Thursday, October 27, 2016

ප්‍රියේ නුඹ...

(පින්තූරය : ඈත මුහුදේ හිරු සැඟවෙනු සිමෙන්ති බංකුවකටවී හුදෙකලාව බලා සිටින තරුණියක්)



දැනට අවුරුදු හතක් විතර ඉඳන් හැම අවුරුද්දකම මේ වගේ දවසක් හම්බ වුනා.

ඔව් ඉතින්.... තවත් දවසක් තමා..

'ආයිබෝවන් සුභ උදෑසනක්'  ඒ මම.

'ආයුබෝවන්... අදත් තාම පාරෙද?'

ඒ එයා.. මොකද හැමදාම අන්තිම මොහොතේ ඔෆිස් එකට දුවගෙන යන බව දන්න නිසා..

'අද විසි හත'

'ආ... ඔව් නේද? විසි හත.. මේ සතියෙන් මේ මාසෙ ඉවරයි.ලබන මාසෙ තමයි ආයෙ නිවාඩු.'

දික්වැල්ලෙනුත් අස්සක ගිහින් ජොබ කරපු මට ඒ කාලෙ නිවාඩු තිබ්බෙම නැතිතරන්..

'අද විශේශ දවසක් නේද?'

'අහවල් විශේෂ... අද තවත් තදට අව්ව පායලා... අන්න බස් එකක් එනවා.. ටටා..'

'පරිස්සමින් යන්න.. තෙරුවන් සරණයි'

'තෙරු...'

බස් එකෙන් බැහැපු ගමන් ආයෙ කෝල් එකක්..

'මතක නැද්ද අද දවස...?'

'මොන..? නිච්චි නෑ..'

'අද.....

...........................................


ඔන්න තව දවසක්..

නොයන්න හිතන් හිටියත් 'විශේෂෙන් දෙයක් ඉව්වා.. කාල යන්න එන්න' ම කිව්ව නිසා  එදා මම එයාලගෙ ගෙදර.

අම්මයි එයැයි එක්ක කයියක් ගහගෙන ඉන්නකොට ආව නංගිත්...

ටිකකින් මෙන්න තඩි චොක්ලට් එකක් දෙනවා එයැයිට..

'මේක අයියා දෙන්න කිව්වා..'

ඒ කියන්නෙ මස්සිනා කාරයා චොක්ලට් එකක් එවලා..

'ඒ මොකටෙයි ඒ..? මම එපැයි චොක්ලට් දෙන්න.. ඇයි ඌ එවන්නෙ?'
ලාවට මල පැන්නත් ඒක හංගගෙන මම ඇහුවා

'ඇයි දන්නැද්ද? මතක නැද්ද අද..'

................................


කවදාවත් හරියට වෙලාවට කතා කරල නැතුව ඇති..
කවදාවත් හරියට දැනෙන තෑග්ගක් දීල නැතුව ඇති..
(පස්සෙ එක්කගෙන ගිහින් මොනවා අරන් දුන්නත් මොකෝ වටින කියන දෙයක් ගත්තා කියල යැ.)
කාඩ් නම් දීලම නෑ..
මල් දීලත් නෑ...
මලක් කියල දීල තියෙන්නෙ යාළුවෙච්ච අළුතම පාර අයිනෙ පිපිල තිබුන තණකොළ මල් කීපයක් එකට ගැට ගහල දීපු එක විතරමද කොහෙදො..


ඔව්.... මට සිහියක් තිබුනෙම නෑ වෙලාවට විශ් කරන්න... තෑග්ගක් දෙන්න... සර්ප්‍රයිස් කරන්න... පාටි දාන්න.
හ්ම්ම්.... උපන්දිනේ අහකටමයි ගියේ..

හැබැයි ....

මගෙ කිසිම උපන්දිනයක් එයැයිට වැරදුනේ නෑ... අමතක උනෙත් නෑ... තෑග්ගක් නොදී හිටියෙත් නෑ...

බැඳගත්තයින් පස්සෙ නම් මනුස්සයෙකුට වගේ සලකනව කියලයි හිතන් උන්නෙ...
මක් කොරන්නෙයි...
මෙන්න මේ අවුරුද්දෙ උපන්දිනේට ගස්ලබ්බ ගානෙ තියනවා..,
බෙහෙත් ගුලි,කල්ක අටෝ රාසියක්.
බෙහෙත් තෙල් බෝතල් ටිකක්..
රිණ වෙච්ච අකවුන්ට් එකක්...

ඉතින් පුතේ මේ පාරත් හුළං තමා...

අර ඉස්සර වගේම ලස්සනට යන්තන් පොඩි හිනාවක් දාලා
'ඒකට කමක් නෑ...ඕක මොකද්ද'
කියන බව දන්නවා...

ආයෙත් දුවන්න පනින්න තියා ඇවිදගන්න වත් පුළුවන් වෙයිද කියල සැක කරපු,කට ඇරියොත් ගොං කතාවක් කියල හිත රිද්දන ගස්ලබ්බව බැඳගන්න හිත හයිය වෙච්චි එකේ උපන්දිනේ සොච්චං සෙල්ලමක් කියලත් දන්නවා..

ඒ උනාට අමතක නෑ....
හිතේ ගොඩක් ප්ලෑන් තිබුන බව ඇත්තයි... ඒවා එහෙමම යට ගියාවෙ..
මෙදා පොටේ නම් හරියටම දවසට වෙලාවට සුභ පතනවා...
හැබැයි තනියම නෙමෙයි..
තව සැට් එකක් ඉන්නවා...
එයාලත් සුභ පතයි..
වෙලාවෙ හැටියට කොරන්න පුළුවන් මෙච්චරයි.සුපුරුදු විදිහටම කෝල් එක නම් පමා වෙයි.ඒත් පෝස්ට් එක කොයිවෙලේ හරි කියවනකොට දකියි නෙ.. ඒ ඇති.... හෙහ් හෙහ්....

ඔන්න තවත් අවුරුද්දක් නාකි වෙච්චි ඔයාට...

'සුභම සුභ උපන්දිනයක් වේවා..!!!!'

විට්ටෙර් රත්නායක මහත්තයා ගයන මේ සිංදුව මතක් උනා....




මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැළුම් දිදුලුවන සරා සුපුන් සඳ
එක වහලක් යට එකට දකින්නට
පූරුවෙ කල පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹ උපනුපන් ජාති ජාති හමුවේවා..!!

කපුරු ගොඩක් සේ අළු වත් නොරැඳී
පැතූ පැතුම් පෙල දැවී ගියා වූ
ජීවිතයට ඔබ අළුතින් එක්වී
මා ජීවිතයට සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹ උපනුපන් ජාති ජාති හමුවේවා..!!

කිලිටි මගේ අත ඔබට සුදුසු නැත
එබැවින් වෙනතක බැඳුනද කම් නැත
එනමුදු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනුපන් ජාති ජාති හමුවේවා..!!!!



ගස්ලබ්බටම ... මේ වෙලාවටම... මෙතනම දාන්න හදපු ගීතයක් වගේ..
(උඩ පින්තූරෙ ඉන්නෙ ගස්ලබ්බි තමයි.ගස්ලබ්බා පිටිපස්සෙන් හොරෙන් ගත්තු එකක්.)

60 comments:

  1. සුභ උපන්දිනයක් වේවා.!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  2. අද හොඳ දවසක් වගේ!

    සුභ උපන්දිනයක් පතමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.
      ඔව්.. ඒ වගේ නේ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  3. උපන්දිනේට මගෙනුත් සුභ පැතුම්!

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  4. ගස් ලබ්බිට සුබම සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුන්..
      ජයවේවා..!!

      Delete
  5. මේක හොද තෑග්ගක් ඕයි

    ReplyDelete
    Replies
    1. වෙලාවෙ හැටියට පුලුවන් උපරිමේ තමා..හෙහ් හෙහ්
      ඔන්න අදයි එයැයි දැකල තියෙන්නෙ.
      ජයවේවා..!!

      Delete
  6. මම වගේම තවත් එකෙක්.... අතීතය මතක්කරන තවත් එකියෙක්...

    ගස්ලබ්බිට සුබම සුබ උපන්දිනයක් මචෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කටුස්... මම උඹ තරම් තඩි නෑ බොල.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  7. ඇට නැති පැණි රස උපන්දිනයක් වේවා Red Lady ((එහෙම ගස්ලබු ජාතියක් තියෙනව නේද

    ReplyDelete
    Replies
    1. එව්ව හොඳම ජාතියක් කියනවානෙ ඩූඩයියෙ. බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  8. ඇයට මගෙනුත් උපන් දින සුභ පැතුමක් මෙන්න . .

    නිදුක් නිරෝගී සතුටින් පිරුනි අනාගතයක් වේවා . !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුකා.එයා මේව බලලා.
      ජයවේවා..!!

      Delete
  9. ගස් ලබ්බිගෙ උපන්දිනේට සුබ පතන්න මාත් එක්කහුවෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන් නයියා.
      ජයවේවා..!!

      Delete
  10. සුභ උපන්දිනයක් වේවා.!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්.
      ජයවේවා..!!

      Delete
  11. මීට වඩා තෑගී මොනවද බං? ලබ්බිට මාත් සුබ උපන්දිනක් ප්‍රාර්ථනා කළා කියපං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලප අයියෙ.. ගස්ලබ්බි මේ සුභපැතුම් දැක්කා.හරි සංතෝසයි.
      ජයවේවා..!!

      Delete
  12. සුබ උපන් දිනයක් වේවා....................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මද්දා.
      ජයවේවා..!!

      Delete
  13. සුබ උපන් දිනක් වේවා....................................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අසංග.
      ජයවේවා..!!

      Delete
  14. ඇයට ප්‍රීතිමත් උපන් දිනයක් වේවා යැයි කියන්න.

    ඔබට දෙන රැකවරණය ඉතා ඉහලින් අගයන බවත් කියන්න.

    මම ආසම ගීතයක්. ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ අයියෙ... සිංදුව නම් ටොප්.
      ජයවේවා..!!

      Delete
  15. Papaya Malli..

    Oyage papaya nangita "SUBHAMA SUBHA UPANDINAYAK WEWA..! NEEROGHEE SUVAYA SAMAGA DEERGHAYUSHAMA LABEWA ..!!!

    You know malli, you sounds like my husband.. he is the last one to wish me on my b'day.. But I know that all from his heart every single day he loves me .. blesses me ..and caring me .. so what else I can expect.. Take a good care of papaya nangi :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි SANDA RAJ. :)
      ජයවේවා..!!

      Delete
  16. එයැයිට සුබම සුබ උපන්දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානි.
      ජයවේවා..!!

      Delete
  17. ගස් ලබ්බිට සුභ උපන් දිනයක්. ඔය මොකුත් අරන් දෙන්න ඕනේ නැහැ. අද ඔයා නිවාඩු ගන්න කියල රහට කෑම වේලක් උයල මේසේ ඉටිපන්දමක් ගහල කෑම කටක් කවපං මල්ලි.

    ReplyDelete
    Replies
    1. එ් කියන්ෙන් ෙහට ෙදන්නම ෙහාස්ප්ට්ල්ද?

      Delete
    2. ඇයි බං මූට බිත්තරයක් බැද ගන්න වත් බැරිද? කඩෙන් රෙඩිමේඩ් අරගෙන රත් කරලා දුන්න නම් හරි.

      Delete
    3. හෙහ් හෙහ්... දෙන්නා දෙපොලේ නෙව.ගෙදර ආපුවාම මක්ක හරි කොරන්න ඕනෙ අජිත් අයියෙ.. බොහොම ස්තූතියි.

      අඩෝ කුරුට්ටෝ.... මෙහෙම උන්නට ගස්ලබ්බත් ලාවට කෝකියා හරිය?

      ජයවේවා..!!

      Delete
  18. Replies
    1. බොහොම ස්තූතියි මිතිල.
      ජයවේවා..!!

      Delete
  19. ගස් නැගණියට සුබ උපන් දිනයක් වේවා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු පුතා.
      ජයවේවා..!!

      Delete
  20. සුබ උපන්දිනයක් කියා විශ් කරමි.

    ReplyDelete
    Replies
    1. ඩිනේශ්ටත් බොහොම ස්තූතියි කියා තෑන්ක්ස් කරමු.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  21. 'සුභම සුභ උපන්දිනයක් වේවා..!!!!'---wani akke

    ReplyDelete
    Replies
    1. ආ.. මේ උඹ නේද? ප්‍රොෆයිල් එකෙන් වරෙන් මල්ලි. තැන්කූ හොඳේ.
      ජයවේවා..!!

      Delete
  22. Replies
    1. බොහොම ස්තූතියි කැස්පර්... ආ... නෑ නෑ..
      Thank you Pra
      :)
      ජයවේවා..!!

      Delete
    2. අර ඉස්සර කාටුන් එකක් ගියේ... මේ ඉන්නෙ.. .. එයා වගේමයි.හෙහ් හෙහ්

      Delete
  23. සුබ උපන් දිනයක් වේවා " ගස් ලබ්බිට"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියන්ති.
      ජයවේවා..!!

      Delete
  24. සුභ මෙව්වා එකක් වේවා....... නෑ නෑ උපන්දිනයක් බං...... ලබ්බිව ආදරෙන් මතක් කරා කියහං.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු... එයැයි මේ පෝස්ට් එක දැක්කා.
      ජයවේවා..!!

      Delete
  25. ඔබේ බිරිඳට සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොකුරු වැහි.
      ජයවේවා..!!

      Delete
  26. මේ ගීතය හරිම ලස්සනයි, කලින් අහපු මතකයක් නැහැ...මෙතනට හොඳින් ගැලපෙනවා...

    ReplyDelete
    Replies
    1. මේ සිංදු අපටත් වඩා වයසයි ද මන්දා... ඒ උනාට හරියටම දැනෙනවා.
      ජයවේවා..!!

      Delete
  27. පරක්කු වෙලා උනත් මාත් සුභ උපන් දිනයක් පැතුව කියහං එයැයිට.. උඹලැයි සීන් එක කියනකොට මටත් කොච්චරවත් මතක් වෙන්නේ අරූ අයියා කියපු සිංදුව..

    ReplyDelete
    Replies
    1. ආයෙ අහවල් පරක්කුවක්.. සිරාවට කමියො මම ඒ සිංදුව හරියට ඇහුවෙත් අරූ අයිය කිව්වට පස්සෙ.
      බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  28. තැගි වලට වඩා වටින්නේ එක වචනයකින් හරි තමන් අනිත් කෙනාව අගය කරන බව පැවසීම.. ඒකා දවසක් වෙන් කර ගන්න ඕන නැ මම හිතන්නේ.. හිතෙන ඕනම වෙලාවක් ඒ අගය කිරිම පැවසීමට සුදුසුයි ගස්.. ලබ්බිවත් මතක් කලා කියන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කියන අවබෝධය තියන නිසා වෙන්න ඕනෙ ගස්ලබ්බා තාම ඔලුව බේරගෙන ඉන්නෙ.. හෙහ් හෙහ්
      බොහොම ස්තූතියි නි.ත.හී.ද.
      ජයවේවා..!!

      Delete