැබැයි ලෙල්ලටම කෙල වෙලා වගේ.
      ජයවේවා..!!

      Delete
  2. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල සේවය ඉස්සරට වඩා ගොඩක් හොදයි කියල තමයි මටනම් හිතුනෙ . සමහර පුද්ගලික රෝහල් වලටත් වඩා සුහදශීලී වගේ කියල මෑත කාලීන අත් දැකීම් වලින් දැනුනෙ.
    මාව ඇක්සිඩන්ට් වෙලා මහලොකු තුවාල තිබුනෙ නෑ ඒත් ප්‍රයිවට් ඒව වලින් බේත් දාන්න බෑ කිව්ව. රජයේ ඉස්පිරිතාලෙ ඇතුලට ගිය ගමන් පුටුවක තියල අරන් ගියා එවලෙම x-ray අරගෙන , මම මැහුම් දානවට බයයි කිව්වහම හිරිවැටෙන්න ඉන්ජෙක්ෂන් ගහනව බයවෙන්න එපා කියල දොස්තර මා ලගට වෙලා චැටක් දාද්දි නර්ස් නෝන මහල දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ප්‍රශ්නෙ තියෙන්නෙ එයාලත් මනුස්සයො.බත් කාලා වතුර බොන ඈයො නෙව.දරාගන්න පුළුවන් ධාරිතාවයට/සීමාවටත් වඩා කිහිප ගුණයක් වැඩියෙන් ඔවුන්ට සේවා සපයන්න සිදුවෙලා තියෙනවා.ඇත්තටම සේවය වර්ධනය කිරීමට වඩා දිය කිරීමක් වීම ම මේකට හේතුවක් කියලයි ගස්ලබ්බ හිතන්නෙ.
      ජයවේවා..!!

      Delete
    2. ගස් ලබ්බා ගියපු රුයේ හොස්පිටිතාලේ වරදක් තියෙන බවයි මම හිතන්නේ...
      ඕක උපරිමේ තිබුනේ 2002 වගේ කාලේ, නාස් පොල්ල කැඩිලා නාහේ ඇද වෙච්ච මගේ යාළුවෙක් ඒක හදා ගන්න කකුල් දෙකෙන් ඇවිදගෙන ඔපරේෂන් එක කර ගන්න ඔය හොස්පිටිතාලේ ගිහින් ආපහු ආවේ පෙට්ටියේ...

      කම්මලය කියන කතාව මමත් විශ්වාස කරනවා. නමුත් මාතර රෝහල පරණ නම රැකගන්න තාමත් ක්‍රියා කරනවද දන්නේ නැහැනේ...

      කළුතර නාගොඩ, කොළඹ හොස්පිටිතාල කම්මලය කියපු විදිහේ හොඳ සේවයක් සපයන බව මම අත්දැකීමෙන්ම දන්නවා...

      Delete
  3. උඔ ඉක්මනට සනිපවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..
    ඩොකාලා අතර මිනිස්සු වගේම වෙසිගේ පුතාලත් ඉන්නවා..මගෙත් අත්දැකිම් පොතක් පිරෙන්න ලියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. තැංකුයි මෙණ්ඩො..
      මට පේන්නෙ මගෙ ඩොකා නම් මාව සුදු මීයෙක් කරගෙන වගේ.මොකද ඔය කියන තැනට ලෙඩ්ඩු යනවා බොහොම අඩුයි.ඉතිං අර ළමයින්ට සායනික පුහුණු කොයින්ද?
      බොට කොච්චරවත් කියන්නෙ... ලියපං බං... අපිත් ආසයි උඹේ අත්දැකීම් බෙදාගන්න..
      ජයවේවා..!!

      Delete
  4. අර වෑල්ඩිං වෙදමහත්තයා හම්බවෙන්න ගියේ නැතෙයි..?
    Atam has his contact details..
    get well soon man...!

    ReplyDelete
    Replies
    1. http://walaspathi.blogspot.com/search/label/%E0%B7%80%E0%B7%99%E0%B6%AF-%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A

      Delete
    2. හප්පා.. චෙෆාකයියා දැක්ක කල්....!
      පලවෙනි පාර ගියේ නෑ කකුල් වල තුවාල තිබුන නිසා.තුවාල උඩින් ඒ තෙල බඳින්න බැහැලු.ඇට කටු උණු කරනවා නෙව.ඒක හෙන ගේමක් දීල ගොඩ දාගත්තා පොඩි කොරයක් එක්ක.
      දෙවනි සීන් එක උකුල් ඇටේ.කැඩිල බිඳිල නෑ.තාම ඩයග්නොස් කොරලා නෑ.ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් යන්නෙ.MRI රිපෝට් එකෙන් වත් මොකද වෙලා තියෙන්නෙ කියල කියයිද බලන්නෙ.
      ජයවේවා..!!

      Delete
    3. යක්සයො ඔය තරුන වයසට ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් එකට ඇඟේ කෑලි වලට ට්‍රීට් කරන්න දෙන්න එපා..ඔය ඉයන් කියන ඩොකා ගාවට පලයන්...ඉන්න තැනක් කියහං රෙන්ඩිෂන් මිෂන් එකක් එවන්න...ඉයන්ට කෝල් එකක් දීහං මේක දැක්කම...!

      Delete
    4. මක්කක් එවන්න කිව්වා?? ලෑන්ට මම මේලක් කෙටුවා.කෝල් කොරන්න නොම්බරයක් නැතුවා..
      සුදු මීයෙකුට,ගිණිපිග් කෙනෙකුට දැනෙන හැඟීමෙත් ලල් එකක් තියෙනවා.

      Delete
  5. නෑ නෑ, මේ ලංකාවේ කොහෙහරි රජයේ රෝහලක ඉන්නවා, ඇත්තටම ලෙඩ්ඩුන්ට හොඳට සලකන, වෛද්‍ය/හෙද/අතුරු වෛද්‍ය/කාර්ය මණ්ඩල. කොළඹ මහ ඉස්පිරිතාලේ සාමාන්‍යයෙන් හොඳට සලකනවා. සතුටුදායක ලෙස සියලු පහසුකම් තියනවා. ටිකක් හොයලා බලන්න.

    කුරුණෑගල මහ ඉස්පිරිතාලෙත් නරකක් කියන්න බැහැ.

    වෛද්‍යවරුන්ගෙන්ම අසා දැනගත් උපදෙස් නිසා, මම, අරයා හොඳයි, මෙයා හොඳයි, කියා කියන්නේ නැහැ.

    ඉක්මණින් සුවය ලැබීමට වාසනාවන්ත වේවා!

    ReplyDelete
    Replies
    1. කොළඹ ජය කෙහෙලි නංවපු කෙනා තමා විහිං රිටයර් වෙලා ප්‍රයිවට් විතරක් කරන්නෙ සහ දැං මේ මගේ කේස් එකත් බලන්නෙ.කුරුණෑගල දෙන්නෙක් ඉන්නවා.දෙන්නම ලඟට ගියා.කෙනෙක් පේන් කිලර්ස් දීලා මාස 3කින් එන්න කිව්වා මහ බයානක කතා ගොඩක් එක්ක.අනෙක් කෙනා මෙයාගෙ හොඳම ගෝලයා.එයා පරීක්ශණ අරඹලා මාසෙකට පේන් කිලර්ස් දුන්නා.දවස් 3ක්වත් අල්ලන් ඉන්න බැරි උනා.බෙලිඅත්තෙ ඉඳන් එන ගමන්මයි කොළඹ ගියේ.(ඔය වාට්ටු දෙකේම ඉන්න පොඩි ඩොකාල ගස්ලබ්බත් එක්ක එක හැලියෙ බත් කාපු උන්.බදාදා රිපෝට් එක අරගෙන බහින්නෙ කුරුණෑගලට.)
      වාසනා වේවා..!!හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  6. මොන පැත්තේද බං උඹ ඉන්නෙ. කොලඹනං එක්කන් යන්න පුලුවන් මගේ යලුවෙක් ගාවට

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊයක් විද්දෝ...
      ජයවේවා..!!

      Delete
  7. හපොයි ලබ්බට වෙච්චි දෙයක්..

    අර නිරීක්ෂණ කෑල්ල ලියන්න ඕන නෑ... ඒක හැමෝම දන්නවා මයෙ හිතේ...

    ඉක්මනට සනීප වේවා....!!!

    ReplyDelete
    Replies
    1. හපොයි නේන්නං... ඉන්නකොට ඇහෙන පෙනෙන දේවල් නෙව.. ඇත්තම කියනවනං නිරීක්ශන බොරු නෙමෙයි ඇත්ත කියන්නයි පාට් වන්,ටූ දෙක ලිව්වෙ.සුපුරුදු විදිහට වැඩේ පොට පිට ගැහුවා..
      තැන්කුයි අයියණ්ඩි.
      ජයවේවා..!!

      Delete
  8. ලබ්බෝ.. ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්ථනා කරනව... මේ ගැන කතා කරන්න ගියෝතින් උඹට මානසික ඩොකෙකුත් චැනල් කොරන්ඩ වෙන්නෙ.. පුතේ.. ඉන්න තැනක කක්කුස්සි හෝදන එකාටත් දෙකට නැවිල වැඳලා හරි කමක් නෑ උඹේ ලෙඩේට බේත් ගනිං.. තර්ක කරන්න එපා එකෙක් එක්ක වත්. කොච්චර වේදනාව තිබ්බත් ඉවසගෙන හිනා වෙලා පුළුවන් නං අටෙන්ඩන් ලාටත් සර් මැඩම් කියාපන්. එතකොටයි වැඩේ හරියට වෙන්නෙ. පුදුම කුප්ප ජාතියක් බං අපේ මිනිස්සු. හු&*(*ලාට ප්‍රයිවට් සහ ආණ්ඩුවෙ ඉස්පිරිතාල දෙකේදී සාන්තුවරයට සහ යක්ෂයාට ආරූඪ වෙන්න හොඳට පුළුවන්. මෙව්ව කතා කරන්න ගියොත් ලේ කෝප වෙනව. උඹ ඉක්මනට සනීප වෙයං...

    ReplyDelete
    Replies
    1. සජ්ජෝ... මේ උඹමද? මම දෙපාරක් කොමෙන්ටෙක බැලුවා.. කොරන්න බැරිබව දැන දැනත් උඹ කිව්ව එක තමයි කොරන්න ඕනෙ.අපෙ අම්මගෙ කටේම තියෙන්නෙ ඔය කතාව.ඉවසලා ඉන්න... ඉවසලා ඉන්න කියලා.'ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕනෙම තැන' කියලා කතාවකුත් තියෙනවානෙ.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
    2. මමම තමා බං.. රෝමෙට ගියාම රෝමන් කාරය වගේ ඉන්නව වගේම ගුබ්බෑයමට ගියාම තුප්පහිය වගේ ඉන්න වෙනව.. කාලකණ්ණි හැත්ත..

      Delete
    3. අනිත් දවසෙ සර්වජන වශියක් කොරගෙන යන්නයි කල්පනාව. හෙහ් හෙහ් හේ...

      Delete
  9. http://vimukthidehigolle.blogspot.com
    ඒ වගේ ඩොස්ටල අස්සෙ මෙන්න මේ වගේ බ්ලොග් ලියන ඩොක්ට ල ත් ඉන්නව කියන්ටකො හිහි.. මං මේ ලිපියෙ ලිංක් එකක් එතන පේස්ට් කරා අවුලක් නෑනෙ...

    ලබ්බ දැං ඔය කියන ජාතියෙ ඩෝප් ඩොක්ස් ල නං ටිකෙන් ටික වද බැහැගෙන යන්නෙ ඇත්තටම පහුගිය දවස් වල එක එක අයගෙ ලෙඩ හිංද මාත් හොස්පිටිතාල ගානෙ ගියා ඒ ඒ අතර දැක්ක දේ වලිං තමා කීයෙ ඒ අස්සෙ අර වගේ පයිවෙටි ඒවට රෙක්මන්ඩ් කරන වවං කන්නොත් ඉන්නව නෑ කියන්නෙ ෑ.. ඒත් එයාලට මොනව කියල කියන්නද මුදල තමා අද වෙද්දි සෑම සියළු මනුස්සයම පාලනය කරන තීරණාත්මක සාධකය.. ඒත් එහෙමයි කියල මනුස්සකම අමතක කරන එක කාටවත් වටින්නෙ නෑ මං එහෙම කියලත් නෑ හොදේ..

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ..මම ඒ බ්ලොග එල්ලගත්තා හෙමින් සැරේ කියවන්න.ඉසිවරු,දෙවිවරු වගේ ඩොකාලත් ඉන්නව බං... එයාල තමයි සැබෑ දොස්තරමහත්තුරු.එයාල හින්දා නේන්නං අපි වගේ උන් ආයෙ දෙපයින් ඇවිදින්නෙ...
      ජයවේවා..!!

      Delete
  10. අම්මෝ මොන ජාතියෙන් හරි අතපය හතර බේරා ගනිං.කාට වැන්දත් කමක් නෑ.අපි ඉස්පිරිතාලෙ වැඩ කරන කාලෙ නං ලෙඩ්ඩු අපිට බැන්න මිසක අපි ලෙඩ්ඩුන්ට මොකුත් කිව්වෙ නෑ.මට මේ ඉස්පිරිතාල කතා ඇහෙනකොට හරිම පුදුමයි.
    උඹට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්න දෙයක් නෑ හැලපයියෙ.හැබැයි හැමතැනම නෑ.. හැමදාම නෑ..
      දැං ඔක්කොම අතෑරලා දාල සෞඛ්‍ය ගැන අවධානෙන් ඉන්නෙ.(වෙන කොරන්න දේකුත් නෑ නෙ.)සයිකො කේස් එකක් වත් වදිනවා මේ බ්ලොග් එහෙම නොතිබුනා නම්.හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  11. ගස් ....ඔයාගෙ කකුල් දෙක ඉක්මනින් සුව වේවා...! මේ ශ්‍රී ලංකා දීපයේ ඉස්පිටිතාල ගැනවත් , වෛද්‍ය හොරු ගැනවත් කතා කරන්න එපා..මේ බ්ලොග් මිත්‍රයින් හිත හොඳින් කරපු අවංක ප්‍රාර්ථනාවල් එක්ක ඔයා ඉක්මනින් සනීප වෙයි...

    ReplyDelete
    Replies
    1. අනුත්තරා.. තමන්ගෙ කුසට නොකා නොබී රෝගීන් වෙනුවෙන් කැප වෙන ඉසිවරුන් තවමත් අපේ රටේ ඉන්නවා.වැඩේ කියන්නෙ අපේ ඔර්ලෝසුවේ තියෙන හොඳ කමට එහෙම අය හම්බෙන්නෙ හෙන කලාතුරකින්.
      ඉස්කෝතුයි...
      ජයවේවා..!!

      Delete
  12. මොන අධ්‍යාපනේ ලැබුවත් වැඩක් නෑ බං මනුස්සකම් නැති උන්ට . ඔන්න ඕක තමයි තත්වේ , හැබැයි ලෝකෙන් උතුම් රට , උඹ ඉක්මනට සනීප වේවා

    ReplyDelete
    Replies
    1. ඔය ලැබුව අධ්‍යාපනේ නැත්තං අපි හාංසි.. මේක ඩොකාලගෙම වැරැද්දක් නෙමෙයි මචෝ... ඊට උඩින් එන පීඩනයක්.
      ඉස්කෝතුයි සහෝ...
      ජයවේවා..!!

      Delete
  13. හපෝයි උඹට වෙලා තියෙන දෙයක්. උඹට ඉක්මන් සුව පතනවා ගස් ලබ්බ.

    ReplyDelete
    Replies
    1. හපොයි වෙච්ච දෙයක්....
      තැන්කුයි ඩූඩ්..
      ජයවේවා..!!

      Delete
  14. මේ පොස්ට් එක මාව පොලොම්බවනවා ආචාර්ය, මාහාචාර්ය, විසේසඥ උදවිය ගැන පොස්ට් එකක් ලියන්න.. ඒත් දැම්ම ලියල බෑ ... තාම ලංකාවෙන් පිට පුරවැසිභාවයක් නැති නිසා.. ඊට පස්සේ දෙන්නම් ජම්බු කට්ටියටම දුවන්න.. ඉවසන් හිටහන් ගස්ලබ්බෝ...

    අසනීප කියන්නේ සංසාරේ කරපු පව්.. ඒ පව් ගෙවෙන්න මොනාහරි පිනක් දහමක් කරහන්... උඹට තෙරුවන් සරණයි ගස් ලබ්බෝ..

    ReplyDelete
    Replies
    1. සිරාවටම දැං නම් ගෙවන්නෙ පවක් තමයි බං.. ගෙවිලා ඉවර වෙන්නැතෑ කියලා ඉන්නෙ.. හොඳ ඩොකාල ඉන්නව බං.මම මතු කරන්න හැදුවෙ සිස්ටම් එකේ අවුලක්.හරියට ඇවිල්ල නෑ කියහංකො.හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  15. ගස් ලබ්බාට ඉක්මන් සුවය පතනවා!! අම්බලන් වගේ වෙන රටක පුරවැසිභාවය ලැබුනම රෝහල් ජාති ගැන ලියන්නම්

    ReplyDelete
    Replies
    1. ඇත්තට අදාල ඩොකා මේ පෝස්ටුව දැකල නම් කොල්ල හාන්සියි සදහටම..
      සේෆ්ටි ෆස්ට් කියන එක අමතක උනා නෙව..
      ජයවේවා..!!

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අන්න අන්න ආතරුත් බැහැලා..

      Delete
  17. ඉක්මන් සුවය පතනවා.-ක්‍රිෂ්ණ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ක්‍රිෂ්ණ.
      ජයවේවා..!!

      Delete
  18. මට දවසක් හොඳටම අසනීප වෙලා බෙහෙත් ගන්න ගිහින් හොස්පිට්ල් එකේ පෝලිමේ හිටියෙත් අමාරුවෙන්.සෑහෙන වෙලාවක් කට්ට කාලා ඩොක්ටර් ලඟට ආවම එත හිටියේ ලේඩි ඩොක්ටර් කෙනෙක්.අනිත් පැත්තේ ටේබල් එකෙත් හිටියේ ලේඩි ඩොක්ටර් කෙනෙක්.දැන් මේ දෙන්නා ලොකු කයිවාරුවක.ඒ අතරේ මගෙන් එහෙන් මෙහෙන් ලෙඩේ ගැන අහලා බෙහෙත් ලියනවා.මම ගෑස්ට්‍රික් වැඩිවෙලා ඒකට බෙහෙත් ගන්නයි.අන්තිමට බෙහෙත් ලියලා තියෙන්නේ වෙන ලෙඩකට.හැම තැනම නම් ඔහොම නැ.

    ගස්ලබ්බා ...උඹට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා පතනවා

    ReplyDelete
    Replies
    1. වැදගත් ම දේ... හැමතැනම නෑ.හැමදාම නෑ.. ඒත් උන දාට ඉවරයි.
      ඉස්කෝතුයි මචෝ.
      ජයවේවා..!!

      Delete
  19. පටන් ගත්ත දවසෙ ඉදන් කියෙව්වට අදනෙ දන්නෙ ගස්ලබ්බ කව්ද කියල. මේ බ්ලොග් එක උබේ කියල දෑනගත්තම ගොඩක් සතුටු උනා බන්.ඉක්මනට සනීප වේවි.උබ කව්ද කියල කියන්න එපා කියපු නිසා ඔන්න මම මොකුත් කියන්නෙම නෑ හොදේ.....

    දන්න එකෙක්......

    ReplyDelete
    Replies
    1. 'දන්න එකෙක්' කියලා කලින් ඇනෝ කෙනෙක් කොමෙන්ට් කරලා තිබුනා වෙන බ්ලොග් වල.ඒ නම් උඹ නෙමෙයි කියල දන්නව.
      උඹ මුකුත් නොකිව්වට හිටුකො.... මම මුකුත් කියන්නම්.හෙහ් හෙහ්.. සංතෝසයි බං..
      ජයවේවා..!!

      Delete
    2. //'දන්න එකෙක්' කියලා කලින් ඇනෝ කෙනෙක් කොමෙන්ට් කරලා තිබුනා වෙන බ්ලොග් වල..// හි..හි.. මාත් දැක්කා ඕයි..

      Delete
  20. හප්පා! පැපෝට මාර සීන් තොගයක්නෙ වෙලා තියෙන්නෙ.

    ඉක්මන් සුවය පතනවා ඕං!

    ඔය නිරීක්ෂණ ටික නම් කීයත් වටී. බලාගෙන යනකොට දෙතැනම එකයි. හොස්පිටිතාල මාෆියා ගොඩයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න බස්සියේ අන්තිමට බොලා වත් ඒක ගැන කිව්වා. නිරීක්ශන බොරු නෙමෙයි කියලා ඔප්පු කොරන්නයි ගස්ලබ්බගෙ අත්දැකීම් ම දැම්මෙ.පේන විදිහට මේ ඇරඹුමයි... හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  21. ගස්ලබ්බට ඉක්මන් සුවය පතනවා......!

    ReplyDelete
  22. ඉක්මන් සුවය ලැබේවා කියල පතන ගමන් Ian හෝ ඒ වගේ මේ සම්බන්ධව අත්දැකීම් ඇති අයෙකුගේ උපදෙස් අනුව හොඳ දොස්තර කෙනෙක් මුණ ගැහිලා බැලුවනම් හොඳයි කියන මතයේ තමයි මමත් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔබේ මතය මගේ පැතුමයි..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  23. බ්ලොග් ලිය ලිය ඉඳල හරියන්නේ නෑ.. ඔය ලෙඩේ ගැන බලපන්.. සුදු මියෝ ලබ්බවල් නෙවෙයි.. උඹේ රස්සාවේ ස්වභාවයත් එක්කත් හිතල බලපන් ලෙඩේට බලපාන හේතුවක් තියෙන්න පුලුවන්ද කියල.. උඹ මොලේ ඇති එකා වෙච්චි.. වවුලගේ මගුලට ගියාම එල්ලිලා ඉන්න ඕනි බව දන්නේ නැද්ද? ඉස්පිරිතාලෙකට නෙවෙයි පොදු වැසිකිලියකට ගියත් එතන ඉන්න එකාගේ ගෙම්බර් බලන්න වෙනවා.. අනික විශේෂයෙන්ම ඔය ජාතියේ සත්තු කැමති නෑ උන්ගෙන් ප්‍රශ්ණ අහනවට.. සියල්ල දත් ලානේ.. අපි මොක්කුද?
    මාතර හොස්පිටල් එක ගැන නම් කතා කරන්න එපා.. ලංකාවේ තියෙන කුජිතම රෝහල..

    ReplyDelete
    Replies
    1. අනේ කමියෝ... මේ කොමෙන්ටුව දකිනකොටත් කෙලෝගෙන ඉවරයි... පොඩි කාලෙ අයිය කෙනෙක් කිව්ව 'තොට හරි ගියොත් හරියන්නෙත්,වැරදුනොත් වරදින්නෙත් ඔය කට හින්ද' කියලා.
      ඉතින් මේ කට වැරදිලා..(????) උදවු කරපු අයගෙත් සායම ගියා කියන්නකො.දැං ඉතින් අර මොනාද කාපු රිලවා වගේ ඉන්නවා.
      අනිච්චේ....
      ජයවේවා..!!

      Delete
  24. You are 100% correct. SL doctors too are irresponsible and greedy. 2.5Yrs back, I had to quit my job due to some complex situations resulted by some wrong diagnosis done by some excellent SL doctors.(not foreign graduates, I think) and there was nobody answerable except me.

    ReplyDelete
    Replies
    1. yep.. majority is sucks.. but there are few we can even worship.
      Cheers..!!

      Delete
  25. Meheth ohommama thamayi ban.. MRI ekak ganta kiwwa. GP langata giyahama ugen 2013 indala beheth gaththe ne kiyala wena GP ekek langata yanta kiwwa. U register wenna appointment eka dunne 2 weeks walin. Aye 2 weeks walin begeth ganta appointment ekak dei. MRI eka karaganna wenne merunata passe thamayi. Hayyo samanthi...!!!

    ReplyDelete
    Replies
    1. awulak ne ban.. issarahata thawath thaththe darunu misak honda wena patak ne... eth amathaka karanna be sabe MINISSU th me feild1 inna bawa
      Jayawewaa..!!

      Delete
  26. මේ ඔය කියන්නේ අර මාලබේ තියන ප්‍රයිවට් හොස්පිට්ල් එක නේද? ඕකට ඒ පැත්තේ අය යන් නෑ එච්චර මොකද ඇඩ්මිට් වෙන්නේ ගියොත් රටේ නැති ටෙස්ට් කරලා තඩි බිල් දාන නිසා.

    ඒ වගේම උඹ ලැබ් රැට් වගේ වෙන්න ඕන නෑ. සමහරවෙලාවට පරන ඩොකාලට වඩා අලුත් ඩොකාලා හොඳයි. මොකද දැනුම අලුත් නිසා. මෙඩිසින් කියන්නේ මෙඩිකල් ෆැකලිටි යන උන් ඒකෙන් අවුට් වෙද්දි ඉගෙන ගත්ත දැනුම පරන වෙන ෆීල්ඩ් එකක්.

    දැන් ඒකේ ඉගෙන ගන්න ලමයි ප්‍රොෆාලටයි කන්සල්ටන්ට්ලයි බය කරන්ද ඉන්නේ? දෙයියන්ගෙම පිහිටයි එහෙනම්.

    ඒකේ ඉන්න ලමයින්ට (එයාලගේ දෙමාපියන්ට ) ධනය විතරක් නෙමේ බලයත් තියනවා. දේශපාලන බලයත් එක්ක. ;)

    ReplyDelete
    Replies
    1. ඇනෝ කියපු කාරණා ඔක්කොටොම එකෙන්ම එකඟයි.
      ජයවේවා..!!

      Delete
  27. ගස් අය්යේ බෙහෙත් ටික හරියට කොර ගනින් එත් එක්කම කෑම බීම පාලනය කොරපන් ...
    බලහන් දැන් බඩ ගෙඩියේ හැටි ... හැක හැක

    ReplyDelete
    Replies
    1. බෙහෙත් නං බොනව ඉතින්... බඩගින්නට නොකා ඉන්නෙයි කියන්නෙ? කොයි වෙලේ ගැස්සිලා යයිද දන්නෑ.. බොන්නත් නැති එකේ තියන දෙයක් කන්නවත් එපැයි බං.. හෙහ් හෙහ්.. එක ඩෙනිමයි ඕයි අඳින්න ඉතුරුවෙලා තියෙන්නෙ.. ඔක්කොම ආයෙත් මදි.
      ජයවේවා..!!

      Delete
    2. ඇගේ බරත් ලෙඩක් වෙයි ඒ හින්ද පොඩ්ඩක් පාලනය උනා නම් තමා හොද

      Delete