Thursday, December 8, 2016

උඹ නපුරු මායාකාරී


(රූපය : සුළං පිඹින කාටුන් රුවක්.)



උඹ
නපුරු මායාකාරී
ඉඳිකටු තුඩින් ඇන ඇන
ඇටමිදුලු හාරන
වෙව්ලා හිරිවැටී
තුවාල කරගෙන සම
සොය සොයා යන
එක්ස්පයර් ටිකට්
වේදනා දෙන
සීත යක්සනී


36 comments:

  1. අනේ ඉතින් අටුවාවක් ටීකාවක් ටිප්පනියක් ගැත්තීට අනුකම්පා කරල කමෙන්ට් කරනවද?

    ReplyDelete
    Replies
    1. හීතල කියන්නෙ හරි සුන්දර අත්දැකීමක් නෙව.හැබැයි හරි හමන් සෞඛ්‍ය තත්වයක් තියන අයට විතරයි.අනික් අයට බොහොම වේදනාකාරී වෙන්න පුළුවන්.. තේරුණෙයි බබාට?
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  2. ඉවසන්න..
    තව ටිකාක් ඉවසන්න...
    ඇය ගැන හිතන්න..
    නූපන් දරුවන් ගැන සිතන්න...
    එවිට ඔය වේදනාවම මිහිරක් වේ...!

    ReplyDelete
    Replies
    1. දුකම කොයි තරම් සතුටක් දෝ....
      ජයවේවා..!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. කුමක් කරන්නද මං , මට පුලුවං උඹ වෙනුවෙන් වචන හරඹයක් විතරයි ,,

    ReplyDelete
    Replies
    1. අඩු ගානෙ ඔලුවට හරි හම්බුන හොඳම පේන් කිලර් එක..
      ජයවේවා..!!

      Delete
  4. Replies
    1. හ්ම්... අද අද එයි මරු..මරු..
      ජයවේවා..!!

      Delete
  5. Replies
    1. බොලා නම් කියයි..
      ජයවේවා..!!

      Delete
  6. කා ගැනද මේ කියන්නේ? :O

    ReplyDelete
    Replies
    1. 'සීත' යක්සනී ගැන... (සීතල බං සීතල ගැන.)
      ජයවේවා..!!

      Delete
  7. සීත යක්සනී හොඳ නැත්නම් වෙන යක්සනියක් ගනින් බං සීත නැති වෙන්න

    ReplyDelete
    Replies
    1. බෙහෙත් හේත් එක්ක එව්ව හොඳ නෑලුනෙ බං...
      ජයවේවා..!!

      Delete
  8. ලොකු වෙනකොට තමයි තේරෙන්නේ අපි ඉස්සර ඇහුව සුරංගනා කතා පට්ට කෙබරය කියල, ඉවසපන් පපුව ඉවසපන්...

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ඉවසීම උනත් පපුවට හොඳ නෑලු නෙ.. ඒකනෙ කේස් එක.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  9. මට නම් මේකේ "පරිවර්තනයක් " එන්නේ නෑ. තව ටිකක් හිතලා බලන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකෙ තියන දේම තව දිගුවක්.හීතලට මේ සරීර කූඩුව ඔරොත්තු දෙනව හොරයි වගේ.. ඒකයි මෙහෙම ලියවුනේ.
      ජයවේවා..!!

      Delete
  10. ලබ්බෝ...මට මේ ලබ්බ මීටර් වෙන්නෑ. මගේ මීටර් එක කොහොමත් අවුල්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි උබ පැහදිලි කරේ නැත්නම් අපි හිතාගත්ත විදිහට කෙමෙන්ට් කරා

      Delete
    2. අරූ බොස්ට මේ පෝස්ට්මේ පෝස්ට් එක අහුවෙලා තිබුන නම් ගැට ගහගන්නවා ලොවෙත්.
      මෙණ්ඩා නම් පූර්ව අපර සන්ධි ගලපගෙන නෙව උන්නෙ.
      මේක ඇවිල්ලා දිරාගිය ඇඟක් හීතල අමතලා කියන කතාවක්..
      ජයවේවා..!!

      Delete
    3. හුටා ....ඇති ඔයින් ගියා ...

      Delete
  11. ඒක ඇත්ත සීතෙ මිහිරියාව දැනෙන්න හොඳ ශරීර සෞඛ්‍යක් තියෙන්නම ඕනෙ තමා...
    අනේ එයාට යක්සනී නොකිය වෙන එකක් කියන්නම බැරිද???
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. සීතලට ඇටකටු පුපුරු ගහනකොට වෙන මුකුත් කියල බෑ.. ඕකම තමයි.
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  12. හරි ලස්සන කවියක් නේ.. සීතල වගේමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපේක්ශා... සීතල නම් තවදුරටත් සුන්දර අත්දැකීමක් නෙමෙයි.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  13. Replies
    1. ස්තූතියි මිථිල
      ජයවේවා..!!

      Delete
  14. https://fabfitfun.com/magazine/ice-sex-tips/

    ReplyDelete
    Replies
    1. හම්මේ.... ඔය තියෙන්නෙ.. ප්‍රා දෙන්නෙත් ඇඟ හිරිවැටෙන ඔත්තු නෙව.හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  15. Replies
    1. හ්ම්ම්ම්ම්.. එහෙමත් ගන්න පුළුවන් නේද කොච්චි.ස්තූතියි
      ජයවේවා..!!

      Delete
  16. සීත යක්සනී පෝ පෝ පෝ...හැක්......මරු අනේ 😇

    ReplyDelete
  17. හපොයි අද උදේ වැඩට යන්න එලියට බහිද්දී සෙල්සියස් රින නවයයි ...සීත යක්සනී කියන වචනේ සැර මදියි වගේ බන්.

    ReplyDelete