Saturday, December 5, 2015

'ලයිට්නිං රොක්ස්'


'හ්ම්ම්.... ලයික්ස් සීය පැනලා.'
පහන් ට හරි සතුටක් ආව පැයක් ඇතුලෙ ලයික් සීයක් ගන්න තරම් ෆේක් ලෝකෙ 'පොරක්' වෙන්න හැකියාවක් ලැබීම ගැන.
ඒ මදිවට කොමෙන්ට් වැටෙන්නෙ පෝලිමට.
'ලයිට්නිං රොක්ස්' පහන්ගෙ ෆේස්බුක් ෆේක් එකවුන්ට් එක.
දවසෙන් දවස බොහොම අමාරුවෙන් ගොඩනගා ගත්තු ප්‍රොෆයිල් එක.පැය විසිහතරම ලයික්,කොමෙන්ට් වැටෙන ඒ වගේම ගොඩක් පෝස්ට් වලට මෙන්ශන් වෙන ප්‍රොෆයිල් එක.

සකර්බගා පිට පිට හදාගත්තු එකවුන්ට් වලට කෙලිනකොට සැලෙන්නෙ නැතිව තමන්ගෙ නම කොන්ටිනිව් කරපු එක අපතෙ ගියේ නෑ.
කොටින්ම ඊ මේල් අකවුන්ට් හදන්න වෙනම සිම් එකකුත් ගත්තා.
හෙහ්.. පැයට ලයික් සීයයි.රජ උනා වගේ යකෝ....

'අම්මියෝ... ෆීලිං හැපී යකූ..!'

ලයිට්නිං රොක්ස් ස්ටේටස් අප්ඩේට් කලා.

ඕ ලෙවල් විභාගෙ හිංදා වැඩිය සෙල්ලං දාන්න නම් බැරි වෙයි.ඒත් විභාගෙ වෙනුවෙන්ම දාගත්තු හෙයා කට් එකේ ෆොටෝ එකක් දාන්න ඕනෙ.
තමුන් හෙයා කට් එක කොපි කරගත්තු නළුවගෙ ෆොටෝවක්ම පොඩි එඩිට් පාරක් දාල පෝස්ට් කරලා දැම්මා.
වැදගත්ම දේ තමයි 'ලයිට්නිං රොක්ස්' අබිරහස් චරිතයක් වීම.
මලාට වත් තමුන්ගෙ රියල් ෆොටෝවක් ෆේක් එකේ නොදාන්න පහන් පරිස්සම් උනා.

ඒත්.......

විභාගෙ ඉවර වෙලා හම්බුනු නිදහස් කාලය ගෙවිලා ගියේ හරි වේගෙන්..
අප්ඩේට්ස් දාන්න ඕන නිසා හැමදාම අලුත් දේවල් ඕන කලා.
ඩප්පියක්,පැණියක්,ඔතපු පැට්ටෙක් අතේ තියාගෙන වගේ 'අමුතු' ෆොටෝස් දාන්නත් ඒ වගේම ලොකු ටෝක් දෙන්නත් 'ලයිට්නිං රොක්ස්' පුරුදු උනා.

කවුරුත් ගේමකට නම් ආවෙ නෑ.
වචනයක් මිස් උනත් විනාස කරලා දාන්න තරම් චක් ගෝලයො රංචුවක් තමුන් වටේ දැං නම් ඇත්තටම ඉන්නවා කියලා හිතෙනකොට පපුව පිරෙන්න හුස්මක් ගන්න පහන් අමතක කලේ නෑ.
ඉස්සර නම් කෙල්ලොංගෙ නම් වලිනුත් පහන්ම අකවුන්ට් හදාගෙන 'ලයිට්නිං' නෝටියාත් එක්ක තලහා වෙවී හුලතල් වෙලා ප්‍රමෝට් කරගත්ත හැටි හිතෙනකොටත් හිනා... හෙහ් හෙහ්...


ඒ මොනා උනත් මේ ටික කාලෙක ඉඳන් චැට් කරන 'සෝස බබී' පහන් ගෙ හිත ටිකක් හොලවන්න සමත් උනා.
ටිකෙන් ටික පැයෙන් පැය බබී එක්ක චැට් එක වැඩි උනා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන්ම වෙනම අකවුන්ට් එකක් හදාගන්නත් දෙන්නම පියවර ගත්තා.
මොකද 'ෆේක්' ලෝකෙ එයාලා ගොඩ නඟාගත්තු කීර්තිනාමය(?) නැති වෙනවට දෙන්නම කැමති උනේ නෑ.

කියන විදිහට නම් 'බබී' සිරාවටම පොශ් කෑල්ලක් වගේ.
ලොකු කමකුත් නෑ හැබැයි.
රජයේ සේවකයො වෙච්චි පහන්ගෙ දෙමවුපියන්ට වත් තාම වාහනයක් ගැන හිතාගන්නවත් බැරි උනාට
'ෆීලිං ක්‍රේසි' කියලා බබී අප්ඩේට් කරන්නෙ බී.ඇම් සුක්කානම් අල්ලගත්තු ෆොටෝස්.
මොනා උනත් 'බබී' ගැන කාටත් නොකියන්න පහන් හිතාගත්තා.
අමුතු අමුතු කවි කෑලි 'ලයිට්නිං රොක්ස්' පෝස්ට් කලත් වැඩි විස්තරයක් කාටවත් කිව්වෙ නෑ..



ගෙදරට දාහක් බොරු කියලා හෙට කොළඹ යන්න සෙට් කරගත්තෙ මොන ගේමක් දීලද...?
පහන්ට මොනව උනත් දෙගිඩියාවක් නොදැනෙනවත් නෙමෙයි.
දඹදිව ගිහිං ආපු ලොකු අම්මා ගමනේ වරුනාව අම්මත් එක්ක කියවන ගමන් එහෙං ආරංචි උන ඕප කිලෝ පිටිං අතාරින අතරෙ කියපු කතාවක් සැරින් සැරේට පහන්ගෙ හිත උඩට මතු උනා.
ළමයිව රවට්ටගෙන ගෙනිහිං වකුගඩු....,ලේ.... අරගෙන විකුණන ජාවාරම් එහෙම බර සාරෙට එහෙ තියනවා කියල කියපු කතාව,  තනියම..,නොදන්නා නගරෙක..., නොදන්නා කෙනෙක්ව... මුලින්ම හම්බවෙන්න යන පහන්ගෙ හිත හෙල්ලුවත්.,
'බබී' ගෙ චැට් එක ඒ ඔක්කොම පසුගාමී හැඟීම් වේලලා කර කරල ම දැම්මා.


වාව්.... වට ෆකිං ඕසම් ෆීලිං.......!!!

ජොයින්ට් ගැහුවට හෑශ් පාරක් පහන්ට සෙට් වෙලාම තිබුනෙ නෑ.
'සෝස බබී' එක්ක,
ලොකු හෝටලේක....
ලොකු කාමරේක.....
ලොකු ඇඳක....
 ඒසී දාගෙන තුරුළුවෙලා බබීගෙ කටින් රොක්ස්ට දාපු චයිනීස් පාර තරම් ෆීලිං එකක් පහන්ට ආයෙ දැනිලම තිබුනෙ නෑ..

වාව්.....!!

කොළඹ ගමන් වැඩි උනාට ඇඳුම් පැලඳුම් වෙනස් උනාට ගෙදර ඇත්තන්ට ඒ වෙනස එච්චර මීටර් උනෙ නැත්තෙ ඒ ලෙවල් ක්ලාස් යනව කියලා ලේසියෙන්ම ගෙදර ශේප් කරගන්න පහන්ට හැකියාවක් තිබුනු නිසා.

ඒත් වැඩියෙන්ම දවස් ගෙවුනෙ කාගෙ කවුද? ඉන්නෙ කොහෙද? වෙන එකක් තියා ඇත්ත නම වත් මොකද්ද කියල දන්නෙ නැති (වැඩකුත් නැති.) 'සෝස බබී' එක්ක එක එක ජාතියේ හෝටල් වල කියල දැනගෙන හිටියෙ පහන් ම විතරයි.


දවසක් ගෙදර එනකොට පහන්ගෙ මේසෙ උඩ ලියුමක් තියෙනවා.
එවල තියෙන්නෙත්.......ආ... ගිය මාසෙ ගමේ කොල්ලො සෙට් එකත් එක්ක එකතුවෙලා පංසලේ කරපු ලේ දන්දීම ට ස්තූති කරලා වෙන්න ඇති.
තමුනුත් ලේ දන් දීපු ඒ වැඩසටහන නැගලම ගියා විතරක් නෙමෙයි
 'ගමට රටට වැඩදායී තරුණයෙක්'  විදිහට ලොකු හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම පහන් ගැන හැඳින්වීමකුත් දෙන්න තරම්ම සාර්ථක උනා.
ඒක ඕගනයිස් කරන්නත් එක එක ආයතනත් එක්ක ලියුම් ගනුදෙණු කරපු නිසා මේ ලියුමටත් ගෙදරින් වෙනම වටිනාකමක් ලැබිලා තිබුනෙ නෑ..


වට්..? හෝලි ශිට්...!


පහන්ට නිකන්ම කියවුනේ කවරෙ ඇතුලෙ තිබුන ලියුමෙ ලෙටර් හෙඩ් එක දැක්ක ගමන් මයි.


'ජනන ඉන්ද්‍රිය මඟින් බෝවන රෝග පාලනය කිරීමේ ඒකකය'

70 comments:

  1. ඔන්න ඔහොමය් උනා කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං අයියණ්ඩි.... මෙව්ව තමයි දැං මෙහෙ වෙන්නෙ.
      ජයවේවා..!!

      Delete
  2. Uuta den daanna wenne FEELING FUCKING AWESOME kiyala thamayi.. Hayyoo Damayanthi..!!

    ReplyDelete
    Replies
    1. Damayanthith ethenta yawala balanna kale hari Tikko...
      heh heh..
      Jayawewaa..!!

      Delete
  3. කතාව ලස්සනට ගොඩනගල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්කෝතුයි ලලිත්.
      ජයවේවා..!!

      Delete
  4. අර මාතලන් ගෙ බොග් එකේ හිටි ඇනෝ කීවා වගේ රෝග ලක්සන ගූගල් කරලා තම්බ් ඩ්‍රයිව් එකෙක් පු-- ගහගත්තානම් ජනන ඉන්ද්‍රිය සනීපවෙනවනේ අෆ්ෆා!!

    ReplyDelete
    Replies
    1. සා.....රස,ඔහේ නං කියයි.HIV පැතිරෙනවා රිදෙන්න.පොඩි එවුන් අතර තමා වැඩි වෙන්නෙ.බලල මක්ක හරි ලියහංකො.. උඹ ඩොකෙක් උනත්,ගුරුවරයෙක් උනත් ලියන්න පුලුවන් කෙනෙක් විදිහට නිකං මෙව්ව දැක දැක අහක බලන්න එපා මිත්‍රයා.
      ජයවේවා..!!

      Delete
    2. සා.....රස
      බලපන් ගස් ලබ්බාගේ ඉල්ලිම..ටොක්කක් ඇන්නා වගේ..

      Delete
  5. ඕ ලෙවල් "රොක්ස්" ලගෙයි ඕ ලෙවල් "ඒන්ජල්" ලගෙනුයි බුකිය පිරිල.. මල වදයක් අප්පා... අහලපහල ගෙදරක කොල්ලෙක් ඕ ලෙවල් ලියන්න කලින් ඇහි බැම හදාගන්න සැලුමකට ගියා කිව්වොත් උඹ විශ්වාස කරනවද? කොල්ලෙක්?!!!... සිරාවට කියන්නෙ.. සැලුම කරන අක්ක කිව්වෙ.. මාත් විශ්වාස කලේ නෑ.. මුලිච්චි උනු වෙලාවක බැලුව.. සීන් එක ඇත්ත... ඔන්න දැන් තරුණ පරපුර... අපේ වැඩපලේ වැඩකරන පොරක් කිව්ව උගෙ කොල්ල ඉස්කෝලෙ ගිහිං ඇවිත් කලිසම ගලවන්නෙ කකුලට ශොපිං කවරයක් දාල ලු.. ඒ තරමට ෆෝලඩ් එක පුන්චියිලු... මාත් දැකල තියනව බට කුඹල් වගේ කලිසම් අඳින එක තමයි දැන් කොල්ලන්ගෙ ට්‍රෙන්ඩ් එක.. කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් එනව... ඒක ඇත්ත... අපේ කොළු කාලෙත් ඔව්ව තිබ්බ... හැබයි මෙහෙමත් එකක් තියනව.. කොයි කාලෙත් කොල්ලො ආස උනේ හොඳට ඇඟපත හදාගන්න.. රැව්ල වවන්න. එක එක රැවුල් විලාසිතා දාන්න.. කොටින්ම කෙල්ලො කැමති උනේ පිරිමි පෙනුම තියන හැඩි දැඩි කොළු පෙනුම තියන ගැටයින්ට.. ඒකට දැන්.. ජස්ටින් බීබර්ල වගේ ,අර අනන්තයෙන් ආපු තරු කුමරා වගේ ගෑනු පෙනුම තියන එවුන් වෙන්නයි කොල්ලන්ගෙ ට්‍රයි එක... ඉස්සර ෆොල්ඩ් එක හිරට තියන ඇදෙන මෙටීරියල් වලින් මහපු කිටි කිටි කලිසම් ඇන්දෙ කෙල්ලො.. දැන් කොල්ලො එව්ව අඳින්නෙ.. කෙල්ලොත් ඒ වගේ එවුන්ට කැමති ඇති.. අපට මොකෝ.. කරුමෙ කියන්නෙ අපට හරියන ඩෙනිමක් ගන්න නෑ දැන්.. තියෙන්නෙ ඔක්කොම අර මකබාවල්... අද බැරිම තැන ලිවයිස් ඩෙනිමක් බැලුව.. 10,000යි... අපේ උන්දැ අරන් දෙන්න හැදුව මාගාව සල්ලි නොතිබ්බ නිසා... මොන මගුලක්ද.. කාගෙ උනත් සල්ලිනෙ... නිකං ආව එන්න.. හිතේ දුකට මචං මෙච්චර ලිව්වෙ අද හවස වෙච්ච වැඩේට...
    උඹේ පෝස්ටුව එලකිරි... ජයවේවා..රොක්ස්ට ඉතිං වෙන්නෙ පිඹ පිඹ ඉන්න තමා...

    ReplyDelete
    Replies
    1. සිරාවට සජ්ජො,ඇඳගෙන ඇවිදින්න ඇහැකි ඩෙනිම් කෑල්ලක් හොයන එකට වඩා ලේසියි කෙල්ලට සාරියක් අරන් දෙනවා.. මෙව්ව ඇඳගෙන යනකොට බල්ලෙක් වත් පැන්නුවොත් තමයි වැඩේ.
      දැං කාලෙ කෙල්ලො හොඳයි බං එක අතකට.මේ කොළු භාග රැල්ලත් නැගල යනවා.දේදුනු ලෝකෙනෙ බං.
      ඕන ෆැශන් එකක් කරාට අවුලක් නෑ.අපිට පෙනෙන හැටිත් අවුල් ඇති.ඒත් දැං ඉන්න රොක්ස් ලා ඒන්ජල් ලා අම්ම අප්ප උගස් කරලා හරි රී ලෝඩ් දාන,සැලුන් යන සම්ප්‍රදාය නං අවුල්.උඹ අර පීසා හට්,කේ.එෆ්.සී ගැන ලිපියක් දාල තිබුනෙ.ආයෙ කියන්න දෙයක් නෑ නෙ.
      ලොකුම දේ තමයි මුං රේන් කෝට් එකක් ගැනවත් දන්නැතුව පල් වලවල් ඉහින්න යන්නෙ.ඒක නම් අවුලක් වෙනව මචෝ රිදෙන්නම..
      ජයවේවා..!!

      Delete
    2. සඡ්ඡා
      එල ද බ්‍රා කතාව

      Delete
    3. අනේ බං අපේ උන්දැ මටත් මේ ලගදි ඩෙනිම් තුනක් ගෙනත් දුන්නා . අදින්ඩ බැ බං කොච්චර ඉස්සුවත් පුක පල්ලට බහිනව මදිවට ඇට දෙකත් ඇබරෙනවා

      Delete
    4. සජ්ජො දාහං දහයක්ම!

      අටමො උඹත් දාහං පහක් වත්...

      දැං ක‍ඩේකට ගිහිං ෂර්ට් එකක් ටයි එකක් ගන්න බෑ මගුල, ඔක්කොම තියෙන්නෙ නව රැල්ලෙ නරිවාදං ඇඳුං.

      Delete
    5. කියල වැඩක් නෑ බං....ඉණ කියන්නෙ දැන් ඉන්න එවුන්ට පුකෙන් බාගයක් පේන මට්ටම. පුකෙන් එල්ලෙන්න කලිසම් අඳිනවා කියලයි තාත්ත කියන්නෙ. ඇත්ත කතාව. දැන් තියන කලිසම් එහෙම ඇන්දෙ නැත්තං බිජ්ජ හිරවෙනව.දැන් ඉන්න එවුං අඳින ඩෙනිම් වල පාටවල් බලපන්..ස්ට්‍රෝබෙරි, ෆ්රුට් ආණ්ඩ නට්, මැන්ගෝ, අයිස්ක්‍රීම් පාට... කෙල්ලො ඔව්ව ඇන්දෙ ඉස්සර. අනිත් එක දැන් ඉන්න එවුන්ට ඩෙනිමක් , කලිසමක් ඇඳල නැවෙන්න බෑ.. ටී ෂර්ටුත් කොට නිසා පුක එළියේ. කොච්චර අප්‍රසන්නද...ඔව්ව මුන් ට්‍රෙන්ඩ් විදියට ගත්තෙ වැරදි තැන් වලින්. පුකෙන් එල්ලෙන්න කලිසම් අඳින්නෙ ඇමරිකාවේ සමලිංගික හිරකාරයෝ. අලුත් ඉන්මේට්ල ආවම ඒ බව අඟවන්න.. කොලුකමට ආකර්ෂණය කරගන්න. ඊට පස්සෙ ගැන්ග්ස්ටර් රැප් කරන එවුං ඒ විදියට ඇන්ද. ඒ දේවල් අපේ හිපාටුවො ෆලෝ කළා මෙලෝ මලදානයක් දන්නෙ නැතුව..

      Delete
    6. සිරාවට... ඇමරිකාවෙ ප්‍රංශෙ ගණිකාවො තමා ටයිට් ජීන්ස්, අර නිකර් එකේ වාටිය පේන්න අඳින එක එහෙම කළේ. ඊට පස්සෙ තමන්ගෙ දෙමාපියොන්ට විරෝධය පෙන්නන්න ටීන් කෙල්ලො ඒ ෆැෂන් එක කරන්න ගත්තා. ලංකාවෙ උං ඒ ෆැෂන් එක අන්ධ විදිහට අනුකරණය කරන ගමං, ඒක වහගෙන ඉන්නත් ට්‍රයි කරනව. දෙබිඩි ෆැෂන්...!

      Delete
    7. දවසක් උප නාගරික තැනක හෝටලේකිං උදේට කංට වාඩිවුණා. ඉස්සරහ මේසෙ කොල්ලෙක් කනවා මට .... හරෝගෙන ඔය කලිසම් බාගෙකිං. මුදලාලියට මං කිව්වා මිනිස්සු කන්න එන්න ඕනිනං හෙළුවෙං කන එක නවත්තන්න කියලා, ඇගිල්ලෙං පෙන්නුවා, නැගිට්ටා, ගියා.

      Delete
    8. සිරාවට.. කන්න හිතෙනවද අපායෙ දොරටුව පෙනෙද්දි...

      Delete
    9. ඇයි බං කෙල්ලො බයිසිකලේ පිටිපස්සෙ ඉදගෙන යනවා පෑන්ටියෙන් බාගයක් එලියේ ඒකෙත් උඩ වාටිය (Waist band ) එක ගැලවිලා ඉරිලා පුස්කාලා..අප්පිරියයි..

      Delete
    10. @අටං..
      ඔහේට නං මොකෝ.. අක්කට කියලා නිකංම හදව ගබ්බ ඇහැකිනෙ.
      @ඩ්‍රැකී
      ඔල්ඩ් ෆැශන් නං නෑ සර්.අපි ලඟ තියෙන්නෙ අලුත් බඩු විතරයි කියනවා අහපුවාම.
      @සජ්ජ,ඩ්‍රැකී
      දැං ඉතින් මාකට් වෙන්නෙ දෙබිඩි සීන් එක නෙ.
      @මධූ
      කළු ගැහුනු මයිල් එලියට පැනපු පුක් භාග වල් කාපුවා එලියට ගන්න නම් හොඳයි.
      @මෙණ්ඩා
      උඹ නම් අවුලෙන් කියන්නෙ.උඹලගෙ බිස්නස් එක නග්ගගන්න.. හෙහ් හෙහ්...

      Delete
  6. ෆීලින් ෆකින් ඕසන් තමයි.. නෙද්දකින් අපේ පවුලේත් හැදෙනවා තුන් හතර දෙනෙක්. මන් දැක්කම හැංගෙනවා.. එන්නේ නෑ මුණ දෙන්න.. එකෙක්ව නම් බලෙන්ම අල්ලලා දැම්මා නයිටා එකේ ට්‍රේනින් එකකට.. තව රොක්ස් ල දෙන්නෙක් ඉන්නවා උන්ගේ අම්මලා අප්පලා ගේ හුරතලේට වහන් වෙලා.. මන් කියලා තියෙන්නේ මහා එවුන්ට පස්සේ අනේ අපොයි කියන්ට එපෝ කියල..

    ReplyDelete
    Replies
    1. යේස් කමි..අම්මලා අප්පලා හුරතල් කොරනවා.අන්තිමට පොලිස් ගුටි කනකොට තමයි තේරෙන්නෙ.අන්න කමියෝ ආමි එකෙන් කොරපු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලටත් කෙලවෙලා වගේ.කොල්ලො යන්තං බයට හරි හැදුනා.බුරුතු පිටිං එලියට එවනවා.
      කේ.ජී වාට්ටුයි අරකයි මේකයි.... මුංට ළමයෙක් හදාගන්න ජිංතු ඉතිරිවෙයිද මංදා.ටීවී එක බලවත් වෙලා තියෙන තරම තමයි.
      ජයවේවා..!!

      Delete
  7. මගේ මල්ලිත් මේ පාර 2015 ඕ ලෙවල් ලියනවා. ඒ හින්දා ටිකක් වැඩිපුර දැනුනා... අපි නම් ඉතින් කොළොඹට හුඟක් දුරින් . හරිම ලස්සනට ලියලා.

    ReplyDelete
    Replies
    1. කොළඹට දුරයි කියල නම් බේරෙන්න බෑ මචෝ.... මොකද ඔය ලියල තියෙන සමහර සිද්ධි කොළඹින් ගොඩක්ම දුර ප්‍රදේශ වල ඇත්තටම සිද්ධ උන දේවල් කිව්වොතින් පිලිගන්න පුළුවන්ද?ඒත් ඒවා එහෙම උනා.
      ජයවේවා..!!

      Delete
    2. හ්ම්ම්ම් දන්නවා. මා ළඟ තියෙන්නෙ රුපියල් 2000 ක් හෑන්ඩ් ෆෝන් එකක්. නංගි මට වඩා අවුරුදු 7ක් බාලයි. එයා ගත්තෙ 8000 ක ෆෝන් එකක්. මල්ලි ගත්තෙ 24000 ක් ෆෝන් එකක්. එයා නන්ගිට වඩා බාල අවුරුදු දෙකහාමාරයි. යුග පෙරළියක් කියන්න බැරි තරම් අපි ( අළුත් පරම්පරාව ) නමුත් ඒ දෙන්න එක්ක " අප්පෝ අක්කි හරි චා..." මට අමාරුනම් එයාල එක්ක එකතු වෙන්න අද කාලෙ අම්ම තාත්තල හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඉතින් අපි කිට්ටු නොවී කොහොමද අපේ ප්‍රශ්න විසඳගන්නෙ?

      Delete
  8. ෆකිං ඕසම් ම තමයි.
    මටත් පේන්න බැරි සෙට් එකක් තමයි ඔය එෆ්බී එකේ 'ඕනවට වැඩිය' ‍හුරතල් වෙන්න යන උං.

    ඔය ලිංගික වැඩේටනං මාධ්‍යවල හොඳ ප්‍රචාරයක් දෙන්න ‍ඕන. නිකං බොරුවට එක දවසක් විතරක් ඕක ගැන කතාකරල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනී... උයාටත් පෙනෙන්න බයිද ප්‍රස්....
      මුංගෙ මුල් ළමාවිය සංවර්ධනයේ අවුලක් කියලයි ගස්ලබ්බට හිතෙන්නෙ.
      තව එකක්. දැං බුකියෙන් සෙට් වෙලා හම්බ වෙන්න යන කපල් ගොඩක් උන්ගෙ නිරුවත චැට් හරහා හුවමාරු කරගෙන අහවර වෙලයි යන්නෙ.ඉතිං අත් අල්ල අල්ල පාක් ගානෙ කාලෙ නාස්ති කරන්න මුං කැමති නෑ.අඩුමකාලයකින් වැඩිම වින්දනයක් හොයන්නෙ.ඇයි ශෙඩියුල් ඔක්කොම හෙන ටයිට් නෙ.
      ආරක්ශිතව ලිංගික හැසිරීම් ගැන දැනුවත් වීම සහ ඒ සඳහා පහසුකම් ඇති නොකරන තාක් සමාජ රෝග සහ ගබ්සා අඩුකරගැනීම හීනයක් වෙයි.සාරධර්ම ගැන කිය කිය ඉඳලම හරියන්නෙ නෑ දැං.
      ජයවේවා..!!

      Delete
  9. මූණුපොත පැත්තේ යන්නේ බොහොම කලාතුරකිනි. හරවත් දෙයක් මූනුපොතේ දකින්නෙත් කලාතුරකිනි.

    ReplyDelete
    Replies
    1. සමහර ගෲප් නම් තියෙනවා යමක් කතා බහ වෙන.ඒත් ඒවත් සමහර වෙලාවට ඉවර වෙන්නෙ ටොයි,බයි සීන් ඇදිලා.කාලය කන්න තමයි බුකිය ගොඩක්ම පිහිට වෙන්නෙ.හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  10. සිරාවටම ෆට්ට යකු....
    කතාවක් නොවන යථාර්තයක්..නිකරුනේ වටින ජිවිත විනසකරගන්න කොල්ලෝ අතරේ උවමනාවෙන්ම පිරිමි කෑම විනසකරගන්න කොලු බාග අනන්තයි..
    මට නම් මුඋනු පොතේ අරහන්..දන්න උන්ව විතරක් add කරන් තියන් ආවා පොර්ෆ්යිල් එක බොලොග් ලියන්න අවාට පස්සේ ෆෙර්ක් අයට විවුර්ත කලා..හැබැයි ඒ උන් ලයන ඒවාට අසාවෙන් මිසක් උන්ට අසාවෙන් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆෙසර් කාලෙකින්.... මේවා කතා කරන්න වෙනව ලඟදිම.. එලිපිටම.
      ජයවේවා..!!

      Delete
  11. ආයෙ කොමෙන්ට් වැටුනොත් උත්තර දෙන්න ටිකක් පමා වෙයි.. පොඩි ගමනක් යනවා.ඇවිත් උත්තර දෙන්නම්.අදහස් කියල යන්නකො...
    ජයවේවා..!!

    ReplyDelete
  12. අපිත් ඔහොම තමයි ලයික් එකක් කොමෙන්ට් එකක් වැටෙන කොට...
    පට්ට හැපියි බන්...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආසයි තමයි.ඒත් ලයික්,කොමෙන්ට් ම ටාගට් උනොත් වල්මත් වෙනවා නේද මචං..?
      ජයවේවා..!!

      Delete
    2. එකෙන්ම එකෙන්ම

      Delete
  13. මූහුනු පොත හින්දා සමාජයට මූහුනු දෙන්න බැරි වෙන පිරිස එන්න එන්නම වැඩි වෙනව වගේ...

    ReplyDelete
    Replies
    1. මුහුණු පොතයි,ටීවී එකයි සෙට් වෙලා හැදෙන උප සංස්කෘතිය මාකටිං කාරයෝ හොඳට නග්ගලා ගන්නවා.ජීවිතේ වැඩි අත්දැකීමක් නැති පොඩි උං මේ රැල්ල ඇතුලෙ වල්මත් වෙනවා.ඕකයි තිත්ත ඇත්ත මනෝ.
      ජයවේවා..!!

      Delete
  14. ලබ්බ උඹ දන්නේ නැද්ද ප්‍රසාටත් එහෙම කේස් එකක්..

    ReplyDelete
    Replies
    1. යකෝ..දේශා තමන්ගේ ලෙඩේ නිවුන් සහෝදරයාගේ පිටින් දාන්න එපා..
      උඔට ඔච්චර ලොකු ලෙඩක් තිබිලත් සහෝදරයා උඔව නෝන්ඩි කරේ නෑ..

      Delete
    2. @දේශකයා
      ඒ හිංදාද දන්නෑ ඔහේ හැම වෙලාවම මූණ හංගගන්නෙ?
      @මෙණ්ඩා
      අන්න බලපං.. අර ගිරවු දෙන්නගෙ කතාව වගේ.දේශා ඉඳලා තියෙන්නෙ නරක මිනිස්සු ළඟ.ප්‍රසා අපි ලඟ. හෙහ් හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  15. එල ද බ්‍රා වගේ ලියලා..

    මෙයාලා රටක් ලෝකයක් ගැන කොහම දැන ගන්නද බං..මගේ නංගිගේ පුතා ඌ ක්‍රිකට් ගහන්නෙ කම්පියුටරෙන්..
    සුදුවෙන්න කියලා යෝගට් අලිපේර මුනේ ගානවා..
    මට ඌ කරන වැඩ දැකලා මට හිතුනා මුට අඩගහලා බලන්න මු දෙකටම නැති එකෙක්ද කියල...

    ReplyDelete
    Replies
    1. මෙණ්ඩො..,ඔය යෝගට් අලිපේර මූණෙ ගාන නව යෞවන වියේ එවුන් ඕන රැල්ලකට ගහගෙන යන සූකිරි පෞර්ෂ වෙන එකයි දුක මචං.හරියට ප්ලෑන් කළොත් රවට්ටන්න ඇහැකි රොත්ත බුරුත්තම පිටින්.
      ජයවේවා..!!

      Delete
  16. නෑගී එන තරුන පරම්පරවට එහෙම අපහාස කරන්ඩ එපා ඩෝ!!! උන් තමා හොයාගත්තෙ අහසෙ දෙවියෝ නෑ කියලා!!! අනික අහලා ඇතිනේ "my life my rules"!

    ReplyDelete
    Replies
    1. 'නැගී' එනව නම් අවුලක් නෑ රූපේ.... එහෙනං අවුලක් ඇත්තෙම නෑ..හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. අප්පට සිලි! ජනනේන්ද්‍රියටත් බඩුද?
    උඹලා මෙහෙම හරි මේවා ගැන ලියන එක වටිනවා. කවද්ද බං අපේ රටේ මේ පැත්ත ගැන අධ්‍යාපනේ කළු පෙට්ටියෙන් එළියට ගන්නෙ? එතකං ඉතිං බඩුම තමා.

    ReplyDelete
    Replies
    1. අර බටනලා කවිය වගේ කවි ටිකක් ලියමුකො සැර වැඩි කරලා.. කොමෙන්ට් වලිං ඉතුරු ටික කතා වෙයි නෙ.බොලාගෙ බ්ලොග කියවන පොඩි එවුන්ට අයිඩියාවක් ගන්නත් එක්ක.. මොකෝ කියන්නෙ මධූ..??
      ජයවේවා..!!

      Delete
  19. අධ්‍යාපනේ සහ පරිපාලනේ ආත්තම්මගෙ පෙට්ටගමෙං එළියට අරං බලද්දි ලෝකය මැරතන් එකකුත් දුවල ඇවිත් හති දානවා. හැම මුදලාලියෙකුටම ඕනෙ මොකක් හරි පිඹුරු හැවක් අරං ඇවිත් විකුණගන්න. ටීවීත් එකයි, ආගමත් එකයි. සමාජයට මොකද වෙන්නෙ කියල හිතන් නෑ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඩ්‍රැකී... ගුරුවරුන්ටත් ෆෝම් පුරවන්නයි,වාර්ථා ලියන්නයි ගියාම ළමයට සමීප වෙන්න වෙලාවක් නැති වෙලා.ඉතිං කොහොමද ළමයෙකුගෙ වෙනස වත් නෝට් වෙන්නෙ? ළමයි ගෙදර ඉන්නෙ නිදාගන්න විතරයිනෙ.අනිත් වෙලාවට ටියුෂන්.දෙමවුපියන්ට කොරන්න දේ කුත් නෑ.ළමා පරපුර ගැන පාස්ටර් ප්ලෑන් එකක් නැති එකේ අඩුව තමයි මචෝ..
      ජයවේවා..!!

      Delete
  20. මුහුණු පොතට තිත තිබ්බට නිකමට වගේ යැවෙනවා...හැක්.... සුපිරී ලියවිල්ල ගස්ලබ්බෝ

    ReplyDelete
    Replies
    1. මුනූ පොතේ වැරැද්දක් නෑ ශානු..

      Delete
    2. ශානු මුහුණු පොතට තිත තැබීම = ගස්ලබ්බා මතට තිත තැබීම.
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
    3. @මෙණ්ඩා
      ඔව් බං... භාවිතයේ වැරැද්දකුයි තියෙන්නෙ.

      Delete
  21. ලස්සනට ගොඩනගපු කාලීන මාර්තෘකාවක්... ප්‍රශ්නය එන්න එන්නම සංකීර්ණ වෙනවා බන්. දැන් මේවට තහංචි දානවට වඩා හොඳ රෝග බෝවෙන්නේ නැතිවෙන්න අහවල් වැඩේ කරගන්න එක ගැන යොවුන් වයසේ හිටන්ම දැනුවත් කරන එක. දෙමාපියන් දරුවෝ ගැන හොඳ අවදානයෙන් ඉන්නවනම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. එත් බහුතරයක් දෙමාපියන් ආර්තිකෙත් එක්ක රේස් දුවන නිසා ළමයි ගැන හොයන්න වෙලාවක් නැහැ. දරුවෝ වෙනුවෙන් කියාගෙන දුවන රේස් එක ඉවර වෙලා දරුවෝ ගැන හොයනකොට පුත්තු නම් උන් අහල පහල ගෑනුන්ට දරුවොත් හදල . දුවල නම් කාට හරි කියල දරුවෝ හදාගෙන නැතිත් කරලා.

    ලංකාවේ නැති නිසා වර්තමාන විලාසිතා ගැන අවබෝධයක් නැහැ. එත් මේ පොස්ට් එකෙන් ඒ ගැනත් යම් යම් දේවල් දැනගත්ත කමෙන්ට්ස් ටික කියවල.

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක අම්බලන්ගොඩයෝ.. දැං මේවා හංගන්න කාරි නෑ.මොකෝ කොහොමත් කෙරෙනවා.ඇබෝශන් රේට් එක අඩු කර ගන්න,ලෙඩ පැතිරෙන එක අඩුකරගන්න වත් හරි හමං ඩ්‍රයිවිං ස්කිල්ස් ගැන දැනුවත් කොලා නම්,පහසුකම් සුලභ කලා නම් හරි කියන එකයි ගස්ලබ්බගෙත් අදහස.
      ජයවේවා..!!

      Delete
  22. deep subject ekak, aasawen kiyawannath (godaak ayata) depaarak hithannath ooni widiyata keyboard eka lassanata hasurawala. sena...

    ReplyDelete
    Replies
    1. Thank you Sena... agaya kireema shakthiyak..
      jayaweiwaa..!!

      Delete
  23. අපි තාම පොඩි ලමයි බැවින් සහ ටොපික් එක බරපතල වැඩි බැවින් ඒ පිලිබද කිසිත් නොකියමි.බරපතල ටොපික් එක වුනත් සරල ලෙස ලිවීම අගය කරමි.

    දන්න එකෙක්මි.

    ReplyDelete
    Replies
    1. ආ.... උඹද? පොඩි? කොහෙද?
      මම දන්න උඹේ කතාවෙත් බුකිය ටිකක් බරට ගෑවුනු වෙලාවල් තිබුනද මංද.. හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
    2. එහෙම තමයි ඒක හරියට යුස් කරොත් ගොඩ....

      Delete
    3. හොඳට කැපෙන පිහිය වගේ තමයි නෙහ්

      Delete
  24. මම මේ ලගදි වෙඩිමකට ගියා..මමයි අයියයි අප්පච්චී තුන් දෙනාම සරම් ඇදලා රැවුල වවලා ගියේ..අර බොලා කියාපු විඩිහේ මල් කුමාරයෝ රෑනක් උන්නා වෙඩින් එකේ...
    කියන්න සතුටුයි මිත්‍රවරුනේ...
    උන් දාස් ගනන් දීලා ඇන්ද පිට්ටු බම්බු වලට ඇඩ්‍රස නෑ අපේ සරම් තුන හන්දා......
    කොහොම වෙතත් ඔය මල් පොප්සියෝ නම් පිරිමි ජාතියටම ලැජ්ජාවක් බන්ස්ලා

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි.. තුන්දෙනා බැහැලා හෙන ගැම්මෙන් ඉන්න ඇති.. එල එල.. ගස්ලබ්බත් සරං ඇඳෙගෙන උඩු රැවුල කරකවාගෙන වෙඩිං වලට ගනවා හිටපු ගමන්.හෙහ් හෙහ්.. හෙන ආතල් වැඩක් බං.ඒ වගේම නිදහස්.
      අර පොප්සි වගේ පවුඩර් කොල්ලො මචං කට උල් කරගෙන සෙල්ෆි ගහනකොට එහෙම බඩ දඟලගෙන යන අපූරු හැඟීමක් එනව මචං..
      තුන්දෙනාටම.. ජයවේවා..!!

      Delete
  25. බ්ලොග් ලියන අපිටත් කමෙන්ට්ස් වැඩි වෙනකොට "ෆිලින්ග් ෆකින් ඕසම්" වගේනේ..නේද ?

    ඒක නෙවෙයි GL, ඇත්තටම හරි ලස්සනට කතාව ගොඩනගලා .. අද කාලෙට වටිනා මාතෘකාවක් මෙහෙම කරළියට ගෙනාවට ස්තුතියි.. සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් කවිඳු... අපි ලියන දෙයක් ගැන තව කෙනෙකුගෙ අදහසක් දැන ගන්න එක ඉදිරියේදි ලියන දේවල් වල හැඩයටත් බලපානව සමහර වෙලාවට.
      හෙහ් හෙහ්...
      ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා..!!
      ජයවේවා..!!

      Delete
  26. ඔන්න මේ බ්ලොග් පොස්ට් එකත් මගේ මුහුණු පොතේ පබ්ලිෂ් කරා.. මුහුණු පොතෙන් වැඩක් ගන්නත් පුළුවන් දැන් GL ගේ පොස්ට් එක අපිට නෑදෑ වෙන "සා. පෙ /උ. පෙ ඕසම් පොරවලුත් " කියවන්නේ නැතායි

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් කියවන එවුන් පිස්සු කෙලිනවා අඩුයි.. (මේක ලිව්වෙ බුකියෙන් කියවන අයට පෙනෙන්න.:)
      තැන්කූ කිව්වා සපෝට් එකට.
      ජයවේවා..!!

      Delete
  27. මේ පරණ රටක් වටින පෝස්ට් එක දැක්කෙ අදයි කියහංකො...
    මාත් මේක ෂෙයා කරනවා මගේ FB වෝල් එකේ ඉන්න ඒන්ජල්ලට රොක්ස්ලට පේ්න්න...

    ReplyDelete
    Replies
    1. අඩෙයප්පා... ඩිලාගෙන් වැටුනු කොමෙන්ටුව සෑහෙන්න බරයි අප්පා.. හෙහ් හෙහ්..
      එල එල
      ජයවේවා..!!

      Delete