Friday, November 4, 2016

හොටු කා කඳුළු බොමින් වැල ඇදීම


ශ්‍රී ලංකාව අමුතු ය.දූපතක් ය.
පැය දෙක තුනක ගමනකින් සම්පූර්නයෙන්ම වෙනස් දේශගුණික කලාප වල වෙනස අත්විඳිය හැකි ය.
ජීවී විවිධත්වයත් අති මහත් ය.

ශ්‍රී ලංකාවේ මහජනයා ද හරි අමුතු ය.
විටෙක හෙන සම්ප්‍රදායික ය.
විටෙක හිතුවක්කාර ය.

අපට අගයක් නැති උනාට අපෙන් වැඩ ගන්නා අයවලුන්ද ඇතිය.
ඉන් ප්‍රමුඛයෝ ජංගම දුරකථන සමාඟම් ය.විවිධ පහසුකම් ආදිය ලෝකයට හඳුන්වාදීමට පෙර ඔවුන් භාවිතාකරන හොඳ පරීක්ශනාගාරයක් බවට අද ශ්‍රී ලංකාව පත්වී ඇත.එහි අවුලක් ද නැති ය.එක්කෙනෙක් ටෙලිෆෝන් දෙකක්ම පාවිච්චි කරන බව සංඛ්‍යා දත්ත පවසන බව අපි කියන්නේ හරි ආඩම්බරෙන් ය.

වැට් මෑන් කොච්චර වැට් ගැහුවත්,සමාඟම් කොච්චර හිතුවක්කාර අයකිරීම් අය කලත් දැන් අපේ ජිවිතයේ ප්‍රධානතම අංගයක් බවට ටෙලිෆෝන් එක පත්වී ඇත.
ඉස්සර බීප් බීප් ගගා ඇහුනු ඩයල් ටෝන් එක වෙනුවට දැන් ඇහෙන්නේ අමුතු අමුතු සිංදු ය.
අද මේ කතාව ඒ ගැන ය.

එක්තරා ප්‍රසිද්ධ දක්ශ ගීත රචකයෙක් දවසක් පැවසුවේ අද ඔහුගෙන් ගී පද වැල් ඉල්ලන්නේ 'රිංගින් ටෝන් දාල හිට් වෙන විදිහේ සිංදුවක් ලියල දෙන්න' කියන ටැග් එක යටතේ බව ය.
ඒ කියන්නේ ගීතය ගයන්නේ තනිකරම රිංගින් ටෝන් උදෙසා ම බවය..

ඉතින් එහෙම පුළුවන් ද?

ඔව්... එහෙම පුළුවන් ය.

අද රිංගින් ටෝන් මාකට් එකේ ලාභය බෙදෙන්නේ ලක්ශ ගණනින් නොව මිලියන ගණනින් බව පොඩියක් හොයා බැලීමේදී පෙනෙන කාරණා ය.
නමුත් මේවා සැඟවුනු කරුණු ය.

රිංගින් ටෝන් සඳහා යන ප්‍රධාන පාරවල් දෙකක් ඇත.ගීතයේ අයිතිකරු සෘජුවම දුරකථන ආයතන හා ගිවිසුම් ගත වීම සහ අතරමැදි රිංගින්ටෝන් කොම්පැණි (ඇතැම් විට ඒක පුද්ගල.) හරහා ගිවිසුම් ගත වීම ලෙසට ය.

දැනට ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන සමාඟම් පහම රිංගින් ටෝන් පහසුකම සපයන බව ඔබ අපි කවුරුත් දන්නවා ය.නමුත් ඒකට අය කරන අයකිරීම් ගැන නම් පැහදිලි අවබෝධයක් නැති බවකුත් පෙනෙනවා ය.
කොහොමටත් මේ පහසුකමට පාරිභෝගිකයා ඇබ්බැහි කරගැනීම අතින් සමාඟම් සාර්ථක ය.
කෝල් සෙන්ටර් නංකිලාගේ විස්තර වලට අනුව ඇතැම් පාරිභෝගිකයන්ගේ රිංගින් ටෝන් ලිස්ට් එක පට්ට දිග ය.සිංදුම පහලව විස්ස පැනලා ය.නමුත් ඔවුන්ට ගානක් නැති ය.මේ හැම එකටම ගානක් කැපෙන බව අමතක ය. අනේ ඉතින් කාඩ් එකක් දාන්නත් කලින් සල්ලි ඉවර ය.

දැන් අපි බලන්නේ මේ කපා ගන්නා සල්ලි වලට වෙන්නේ මක්කදැයි කියාලා ය.
හරි නම් ගීත ක්ශේත්‍රයේ අය මේ වෙනකොට ක්‍රයිස්ලර් වලින් එහෙ මෙහෙ යන බ්ලූ ලේබල් විස්කි පාටි තමුන්ගේ තට්ටු හතරෙ පහේ මන්දිරයේ පවත්වන තරම් පෝසතුන් විය යුතු ය.නමුත් එහෙම නැති ය.

හිස් කොළයක් හා පෑනක් පමනක් අතැතිව ඇරඹෙනා ගීත නිර්මාණ කටයුත්තේදී ලී කොටයකින් රෝදයක් නිර්මාණය කර දෙන්නේ පද රචකයා ය.රෝදය කරකවා දෙන්නේ සංගීත අධ්‍යක්ශකයා ය.
ඒ රෝදය වැඩ දමමින් දක්කාගෙන යන්නේ ගායකයා ය.
හරියට බැලුවොතින් ගල් තුනේ ලිපක් වගේ ය.

හැබැයි පද රචකයෙක් හට අද දවසේ රුපියල් පහලොස් දහසේ සිට උපරිම පනස් දහසක පරාසයක් තුල රැඳී සිටීමට සිදුවී ඇති ය.
සංගීත සංයෝජකයාගේ මුදලේ පරාසය ඉතා විශාල වුවත් ලක්ශ තුන පනින අවස්ථා ඉතා අඩු ය.
ගායකයින් නම් එක් ගීතයක් පටිගත කිරීමට ලක්ශ දහය පහලව දක්වා වටිනාකම් ඉහල නැංවූ අවස්ථා සැල වී ඇත.

ඒ කියන්නේ සිංදුවක් පට්ට ගනන් ය.

කැසට් සහ සීඩී අදවනවිට යල් පැනගිය ආදායම් මාර්ග ය.ඕනෑම ගීතයක් එලි දකවා විනාඩි කීපයකින් අන්තර්ජාලයෙන් නොමිලේ බාගත කරගත හැකිය.

රිංගින් ටෝන් එලියට එන්නේ මේ අවු අස්සේ ය.

මුලදී මේ සඳහා ගීත සපයා ගැනීම දුරකථන සමාඟම් වලට ගැටළුවක් විය.මක්නිසාද ගීත වල නීතිමය අයිතිය පිළිබඳ තත්වය තරමක් සංකීරණ නිසා ය.මෙහිදී නිර්මාණය වන වෙළෙඳපල හඳුනාගත්තවුන් අරඹන්නේ මුදල් නෝට්ටු මිටි සමඟින් ප්‍රසිද්ධ ගායකයින්,ගීත රචකයින් සහ සංගීත අධ්‍යක්ශකයන් හමුවී අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ය.
එක් අත්සනක් උවද කම් නැතිය.හොඳ බෝතලයක් සහ ලක්ශ දහයක කෑශ් ඉදිරියෙන් තැබූ විට ඉංගිරිසියෙන් සංකීරණව සකසා ඇති ගිවිසුම් වලට අත්සන් ලබාගැනීම එවකට සිදු විය.නමුත් මේ අත්සනත් සමඟින්ම ගීත වල අයිතිය මුළුමනින්ම අහිමි වූ බවත් මේ ගීත අද වනවිට මිලියන ගනන් ආදායම් උපදවන උල්පත් බවට පත්වී ඇති බව ඔවුන් දැනගන්නාවිට ප්‍රමාද වැඩි ය.

අදටත් ඔවුන් දුප්පත් කලා කරුවන් ය.අවමඟුලට කලාභවන නොලැබුනහොත් මිනිය තියාගන්නට ගේ ඉඩ මදි ය.


ව්‍යාපාරයක් වශයෙන් රිංගින් ටෝන් ක්ශේත්‍රය පුළුල් වීමේදී දුරකථන සමාඟම් තම ගිවිසුම් කොන්දේසි අළුත් කරමින් තමන්ගේ දෑත් පිරිසිදුව තබාගැනීමේ කාරියට වැඩි අවධානයක් යොමුකිරීමේදී රිංගින් ටෝන් සමාඟම් වලට හොඳ කලක් උදා විය.

හිට් සිංදු රිංගින් ටෝන් වලට විකිනීමෙන් හොඳ ලාභයක් ලබාගන්නට ඔවුන් සමත් විය..

සම්බන්ධකම්,හැකියාවක් සහ උනන්දුවක් ඇති ගායකයින්,පද රචකයින් සහ සංගීත අධ්‍යක්ශකයින් ගෙන් අයෙක් මුදල් ආයෝජනය කොට ගීතය නිමවා ගීතයේ අයිතිය නීත්‍යානුකූලවම තමන් සතුකොට ගෙන ගීතය රිංගින් ටෝන් සඳහා ලබාදී ආදායම් ලබා ගැනීමට ඒක පුද්ගල සමාඟම් සේ ක්‍රියා කිරීම ආරම්භ විය.

රිංගින් ටෝන් සඳහා ගීතයක් ලබා දුන් පලියට ආදායමක් ලැබෙන්නේ නැති බව ටික කලකින් කස්ටියට වැටහෙන්නට විය.
ගීතය හොඳ හිට් එකක් විය යුතු මය.
ප්‍රසංග වේදිකාව තවදුරටත් ගීත හිට් කිරීමට සක්‍රීය දායකත්වයක් දක්වන්නේද නැති ය.

එෆ්.එම් නාලිකා පිහිටට එන්නේ ඔන්න ඔය අවස්ථාවේදීය.

ඔවුන්, ගීත ප්‍රචාරය කරනා චාට් ශෝ සඳහා වැඩි බරක් යොදා ගීත හිට් කිරීමේ කාර්යය ලෙසටම අරඹන්නේ ය.
කොටින්ම..,

'මේ ගීය මුලින්ම ඇහුනේ අපෙන්'

'මේ ගීයත් හිට් කලේ අපි'

ආදිය කියමින් එලිපිටම වැඩේට එන්ටර් වන්නේ ය.
ඊට කලින් නම් චාට් ශෝ එක කරන අයට පොඩි සැලකීමක් කර ගීතයක් රිංගවා ගත්තත් දැන් නම් ප්‍රොෆෙශනල් හිට් පැකේජ් අමුවෙන්ම නාලිකා විසින් ඉදිරිපත් කරන්නේය.

හොඳ බීට් එකක් තියන වදින නම්බර් වලට විතරක් ඉඩ හැදෙන්නේ චාට් ශෝ වැඩි හරියක් මරි මද්දහනේ තියන නිසා ය.

ඔන්න දැන් රිංගින් ටෝන් සීන් එකේ ප්‍රධාන තීරකයා තනතුර එෆ්.එම් නාලිකා විසින් භාර ගැනීම සිදුවන්නේ ය.

චාට් ශෝ එකකට සිංදුවක් දැම්ම පමණින්ම හිට් වෙන්නේ නැති නිසාත් හිට් පැකේජ්  මොඩිෆයි කර දවසට ගහන වාර ගණන සහ දවස් ගණන අනුව මුදල් ප්‍රමාණය වෙනස් වී එෆ්.එම් නාලිකා විසින් ගීත කණේ ගැසීම යහමින් ඇරඹෙන්නේ ඔන්න දැන් ය.

රේඩියේකින් වැඩියෙන් ඇහෙන සිංදුව ඉබේම හිට් වෙයි.
කවුරුත් හිට් වලට පෙම් කරයි.
හිට් සිංදුව අපිත් අහන බව පෙන්නන්න රිංගින් ටෝන් එකට එය දමයි.
සිංදුවේ ඩවුන්ලෝඩ් ගණන වැඩි වෙයි.
වැඩි ප්‍රතිශතය දුරකථන සමාඟමටත්.. අඩු අඩු අඩු වෙමින් ගීතයේ හිමි කරුවන්ටත් ලෙසින් මුදල් ගලා යන්නේ ය.
මෙහි අඩුම කොටස ලබන්නාවූ පුද්ගලයෙක් පහුගිය මාසයක මිලියන දොලහක මුදලක් තම කොටස ලෙසින් ලබා ගන්නේ ප්‍රසංග වලදී වත් ඉල්ලුමක් නැති ගීතයක් වෙනුවෙන් ය.

හොඳ හිට් සිංදුවක් තමුන්ගේ රිංගින් ටෝන් එක විදිහට තියාගන්න වැඩියෙන්ම කැමති කවුදැයි නිතරම සොයා බැලීමට ව්‍යාපරිකයන් පෙලඹෙන්නේ ඊලඟ ආයෝජනයෙන් වැඩි ලාභයක් ලබාගන්නට ය.

අද වනවිට ලොකුම රිංගින් ටෝන් මාකට් එක නිදහස් වෙළෙඳ කලාප සහ ආරක්ශක අංශ සාමාජිකයන් බවට වන රහස ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙක් කීවේ හෙම්බත්වූ ස්වරයකින් බවත් කිව යුතු ය.

සිතීමේ හැකියාව මොට වූ තරමටම පාලකයින් කැමති මෙම ක්ශේත්‍ර දෙකෙන් ලැබෙන ඉල්ලුමට සැපයුම් කිරීම දක්වා අද ගීත ක්ශේත්‍රය ලඝු වී ඇත.

ලාභය අරමුණු කරගත් ආයතන අතලොස්සක් විසින් අද සමස්ථ සංගීත ක්ශේත්‍රයම ග්‍රහනයකට නතු කරගෙන ඇත.මින් පිට පැනීම ඉතා දුශ්කර ය.

කලාතුරකින් කාටත් අහන්න කණට මිහිරක් ඇති ගීයක් එලියට පනිනවා ය.ඒ හාවා හඳ දකින්නා වාගේ ය.

ගීතයක් නිර්මාණය කිරීමට මුදල් වැය කලත් ඉන් ආදායමක් ලැබීමට නම් එය හිට් එක විය යුතුම ය.
හිට් වන්නට නම් එෆ්.එම් වල ගැසිය යුතු ය.
එෆ්.එම් එකක හිට් පැකේජ් පට්ට මිල ය.
එච්චර වියදම් කරලත් ඩවුන්ලෝඩ් නැත්තම් හුළං ය.
ඉතින් ඩවුන්ලෝඩ් වැඩි වෙන සිංදුවක් කොරන්නට ඕනෑ ය.

අළුත්ම විදිහට මියුසික් වීඩියෝවත් චුපිරියට තියෙන්න ඕනෑ ය.යූ ටියුබ් විව්ස් කියන්නේ තනිකරම සල්ලි ය.
ඉතින් බැන බැන හරි බැලුවොත් ලැබෙනේ සල්ලි ය.
බන්නවාගන්න ලේසිය.
ඉතින් කට කව්වනවා ය.ගෑණු හෙළුව විකුණන් කනවා ය.

ක්ශේත්‍රයේ දැවැන්තයින්ට පවා මහවැලියෙන් දීමනා ලබාගන්නට,මාසිකව ඔසුසලෙන් සැපයෙන බෙහෙත් ටිකෙන් සැනසෙන්නට සුදුවී ඇති කලෙක....
ගේම් එකට බැස දඟලන්නට අකමැති නිර්මාණ කරුවන් මින් ඉවත්වන වේගයේ හැටියට....

ඉතින් ශ්‍රාවක ප්‍රේක්සක හුදී ජනයා වන අපි හොටු කා කඳුළු බොන්නටම ඕනෑම ය.

ඒ ඕපාදූපය අවසන් වෙන්නේ ඒ ආකාරයට ය.

65 comments:

  1. ඔය සින්දු පද රචකයගෙන් ගන්නව කීවට ,තනු නිර්මාපකයටත් ඕකෙ අයිතිය තියෙනව නේද මචෝ....

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙන් කවුරුත් අයිතිය පවරගත්තෙ නැත්තං තුන්දෙනාටම අයිතියි.නමුත් කැමති කෙනෙකුට පවරගන්න හැකියාවක් තියනවා.(දැං කාලෙ ඔක්කොම එහෙම තමයි.) ගායකයාට ප්‍රසංග වල ගායනා කිරීමේ අයිතිය තියනවා.නැවත පටිගත කිරීමක් කරනවා නම් ගෙවන්න ඕනෙ.
      ජයවේවා..!!

      Delete
  2. මල් පත්තර, කොණ්ඩ විලාසිතා, බොළඳ නවකතා ආදී නොයෙක් වැදගම්මකට නැති සරල රසාස්වාදයේ පෝශක ප්‍රදේශය වෙලාතියෙන්නේ වෙළඳකලාපය.ඒ ඔවුන්ගේ වැරද්දක් නිසානම් නෙමෙයි. පැය 12ට වඩා දිග වැඩමුරයෙන් හෙම්බත්වෙලා කුකුල් කූඩුවක් වගේ තියන බෝඩිමකට හිරවෙලා ගෙවන ජීවිතයකට, සම්භාව්‍ය රසවින්දනය හරි දුර නිසයි. තමන්ගේ සේවකයන්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීලා ඔවුන්ගේ ජීවන තත්වය උසස්කරන්න උදවුවෙන ආයතන කොචර අඩුයිද?. අන්න ඒ තත්වයෙන් ප්‍රයෝජන ගන්නේ මේ හැතිකරයයි.ඔය ගීතවල වීඩියෝ ජවනිකාවලින් බහුතරයක ඒවගේ පෙන්නන්නේ උසස්, විනෝදකාමී  , කෙලිලොල් තාරුන්‍යක්. තමන්ට නැති දේ ඒවගෙන් බලලා හරි සැනසෙන්න ,හීන මවන්න සුදානම් පිරිසක් නිසා ඔවුන්ගේ වෙළඳපොල රැකිලා. අර ඉන්දියාවේ තියනවා වගේ තත්වයක් ඇතිකරන්න මුන් පුදුම විදිහට වලිකනවා.

    ReplyDelete
    Replies
    1. // අර ඉන්දියාවේ තියනවා වගේ තත්වයක් ඇතිකරන්න මුන් පුදුම විදිහට වලිකනවා.//
      හරියට හරි බං.. දවසම වැඩ කරලා සමෝස එකක් කකා හීරෝ ඉන්න ෆිල්ම් එකක් බලලා කසිප්පු පැකට් එකක් බීල ගෙදර යන්න.ජීවිතේ සරළයි.තුච්ඡයි.
      ජයවේවා..!!

      Delete
  3. ඒ කියන්නේ පිට රට සින්දුවක් දැම්මොත් ඒ සින්දුවේ මුදල කෙම්පනි කාරයට

    ReplyDelete
    Replies
    1. අයිතිකාරයා දැනගන නඩු දැම්මොත් මහ බඩු.
      ජයවේවා..!!

      Delete
  4. බලාගෙන ගියාම මේකත් හක්ක පනින බිස්නස් එකක්නේ...

    මමනම් ජීවිතේට ෆෝන් එකට සිංදු දාගෙන නැහැ රිඟින් ටෝන් එක විදිහට... :)

    ReplyDelete
    Replies
    1. ලොකු අයියේ, අපි දෙන්නත් සිංදුවක් කියලා රිංගිං ටෝන් වලට විකුණමු...??

      Delete
    2. උඹල දෙන්න එකතුවෙලා අර අසරණ මොබයිල් ෆෝං කොම්පැනි වහල දාන්නැතුව හිටහං. හැක්..

      Delete
    3. එහෙනං මං රින්ග් වෙන්නැති ෆෝන් එකක් ගන්නවා ෂුවර්...........

      Delete
    4. කසුට්ටෝ මේ වගේ විලිසන්ගයක් නැති යෝජනා කරනවද බොල...

      Delete
    5. හරියට කරකගත්තොතින් හොඳම බිස්නස් එකක්... හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  5. මේ රින්ග්ටෝන් ගැන අමරසිරි පීරිස් වලියක් දාගෙන හිටිය නේද කාලෙකට කලින්? මේ සිද්දියේ අග මුල තේරුම් ගියේ දැන් නේ.. අන්තිමට කොහෙවත් ඉන්න මිනිස්සු පෝසත් වෙලා සැප විඳිනවා සැබෑ දක්ෂයෝ අසරණව දුක් විඳලා මැරිලා යනවා.

    ReplyDelete
    Replies
    1. ලෝකය ගැන, නවීන තාක්ෂණය හා නව ව්‍යාපාර ගැන නොදැන, අප්ඩේට් නොවී ගල් යුගයේම උන්නාම එහෙම වෙනවා..

      Delete
    2. එක්තරා ප්‍රවීන ගායකයෙකු ගයන අළුත් පරම්පරාවේ සම්භාව‍ය ගීත කුලකයට අයිතිකරගෙන තියන පට්ට ලස්සන සිංදුවක් දැන් ඒ ගායකයා ගයන්නේම නෑ.හේතුව යම් පටිගත කිරීමක් සහ මුදල් බෙදීම සම්බන්ධයෙන් යන නඩුවක් නිසා.
      තනිකරම බිස්නස් මයින්ඩ් එකෙන් ඉන්න ඕනෙ.තමුන්ට බැරි නම් මැනේජරයෙක් දාගත්තනම් හරි.නැත්තං ඉදිරියක් නෑ.
      ජයවේවා..!!

      Delete
  6. ගොඩාක් අයගේ රිගින් ටොන් වලින් ඇහෙන්නේ ආදරය ඉල්ලන සිංදු. මම කෙල්ලෙක්ට කොල් එකක් දුන්නොත් ඒ පැත්තෙන් ඇහෙන්නේ මට ආදරෙයි කියන සිංදුවක්. පිස්සු හැදෙනවා නේ.සමහර වයසක ඇන්ටිලාත් ආදර සිංදු දාගෙන ඉන්නවා. මම ඔය මොඩ වැඩ කරනේ නෑ අනෙක් අයට කරන්නත් දෙන්නේ නෑ. පුළුවන් තරම් දැනුවත් කරනවා.

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බා දාගන ඉන්නවා යාළුවෙක් ගයන ගීතයක්.යාළු ෆිට් එක නිසා.නැත්තං දාන්නෙ නෑ.
      සමහර එක්සකටිව් පොරවල්ට කෝල් කරපුවාම ඇහෙන සිංදු අඳෝනා නිසා හිනාව හිරකරගෙන මැරෙනවා වෙලාවකට.. පිස්සු විකාර.
      ජයවේවා..!!

      Delete
  7. කාටහරි කතා කරන්න හදනකොට සිංදු අහගෙන ඉන්නවෙන එක මල කරදරයක්, ඔෆිස් හෝ කෝල් සෙන්ටර් හෝල්ඩ් ඒවගේ තමයි.
    මං සිංදු ගැන දන්නෙවත් ලොකු ආසාවක්වත් නැති නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. සක්‍රයාට කතා කරන ඒවා,අපායෙ යමරජ්ජුරුවන්ගෙ ගෝලයා,මන්ත්‍රී හාන්දුරුවන්ගෙ ලේකම් කතාකරන ඒව එහෙමත් තියනවා.ගස්ලබ්බා ලේසියකට කෝල් කරන්නෙ නෑ කාටවත්.හැබැයි ඒ කතාකරලත් සිංදු අහගන ඉන්න උනාම වෙන වෙන සිංදු තමයි කියවෙන්නෙ..
      හෙහ් හෙහ්
      සිංදු කියන්නෙත් සංගීතයම තමයි නෙ.ප්‍රාට සෙට් වෙන එකක් ඇහුන දාට දංවැල වගේ ඇදිලා එයි.
      ජයවේවා..!!

      Delete
  8. තමන්ගේ බඩවඩාගන්න පමණක් සංගීතය පාවිච්චි කරන එවුන් ඔක්කොම සංස්කෘතික විලෝපිතයෝය, සංගීත පුස්සෝය, ඉක්මනින් වැනසී යන මෙරුවන් හා සමානය.

    ReplyDelete
    Replies
    1. මේ කාලෙ නැගල යන්නෙ විලෝපිකයො තමයි විචා.සල්ලි එක කරගෙන නිර්මාණෙ දෙක කරගත්තෙ නැත්තං පැවැත්මක් නෑ.තිත්ත ඇත්ත ඒක.
      ජයවේවා..!!

      Delete
  9. ෆෝන් එකේ රිගින් ටෝන් එකක් කොහොමත් එනවනේ... රිගින් ටෝන් බිස්නස් ඒක මුළු ලෝකෙම තියෙන දෙයක්.. අකමැති නම් නොදාගෙන උන්නාම ඉවරයි.. අපි වගේ...

    ReplyDelete
    Replies
    1. නොමිලේ දවස් 30ක් දෙනවා.ඊට පස්සෙ තමයි ගේම දෙන්නෙ.ස්පෑම් කෝල් දිදී ඇබ්බැහි කරගන්නෙ.ඔව්වගෙන් ගැලවිලා ඉන්න සෑහෙන දැණුවත් බවක් වගේම අවධියෙන් ඉන්නත් ඕනෙ..වැඩේ තියෙන්නෙ බහුතරයක් එහෙම නෑ නෙ.
      ජයවේවා..!!

      Delete
  10. මාත් ඕව කාලයක් දාගෙන හිටිය. මාසෙකට රුපියල් තිහක් නිකං කෙලෝල දාන්න බැරි හින්ද අතෑරල දැම්ම. හැබැයි මම එක සින්දුවක් ගන්නකොට තිබ්බ එක මකල දානව.

    බලාගෙන ගියාම මේක මාර බිස්නොස් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙව්ව ඇඟට දැනෙන්නැතුව සල්ලි යන,ඒ වගේම එන බිස්නස්.එක රැයෙන් දසලක්ශපතියො වෙන්න පුළුවන්.
      ජයවේවා..!!

      Delete
  11. මම දැක්කා කොහෙද තියෙනවා ලෝකයේ සමහර රටවල්වල මේ රිඟින් ටෝන් බිස්නස් එක දැන් ඩවුන්ද පල්ලම් යනවා කියලා.කෝල් එකක් දුන්නාම සින්දු අහගෙන ඉන්න වෙන්නේ වැඩිපුරම අපේ අයගෙ මොබයිල්ස් වලින්ද කියලා එක වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ අයියෙ.., ලංකාවෙත් මේක කඩා වැටෙන්න ආසන්නයි කියලයි මට හිතෙන්නෙ.මොකද මේ වෙනකොට තියෙන්නෙ මවාගත්ත මාකට් එකක් බලෙන් හසුරුවන ක්‍රමයක්.ඒ වගේම ප්‍රමිතිය කියන දේට කිසිම තැනක් නැති වෙලා.දුෂ්ඨ චක්‍රෙකට අහුවෙලා වගේ නෙ තියෙන්නෙ.ටෙලිනාට්‍ය හෙමින් හෙමින් ගොඩ යනවා වගේ මේකත් ගොඩ ගියොත් හොඳයි.
      ජයවේවා..!!

      Delete
  12. වයිබර්, ලයින්, වට්ස්ඇප්, ෆෙස්ටයිම් වගේ දේවල් ජනප්‍රිය වෙනකොට මේ බිස්නස් එක අඩු වෙලා යයි නේද?

    ඕනම දෙයක් ඕනවට වඩා කරනකොට, ටික දවසකින් නැති වෙලා යනවා නේ කොහොමත්..

    ReplyDelete
    Replies
    1. අඩු වේවි.හැබැයි නැති වෙන්නෙ නෑ.මේ බිස්නස් එකත් මේ වෙනකොට මවාගන ඉන්න තැනින් බිඳ වැටිලා සමබර තැනකට එයි කියන එක තමයි මගෙත් විශ්වාසය.
      ජයවේවා..!!

      Delete
  13. ඕක පටන් ගත්තේ ඉරාජ්.. දැන් නම් ලීඩ් කරන්නේ භාතිය-සන්තුෂ් ලා මගේ හිතේ.. මටනම් ඕක මහා වදයක්..

    ReplyDelete
    Replies
    1. ඉරාජ් දැන් යූ ටියුබ් විව්ස් වලින් ගේම ගහන්න බැහැලනෙ.ඌ ලඟදි 'මයි හොට් මාම්' කියල අම්මගෙ හෙළුව උනත් දාන්න බැරි නෑ මේ යන විදිහට.
      භාතිය සංතුශ් ලත් මාකට් එකේ ඉන්නවා.උං හැබයි ෆීල්ඩ් එකේ මූල්‍ය වටිනාකම් ඉහල දාල පොඩි තැනක් හදන වැඩක් කරනවා.
      ඒ උනාට මේ තරම් 'චොර' තත්වෙට බස්සන්නෙ නම් තව ඉන්න වෙන වෙන අයවළුන් සහ සමාඟම්.
      ජයවේවා..!!

      Delete
  14. ඔක්කොම ඉතිං වාණිජකරණය වෙලානේ? වැඩි හරියක් ඕවට ගොඩුරු වෙන්නෙ රස්සාවක් තමන්ට ආදයමක් නැති ස්කෝලෙ යන ළමයි + අඩු වයසෙ අය නෙ?

    ReplyDelete
    Replies
    1. රැල්ලට ගහගෙන යන උදවිය බොහොම ලේසියෙන් අහුවෙනවා.
      ජයවේවා..!!

      Delete
  15. ඔය සින්දු දාපු එවුන්ට මං කෝල් කරන්ඩ හරිම අකමැතියි

    ReplyDelete
    Replies
    1. අඩේ... මාත් එකක් දාං ඉන්නෙ.මතකෙයි මගෙ වෙඩිමෙ මියුසික් කරපු හාදයා? අන්න උගෙ එකක්.
      ජයවේවා..!!

      Delete
  16. මට රින්ගින්ග් ටෝන් තියා මචං රින්ග් ටෝන් එකක්වත් නැති තරම්...... ගොඩක් විට ෆෝන් එක සයිලන්ස්......... අම්මපා මේවා මල කරදරනේ............

    ReplyDelete
    Replies
    1. ටෙලිපෝන් එක පැත්තකට දාල ඉන්න නරක පුරුද්ද මටත් තියනවා බං.ඒ පුරුද්ද එච්චර හරි නෑ.
      ජයවේවා..!!

      Delete
  17. දැන් දැන් නම් ඔය රිගින් ටෝන් දාගන්න කස්ටිය අඩු වෙලා වගේ .................

    ReplyDelete
    Replies
    1. ඒක ආශ්‍රය කරන සමාජ මට්ටම් එක්ක වෙනස් වෙනව බං.සමහර සෙට් දවසින් දවස සිංදුව මාරු කරනවා.ඒක මල විකාරයක්.
      ජයවේවා..!!

      Delete
  18. මට මතකයි ඇමරිකන් ඔය ප්‍රසිද්ද බුවාලත් කේස් එකක් ගියා ඇපල් එකත් එක්ක අයි ටියුන්ස් වල ආදයම් එක්ක. ඕක කොහෙත් වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ... ඔව්වගෙ වෙන ඩවුන්ලෝඩ් ගාන එකින් එක ගණන් කරන්නයැ? කියන දේ පිලි අරන් දෙන ගානක් අරන් ඉන්න ඕනෙ.හැබැයි 'ගාණ' මිලියන් වලින්.
      කොහෙත් වෙනවා... මෙහෙත් ඉක්මනට සමබර උනොත් හොඳා.නැත්තං කණක් ඇහෙන්න වෙන්නෑ.
      ජයවේවා..!!

      Delete
  19. ගල්ෆ් කලාපයේ නම් ඕක නැත්තටම නැහැ වගේ

    ReplyDelete
    Replies
    1. හරාම් හරාම්.... හැබැයි අල්ලා ගැන කියවෙන රිංගින් ටෝන් මෙහෙ නම් තියනවා ඕසෙට.
      ජයවේවා..!!

      Delete
  20. ජී එල් හොඳ ආර්ටිකල් එකක් ඈ..
    හරියටම සීන් එක දැනගත්තෙ මේකෙන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිස්ස අයියා.මේ පෝස්ට් එකත් එලියෙන් බලලා ඇතුලෙන් අහගන ලියපු එකක්.ඇතුලෙ කතා හරි සංකීරණයි (ලු.)
      ජයවේවා..!!

      Delete
  21. :D

    ජී එල් හොඳ ආර්ටිකල් එකක් ඈ..
    හරියටම සීන් එක දැනගත්තෙ මේකෙන්...

    ReplyDelete
    Replies
    1. :D
      බොහොම ස්තූතියි සාරස තුමා.මේ පෝස්ට් එකත් එලියෙන් බලලා ඇතුලෙන් අහගන ලියපු එකක්.ඇතුලෙ කතා හරි සංකීරණයි (ලු.)
      (රිප්ලයි එකත් කොපි පේස්ට් ම කලා ඔන්න.හෙහ් හෙහ්.)
      ජයවේවා..!!

      Delete
  22. රිඟින් ටෝන් කියන්නෙ හොඳ ව්‍යාපාරයක් කියල දැනගෙන හිටියට මෙච්චර දරුණු වෙළඳපොලක් තියන, මුදල් කොල්ලයක් කියල දැනගෙන හිටියෙ නෑ. බොහොම ස්තූතියි දැනුවත් කලාට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහස් අවකාශය ටත්.
      ජයවේවා..!!

      Delete
  23. යකෝ මාර වැඩනෙ මෙව්වා. උඹ කිව්වමයි මමත් දන්නෙ බං.

    ReplyDelete
    Replies
    1. මාර වැඩ තමයි හැලපයියෙ.. ලංකාවට ආපුවාම දාමු කොම්පැණියක්.කොන්ටැක්ට් එහෙමත් තියන එකේ. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  24. ගස් ලබ්බෝ මේ ගැන තව ටිකක් මාව දැනුවත් කරන්න පුලුවන්ද. ලොකු උදව්වක්. kurahanhena@gmail.com

    ReplyDelete
    Replies
    1. තෝ මගේ කොමෙන්ට් එකට උත්තර දුන්නේ නෑ. තෝව කොටියම කාපිය.

      Delete
    2. අනේ පට්ටම සොරි වේවා... ඔන්න ඊයක් විද්දා.
      ජයවේවා..!!

      Delete
    3. තෝ විදලා තිබුනේ නැත්නම් කොටියා කාලා ඉතුරු ටික නරියා කාපිය.

      Delete
    4. විද්දෙමි විද්දෙමි... ඔය කොටිය වෙජිටේරියන් වෙලා නරියා සර්වභක්ශකයෙක් වෙන්න වෙනවා ගස්ලබ්බව කන්න.. හෙහ් හෙහ්

      Delete
  25. කියවා කොමෙන්ට් කල හිතවතුනි, රිප්ලයි පමාවීම ගැන සමාවන්න.ගැත්තාගේ වරද පිළිගනිමි ය.
    ජයවේවා..!!

    ReplyDelete
  26. ඔබ කවුරු වුණත් ඉතා දක්ෂ වදිහිට ලියන කෙනෙක්.. හොද ලිපියක්. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උපේක්ශා... සාදරයෙන් පිළිගන්නවා ගස්ලබ්බට.ආයෙ එන්න ගස්ලබු කාල යන්න.
      ඔබේ ලිවීම් රටා අපූරු වග මම ඔබේ බ්ලොගෙත් කීවා මතකයි.දැනුත් කියන්නම්.ඉදිරියට ලියන ඒවා කියවා ඒ වගත් කියන්නම්.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  27. මම උඹව තාම පලෝ කරල නෑ කියල දැනුයි දැක්කෙ සමාවෙයන් බ්‍රෝ මොකද උඹ තමයි මගේ කොමෙන්ටි එක්කට රිප්ලයිා කරපු පලවෙනි කෙනා.

    ReplyDelete
  28. මම උඹව තාම පලෝ කරල නෑ කියල දැනුයි දැක්කෙ සමාවෙයන් බ්‍රෝ මොකද උඹ තමයි මගේ කොමෙන්ටි එක්කට රිප්ලයිා කරපු පලවෙනි කෙනා.

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමෙයි බං... සංතෝසයි.ගොඩක් දෙනෙක් රිප්ලයි කොරනවා වෙලාව ඇති ඇති හැටියට.. උඹේ බ්ලොගක් නැද්ද?

      Delete
    2. මද්ද දන්නෙ කියවන්න විතරයි බං

      Delete