Wednesday, March 25, 2015

වැස්ස තව දුරයි ද?


ගිණි ගහන අව් පූටකේ අස්සෙන් කැරකි කැරකි හමාගෙන ආපු දූවිල්ල කමල ටීචගෙ නහය අස්සට රිංගන එක වලක්වන්න එයා ඔසරි පොටෙන් නහය තදින් වහ ගත්තා.ඉස්කෝලෙ ඇරුනා විතරයි.ස්පෝට් මීට් ඉවර උනාට හට් සරසන්න ගෙනාපු පිදුරු පරඬැල් වියලි හුළඟත් එක්ක ඇවිදින් මිදුල හැඩි කරලා.
'හෙට උදේ අතුගාන ළමයි ටිකක් එක්ක ගිහින් පිට්ටනිය සුද්ධ කරන්න ඕනෑ'.
 කමල ටීච හිතා ගත්තා.

පාසල ඇරුනත් ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ල වටේ රවුමක් ඇවිදලා බලන එක කමල ටීචගෙ පුරුද්දක්...
ගොඩනැගිල්ලෙ එහා කොනේ අඹ ගහ යට ළමයි දෙනෙක් ඉන්නවා දැකපු ටීච ඒ පැත්තට ඇවිදගෙන ගියා.
ළඟට යනකොට තමයි දැක්කෙ මේ සති දෙකකට කලින් භාරදීපු අයිය මලෝ දෙන්නනෙ.
අයිය පහේ පන්තියෙ.මල්ලි දෙකේ පන්තියෙ.
අයියගෙ පපුවට ඔලුව තෙරපගෙන මල්ලි හොඳටම අඬනවා..
අයියා මල්ලිව සනසනවා.

'ඇයි පුතා?'

ලොකු ළමය අහිංසක විදිහට හිනා උනත් පොඩි ළමයා අයියව තවත් හයියෙන් අල්ලගත්තා..

'ඇයි පුතේ මල්ලි අඬන්නෙ?'

'මේ... චීච.. මේ... යන්න බෑ.. කකුල් රිදෙනවා කියනවා.. දැං යනව චීච...'

'ඉතින් පුතා බස් එකේ නෙමෙයිද යන්නෙ?'

'නෑ චීච.. පාරෙන් ටිකක් ගිහින් වතු පැනලා යන්න පුලුවන්.ටිකක් වෙලා යනවා... ඊයෙ මෙයාගෙ කට්ටක් ඇනුනා.ඒ....ඒ හිංදා බය වෙලා..'

'එන්න පුතා.. යාලුවො ඔක්කොම ගිහිං.. අපිත් යමු... බඩගිනියිද?' 

කමල ටීච කරුණාවෙන් පොඩි එකාගෙ ඔලුව අතගාල අහපු හැටියට උගෙ ඇඬිල්ල නැවතිල්ලත් එක අතකින් කමල ටීචගෙ ඔසරි පොටේ කොනක් අල්ල ගැනිල්ලත් එකටම වගේ උනා.


ගෙදරට වෙලා විවේකීව තේ බිඳක් තොල ගාන කමල ටීචට මැවිලා පෙනෙන්නෙ බස් එකේ යන්න රුපියල් දහයක් ලැබුනම පොඩි එකාගෙ මූණට ආපු සිරියාව.

ඒත් ටීචට සැනසිල්ලක් ලැබුනෙ නැත්තෙ ළමයින්ට බඩගින්නට මුකුත් දෙන්න ගිය වෙලාවෙ ඉස්කෝලෙ ලඟ කඩේකට කියල තියෙන එකම කඩේ, ආච්චිගෙ පෙට්ටිකඩේ එකම එක බනිස් ගෙඩියක් විතරක් ඉතිරි වෙලා තිබුනෙ කාගෙ අහේතුවටද කියලා තේරුනේ නැති නිසා..

හරිම සන්තෝසෙන් ඒක බෙදාගෙන කාල 'බස්' එකේ සැපට යන්න කොර ගගහ ටිකිරි හිනා පපා අයියගෙ අතින් අල්ලගෙන ගිය පොඩි එකා මොනවා දන්නවද?


මීට සතිදෙකකට කලින් මේ දරුවො දෙන්නව ගෙනල්ල භාර දුන්නෙ දරුවන්ගෙ ආච්චි.
පාසලට ටිකක් දුරින් වෙන්න තියෙන පොල් වත්තක තිබුනු පාලු මඬුවක පදිංචියට අලුතෙන්ම ආපු පවුල තමයි මේ.

'කෝ මේ දරුවන්ගෙ අම්ම?'

'මීට මාස හයකට විතර කලින් එල්ලිල මලා නෝනෙ'

'එතකොට තාත්ත?'

'වත්තට ආපු ගමන් ගස් ඔක්කොම සුද්ධ කරන්න කියලා වත්තෙ මහත්තයා කිව්වා...
උදේ ඉඳන් රෑ වෙනකන් ගස් බඩගාල මහන්සි වෙන එක තමයි මගෙ කොල්ල කොරන්නෙ...
මහන්සි අරින්න වත් ඉන්න දෙන්නෙ නෑ ගස් යැව්ව එක දිගට... 
අනේ නෝනෙ මගෙ කොල්ල ගහක් පල්ලෙ පත බෑ වෙලා දැං ඉස්පිටිතාලෙ.
කකුල කැඩිල යකඩ කූරක් ඇණ ගහල ඉන්නෙ දැං.. 
පපුව වාවන්නෙ නෑ...'

ආච්චි එක හුස්මට අඳෝනාවක් වගේ නාහෙයි කටයි අතර තැනකින් අමුතු හඬකින් කියාගෙන ගිහිං කඳුලු බිංදුවක් පිහදැම්ම.

මේ ආච්චිටත් ළඟ ගෙදරක 'පොඩි බේබි' කෙනෙක් බලා ගන්න රස්සවක් ලැබුන නිසා දරුවො දෙන්න ඉස්කෝලෙට භාර දුන්න.


කියන දේ හොඳට අහගෙන කලබලයක් නැතිව මැසිවිල්ලක් නැතිව ආසාවෙන් අකුරු හොයන මේ දරු දෙන්න දිහා කමල ටීච පොඩ්ඩක් විතර විමසිලිමත් උනේ පුංචි වයසට දරාගන්න බැරි තරම් දුකක් විඳින බව ඇස්පනාපිට පෙනෙන නිසාම වෙන්න ඇති.ඉස්පිරිතාලෙ හිටපු තාත්තා ගෙදර ආපු නිසාද කොහෙදෝ අයිය මලෝ සංතෝසෙන් ඉස්කෝලෙ ආවා.


ලස්සන හුරතල් හිනාවකට උරුම කියන පොඩ්ඩගෙ ඇඳුම් පැලඳුම් බොහොම කිලුටු වෙන්නත් හොටු නාවර පෙරන එක,ඔලුව කහන එක වැඩි උනේ එක පාරටම.

'ඇයි පුතේ මේ ඇඳුම..? සෝදලා නෑ නෙ..'

කමල ටීච පොඩි එකා එක්ක දොඩමලු වෙන්න උත්සාහ කලා..

'ම්ම්ම්ම්ම්ම්ම්.........'මේ... අයියා සේදුවා... ඊයෙත්...'

'ඇයි ආච්චි?'

පොඩි එකා ඇඹරෙනව විතරයි... 
උත්තරයක් ගලපගන්නවත් තේරුමක් නෑ තාම...

'ආච්චි වත්තෙ වැඩ කරන්නැතිව ගෙවල් වල ළමයි බලන්න යනව කියල වත්තෙ මහත්තයා ආච්චිව එලෙව්වා....
තාත්තා කිල්නික් යනකොට ඉස්පිරිතාලෙ ඉස්සරහින් මෝටර් බයිසිකලයක් ඇවිල්ල කැඩුන කකුලෙම හැප්පුනා... යකඩ කූර එලියට පැන්නා.. දැං ආයෙ ඉස්පිරිතාලෙ'

ලොකු ළමයයි මේ කියන්නෙ.

'එතකොට කොහෙද පුතේ හිටියෙ?'

'වත්තෙ ගෙදරමයි'

'කාත් එක්කද හිටියෙ? කෑවෙ කොහොමද? එතකොට රෑ..?'

'නැන්ද කෙනෙක් බත් පිඟානක් හවසට ගෙනත් දීල යනවා.
මමයි මල්ලියි ඒක කනව චීච.. 
රෑට බය හිංද පැදුර ගාව කුප්පි ලාම්පුව පත්තු කරගෙන නිදා ගන්නව.'



ගුරු සේවයෙ දශක දෙකකට ආසන්න සේවා කාලයක් සම්පූර්ණ වෙලා හිටියත් කමල ටීචගෙ ඇස් දෙක පෙරලගෙන එන කඳුලු බිංදු නවත්තගන්න බැරිව අසරණව වටපිට බලන ගමන් උගුර පාදලා වත් පපුවයි උගුරයි අතරෙ හිරවුනු ලොකු ගුලිය ගිලගන්න කියලා කමල ටීච අසාර්ථක උත්සාහයක් දැරුවා.

හැමදාම උදේට ප්‍රාථමික අංශයේ ළමයින්ට දෙන ආහාර වේල කොච්චර වටිනවාද කියලා කමල ටීච කල්පනා කලා.. 

මාසෙකට සැරයක් ඉස්කෝලෙට ඇවිල්ල ළමයි බලන වයිද්‍ය සායනේ නිසා ළමයි කීදෙනෙක් සේවයක් ලබනවාද කියලා කමල ටීච කල්පනා කලා...

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නැත්තන් මිනිස්සු කීදෙනෙක් අසරණ වෙනවද කියලා කමල ටීච කල්පනා කලා... 

සීසන් එකෙන්.. නොමිලේ ලැබෙන පොතෙන්.. රෙදි කෑල්ලෙන් පුංචි හදවත් කීයක ලේ ගලන තුවාල සනීප වෙනවද කියලා කමල ටීච කල්පනා කලා..


ඒත් මේ තවත් එක පවුලක කතාවක් විතරයි නේද කියලා කමල ටීචට කල්පනා උනේ තමුන් ඉන්න පැත්තට යාලුවන්ට හොරෙන් එන දහය වසරෙ ළමය දැක්කම.
ටීචගෙ බෑක්කෙකේ දාගෙන හිටපු පුතාගෙ කලිසමකුයි කමිසෙයි දාපු ඉටිකවරෙ ඒ ළමයට දීල කමල ටීච මූණ පසෙකට හරව ගත්තෙ ඒත් එක්කම ගිණියම් හුළඟත් එක්ක හමාගෙන ආපු දූවිලි පාරෙන් බේරෙන්න.

වැහි පොදක සේයාවක් වත් නෑ.... අහස දිහා බලපු ටීචට හිතුනා...


(ප්‍රබන්ධයක් නොවෙයි.)

32 comments:

  1. යතාර්ථය සෑමවිටම ප්‍රබන්ධයට වඩා අපූර්වත්වයෙන් වැඩියි. ( ප්‍රභන්දය නෙවෙයි නිවැරදි වචනය ප්‍රබන්ධය)

    කුඩා කාලේ සෙරෙප්පු දෙකක්වත් නැතුව හැතැම්ම දෙකක් පයින් ඉස්කෝලෙට බඩගාපු මට ඒ කාලෙදිම මේ වගේ දරුවන් දකින්න ලැබුනා. අද මම පොළොවේ පය ගහලා ඉන්නේ දුක හඳුනාගත් නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වැරදි සෑදීම.
      ප්‍රබන්ධය.ප්‍රබන්ධය.ප්‍රබන්ධය.ප්‍රබන්ධය.ප්‍රබන්ධය :)

      හරිම සන්තෝසයි මේ විදිහට අපිව කියවලා නිවරදි කරන එක ගැන විචරක තුමෝ..
      ටියුෂන් යන්න කලින් රෙස්ට් එකට කැපචීනෝ හොයන සමවයස් පිරිස් එක්ක මේ දරුවො කොහොම ඉහ ගහගනියිද කියල හිත හිත ඉන්නකොට විචාරක තුමා ප්‍රස්නෙට උත්තරයත් දුන්නා..
      තං තෝසෙයි.. ආයෙ එන්න..

      Delete
  2. මිනිස්සු දුක් විදින්ඩ ලැබෙන්නේ කරුමෙට...ඒත් දුක continue කරන්නේ මෝඩකමට...
    කතාව හිතට සෑහෙන්ඩ වැදුනා බන්... සුපිරි..

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සුන්ට ඔලුව උස්සන්න අවස්ථා අඩුයි මචං.. හොඳට ඉගෙන ගන්නවා වගෙයි නම් ඒකට වල කපන්නත් ඉස්කෝලෙ ඇතුලෙම ඉන්න සම හරක් දෙපාරක් හිතන්නෙ නෑ..හැබැයි හිතට ගත්තොතින් යකාට වත් නවත්තන්න බෑ..
      තං තෝසෙයි ආවට.. ආයෙ එන්න..

      Delete
  3. ඔය වගෙ දරුවො තව කොයි තරම් මේ පොලොව උඩ දුක් විඳිනවා ඇත්ද... ඒ දරුවන්ගෙ කරුමෙද දෙමව්පියන්ගෙ කරුමෙද කියලා කියන්න තෙරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. එකතු වෙලා කරපුවා එකතුවෙලා විඳිනවා වෙන්නැති බං.. ඒ ජීවිත වලට එන කරදර වල නැවත්හීමක් නම් අහල නෑ..
      තං තෝසෙයි ආවට.. ආයෙ එන්න..

      Delete
  4. සෑහෙන්න හිතට වැදිච්ච කතාවක් ගස් ලබ්බෝ..
    ඒත් ඔහොම අසරණයෝ දැක්කම උන්ගෙන් වැඩ ගන්න බලන නරුමයොත් ඉන්නවා..එහෙම නරුමයො අතරේ කමලා ටීචර් වගේ මිනිස්සු ඉන්න බව දැනගැන්මත් වැහි පොදක් වගේ..උඹ ලියලා තියෙන විදියට මම කැමැතියි..

    ReplyDelete
    Replies
    1. ළමයි බලන්න.. වැඩකාර කමට.. ගස් නග්ගන්න... මිනිස්සු නැති වෙන කාලෙ මේ වගේ අසරණයන්ගෙ මොලේට යමක් යනවට විරුද්ධ එවුන් බොහොමයි..උන් වෙනුවෙන් කථා කොරන්නවත් එකෙක් නැති කාලයක් බං මේක..
      තං තෝසෙයි තරූ.. ආයෙ එන්න...

      Delete
  5. හ්ම්ම්,, මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. මේවා අපිට නොදැනුනාට සමහර තැන් වල මේ විදිහටම වෙන දේවල්.. අපිට වෙනස් කරන්න බැරි සමහර දේවල් තියෙනවා නේද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. මොනව කියන්නද හිතාගන්න බැරි වෙලා නේන්නං ගස් ලබ්බත් මේ කතාව කොටල දැම්මෙ.. මේවත් හුස්ම ගන්න ජීවිත බං... අපට වෙනස් කරන්න බැරි උනාට එයාල වෙනස් වෙන්න කැමති නම් උදවු කරන්න පුලුවන්..

      Delete
  6. මොන වගේ යථාර්ථයන් මේ පොළව මත තියේද බං මේත් එයින් එක් සංවේදි කතාවක්.. ජය වේවා.. මේක ප්‍රභන්දයක් නොවිම ගැන මගේ ඒ හැටි පුදුමයක් නෑ..

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සුන්ගෙ ඔලු කරදර හින්දම හිරි වැටෙන්න මහ කාලයක් යන්නෙ නෑ... දෙමළ වගේ වෙලා උඩහ පැත්තෙ හිටිය නම් නියම මරාගෙන මැරෙන ත්‍රස්තයෙක් හැදුවැහැකි.. මෙහෙ නම් ඉතින් පාතාලෙට බිලී බානවා..
      අපේ මහ එවුන්ගෙත් ඇස් ගෙඩි වලට හෙණ ගහලද මංදා මේවට දිග විසඳුමකට කැප වෙන්නෙ නැත්තෙ..

      Delete
  7. අපූරුයි ලබ්බෙ...
    ඒක ඇත්ත කතාවක් කීවහම කතාව කියවද්දි වුණාට වඩා හිතට දැනුන...
    උං සමහර විට කවදහරි හොද දෙන්නෙක් වෙයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් කියලා ලියලම දැම්මෙ සමහරු හිතනවා මේව නිකං හිතලු කියලා... මේ පොඩි එවුන් වගේ පරම්පරාවක්ම ඉන්නවා... ඒ හැමෝම වෙනුවෙන් අපිට හම්බෙන පලවෙනි කෙනාගෙ ඉඳලම පිහිට උනා නම් එයාලට පොඩි හරි සහනයක් වෙයි..

      Delete
  8. ප්‍රබන්දයක් වුනත් නැතත් මම කියවන මේ වගේ කතා වලට සදුයි පොඩි මෙන්ඩියාවයි දාලා අාදේශ කරලා බලනවා එතකොට බෝක්කට වදිනවා..
    මම ගොඩක් වේලාවට මගේ ඩ්‍රයිවර්ස්ලාගේ බබලාට පොත් පත් අරන් යවනවා. මම එයාලාට කියන්නේ මම නැති කාලේක උඔට සල්ලි තිබුනොත් මගේ පොඩ්ඩාට පොතක් පැනසලක් අරන් දිපං..“ පුතේ උබේ තාත්තා හොද මිනිහෙක්“ කියලා.
    එල ද බ්‍රා..
    උඔ සඡ්ඡා බොහොම ඉක්මනට බොලොග් ලෝකයේ තැනක් හදාගත්තා..එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. 'තමුන්ට අනුව සසඳා බලන්න' බුදු බණෙත් තියෙන කතාවක්.. ගිහියෙක්ට දීල තියෙන ලොකුම අවවාදයක් ඒක.උඹ එතනිනුත් ඔබ්බට ගිහින් තමුන්ගෙම දරුවයි බිරිඳයි ආදේශ කරනවා කියන්නෙ....හ්ම්ම්ම්ම්..... අනේ මං දන්නෑ බං...
      උඹලා ඇවිල්ලා ලියවිල්ල ගැන දෙයක් කියනකොට තවත් එකක් ඉබේම ලියවෙනවා...
      එල ද බ්‍රා..!
      ගෞරවය පාඨකයාට...!
      බ්‍රෑන්ඩ් එක ගල්.. (සැන්ඩි සෝඩා)

      Delete
  9. මෙව්ව ඇත්තටම සිද්ධවෙන හරිම සංවේදී කතා බං... අපිටත් කොච්චර කරදර තිබ්බත් අපි කොච්චර වාසනාවන්තද කියල හිතිලා මේ වගේ දේවල් ගැන පපුව බර වෙන එක හැමදාම වෙන දෙයක්. "දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි"

    ReplyDelete
    Replies
    1. හරියට හරි බං... මොනව උනත් අපි කොච්චර වාසනාවන්තද කියල නම් හිතෙනවා තමයි.. සිරාවටම..

      Delete
  10. ප්‍රබන්ධයට වඩා සත්‍යය විස්මයජනකයි කියල තියෙනවා නේද?මේ වගේ ජීවිත තව කොච්චරක් මේ මහා පොළොවෙ ඇද්ද කියලයි මම කල්පනා කළේ.දිගටම ලියන්න.ජය!

    ReplyDelete
    Replies
    1. ඒක තමා අයියෙ.. හරිම කටුක, තිත්ත යතාර්ථයක අපි ජීවත් වෙන්නෙ... මේ ළමයි දකින ලෝකය ලස්සන වෙන මොනව හරි විතරක්ම කරන්නත් තවත් අවලස්සන නොවෙන්න බලා ගැනීමත් අපේ වගකීමක් වෙලා කියලා හිතෙනවා..
      හරිම හයියක් අයියලා වගේ අය කියවලා කොමෙන්ටුවකුත් දානවා කියන එක...
      අලි... තං තෝසෙයි... ආයෙ එන්න...

      Delete
  11. මිනිස් ජීවිතයකට ඇති වටිනාකම අඩු නිසා තමයි ඔය සේරම ප්‍රශ්ණ.
    අම්මා තාත්තා නැති කළ දරුකෙුගේ ෆොස්ටර් පේරන්ට්ස් ලා වෙන්න ඕනෑ රජයයි.
    කමලා ටීචර්ලා කොච්චර හොඳ වුනත්, එක් පුද්ගලයෙකුට යම් සීමාවක් තියෙනවානේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි... සමහර වෙලාවට සද්භාවයෙන් කැපවෙන මේ වගේ උදවියට සමාජයෙන් නොමනා කතා අහන්න වෙලා එයාල නවතින වෙලාවල් තියෙනවා.රජයකට එහෙම ගැටලුවක් නැති නිසා ඔවුන්ට සීමා රහිතව මැදිහත් වියහැකි නම්‍යශීලී පිළිවෙතක් ඇතිවිය යුතුයි.
      තං තෝසෙයි මේ විදිහට අදහස් බෙදා ගන්නවට... ආයෙත් එන්න..

      Delete
  12. I think my comment is spammed. Pls check in the spam folder.

    ReplyDelete
    Replies
    1. Oopss...!! spam folder is empty.. :(
      I like to shear your valuable idea... pls..

      Delete
  13. මේ කතාව ඇත්තක් නොවේ කියා හිතනවා. එතරම් දුක්ඛිතයි.

    ReplyDelete
    Replies
    1. දැං ඒ දරුවො ඉස්කෝලෙ එන්නෙ නෑ ලු... ගොඩක් වෙලාවට වත්තෙන් පන්නලා වෙන්න ඇති... මේ වගේ කතා බොහොම සාමාන්‍ය පිරිසකුත් ඉන්නවා.. මේක ඇත්තක්.
      හරිම තං තෝසෙයි ආවාට.. ආයෙ එන්න අයියෙ..

      Delete
    2. අපොයි එහෙනම් අමාරුයි. අපේ පදනමකින් සුනාමි දරුවෝ 20කට සල්ලි දුන්න. දැන් එතන ඉන්නේ 7 යි. සමහරවිට භාරකාරයෙක් ඉන්නවා නම් මොකක් හරි උදව්වක් කරත හැකි හොයල බලල.

      Delete
    3. මම අදාල පාසලෙන් අළුත්ම තත්වය දැනගෙන ඔබව දැනුවත් කරන්නම් ඒ ගැන.. යමක් කළ හැකියි නම් එය මහත් වටී ඔවුන්ට..
      ජයවේවා..!!!

      Delete
  14. Ane gaslabbo mama nam lagdi indan tamai atampahura kiyawanda patan aran. Me kathawa nam lesatama waduna mama lions club ekath ekka ekathu wela me wage lamai innawanam udaw karanawa me lamai inna thanak gamak wistarayak denda puluwan nam mama me paara giyama yannam eya
    Lawa balanda email ekak daanda mata akilakureracom@gmail.com

    ReplyDelete
    Replies
    1. අකිල මේක දැක්කද?
      සිංහල බ්ලොග් අවුරුදු තෑග්ග. (ජයලාල් රෝහණ- නෙවිල් ෆර්නෑණ්ඩු- භාග්‍යා iv)
      මේ වගේම දරුවෙකුට බ්ලොගර්ස්ලා එකතු වෙලා ගෙයක්ම හදලා දුන්නා. පාසලකට උපකාර කරනවා නම් වඩා හොඳම ක්‍රමේ මම හිතන්නෙ අධ්‍යාපන බලධාරීන් ගෙන් දුශ්කර පාසල් සොයාගෙන පාසල් සම්බන්ධීකරණය කරගෙන අවශ්‍ය දෑ ලබාදීම.
      මමත් උත්සාහ කරන්නම් ඔබට අවශ්‍ය තොරතුරු සොයා දෙන්න.
      බොහොම ස්තූතියි
      ජයවේවා..!!

      Delete
  15. ඔව් ඔව් දැක්කා ගස් ලබ්බගෙ පොස්ට් ඔක්කොම එක හුස්මට කෙයෙවුවා. අපි දන්න දන්න අයගෙන් විස්තර අරගෙන ගොඩක්ම දුශ්කර පැති වල ඉන්න ලමයින්ට තමයි උදව් කරෙ. වෙලා හම්බෙන විදිහට අපිට පුලුවන් විදිහට මගෙ පන්තියෙ යලුවො ගමෙ යලුවො කීප දෙනෙක් එකතු වෙලා ඔහොම පොඩි වැඩ ටිකක් කරා. මෙ පාසල ගැනත් විස්තර පුලුවන් නම් මට දෙන්න. පලවෙනියෙන් අපි ගිහින් බලල විදුහල්පති තුමා එක්ක කතා කරල අඩුපාඩු මොනාද කියල අහල අපිට පුලුවන් විදිහට උදව් කරන්නම්.(කොම්පැනි නිසා ඇනො වුනා)

    ReplyDelete