Monday, March 30, 2015

ඉන්නද?... යන්නද?



අවනත හදෙක
සහකම්පනය
මහඟු රැකවරණයකි
දිවියට ලැබෙන
දින සති මාස
ගෙවී කල් ගතවත්ම
තත් සුසර නූවාද?
'ටියුන්' මදි වූවාද?
වෙස්මුහුණු පැලඳ නැති
වැට කඩුලු බැඳ නොමැති
ඉඩ හසර එමට ඇති
දිවිය බර වූවාද?
සරා සඳ නුඹ ගැබත
සිටින තුරු සැනසෙන්න
තරු පොකුරු සෑමදා
දුරින් හිඳ මඟ කියාවි..




(චිත්තරේ ගූගල් විසිනි)

40 comments:

  1. යනවනම් පලයන්........................
    එක්කොත් ඔන්න ඔහේ ඉඳපන් බන්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ ඉතින්... උත්තරයක් නොලැබෙන පස්න... පස්න...
      හ්ම්...

      Delete
  2. ෆල ෆල ඝස් ල්භ්භා... ඔක්කොම හොඳයි සුසර යටින් තියෙන ටියුන් මටනම් සෙට් වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ ඊට වඩා සෙට් නොවෙන තැන් අහුවෙයි කියලා...ඒක නොදා බැරි උනා ඔමා..
      හෙහ් හෙහ්...

      Delete
  3. ///දින සති මාස
    ගෙවී කල් ගතවත්ම
    තත් සුසර නූවාද?
    'ටියුන්' මදි වූවාද?///
    කල් යනකොට තත් බුරුල් වෙනවා වෙන්ටැ.........
    යන්නම බෑ වගේ නම් ඔන්න ඔහෙ හිර කරගෙන ඉන්න එකයි ඇත්තේ......

    ReplyDelete
    Replies
    1. හලෝ ශ්‍රීනා.. !
      ( ඇනෝ මැක්කගෙ ආමන්ත්‍රණය කොපි කලා... ඒක හරි ආදරණීයයි බං... :පී)
      ඔන්න ඔහෙ හිරකරගෙන ඉඳිල්ලෙ තේරුමක් තියෙනවාද කියන එක තමයි ලොකුම ගැටලුව...?

      Delete
    2. හායි !! ශ්‍රීනා
      බලන්නකෝ මේ ලබ්බා කියන කතා
      චීයා..... එයත් ඔයාට ලවු ද මෙයා
      ඔයාගේ ඇනෝ මැක්කා කොහෙද කියා

      කියන්නකො මෙයා තරහා නැතිව ඔයා
      එයාටත් ඔය පොල්ලෙන් ඇරියාද මෙයා

      අනේ ශ්‍රීනා තොල් රතු අපි හතර දෙනා
      ෆෝසම් සොමියක් ඕසම් ලෙස ගනිමු මෙයා


      එයි ලබ්බෝ එපා යන්න තවත් දෙන්න
      ඇඟේ ඇලී ඇලි ඉන්න ශ්‍රීනා මට කියයි

      මේ මන් ශ්‍රීනාගේ ලව් එක පොන්න පියා
      අනෝ මැක්ක නොවෙයි ගස් ලබ්බා

      Delete
    3. මූ මගෙ ලව් එකනෙ බන්... ඇත්තටම මට දැන් බ්ලොග් එකට නිතරම එන්න හිතෙන්නෙ මූ ඉන්නවද බලන්න... මේ වගෙ සප් එක දෙන එකෙක් ඉන්නවා නම් දිගටම බ්ලොග් එක ලියන්න පුලුවන්...

      Delete
  4. ජීවිතේ හැමදේම අපේ රිද්මයටම සුසර වෙන්නේ නෑ මල්ලි.. ජීවිතේ රිද්මයට හැඩ ගැසීම තමයි හොඳම.. හොඳ අදහසක්. ඔමා කියුව වගේ ටියුන් නැති උනානම් වඩාත් හොඳ ලියවිල්ලක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ රිද්මයට අනුගත වීම කෙසේ වෙතත් ජීවිතයට තවත් හැඩ තියෙනවා කියලා ජීවිතේටම තේරුම් කරවලා මිසක් කොල්ල නවතින්නෑ...හාමනියක් වත් වදියි නෙ...
      ටියුන් සැර වැඩියි තමයි...ඒ ගැන පහලිං කිව්ව ඔන්න..

      Delete
  5. පැපූ වනගත වෙන්ඩද කල්පනාව?

    ReplyDelete
    Replies
    1. 'පැපූ'... ම්ම්ම්... අඩෙ අප්පා.. ලස්සනයි.ටැංකිව්..
      වනගත වෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? තාම හිත හයිය නෑ ඒකට.. හෙහ්..හෙහ්..

      Delete
  6. තත් සුසර නූවාද?
    'ටියුන්' මදි වූවාද?
    දෙකම එකයිනෙ

    ReplyDelete
    Replies
    1. දෙකම එකයි... ඒ උනාට දෙකක්...
      'තත් සුසර නූවාද?' කියනකොට හෙන ෆයින්.. සංවරයි... කවි ගතියක් තියෙනවා..
      පොඩි නොගැලපීමක් වෙන්න ඇති.. වගේ හිතෙයි වගේ..
      'ටියුන් මදි වූවාද?' කියන්නකොට නිකන් ගැලපෙන්නෑ.. අපුලයි... අප්සැට් වගේ..
      ඒක නොගැලපීමෙන් එහා ගිය අසාධාරණ සැකය.. 'සෙකස්' නොකියා ලිංගික හීනමානයක් වගේ දෙයක් අදහස් කරන්න වගේ හිතුවෙ..
      තාම ඉතින් අළුත් නෙ.. කැටයම් හරි ගිහිං නෑ වගේ.. හෙහ් හෙ..

      Delete
  7. Replies
    1. යන්න යන්න ඔබේ සුවඳ තවත් ලං උනා...
      :D

      Delete
  8. Replies
    1. යන්න එපා . ඉන්න
      යන්න . එපා ඉන්න
      හෙහ් හේ...
      සරදියෙල් මැරුවෙත් මේවගේ නැවතීමේ ලකුණක් මාරු වෙලා කියනවනෙ..

      Delete
  9. මං මන්දබුද්ධිකයි බං, ටියුබ් ලයිට්, නෑ නෑ පිච්චිච්ච ටියුබ් ලයිට්.. අන්තර්ගතය මෙලෝ මගුලක් තෙරුන් නෑ.. අනිත් උන් කොටනකල් හිටියේ "ක්ලූ" එකක් වත් තියනවද කියල. එව්ව තේරුනෙත් නෑ. ප්‍රයිවට් එකේ මේල් එකකින් "ඒ මොකක් ගැනද ලිව්වෙ?" කියල ඇහුවොත් මුකුත් හිතන්න එපා...

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද සජ්ජෝ... ඔන්න දැන් නම් 'ක්ලූ' එකක් හොයාගන්න අහැක් වෙයි කොමෙන්ට් අස්සෙන්.. මන්ද ඔබ බුද්ධිකව සිහි කලේ?

      Delete
    2. මාත් මේ හරියට තේරුමක් හොයාගන්න බැරුව පල්ලෙහාට ආවේ....

      Delete
    3. දැං නං හම්බවෙන්න ඇති..

      Delete
  10. ටික දවසක් විවේක ගනිං. ලියන්න දේවල් හම්බවෙනවා ඒ විවේකේදී. ඒ ඔක්කොම උස්සගෙන කණපලාගන්නැතුව ආපහු වර.

    ReplyDelete
    Replies
    1. (යටිගිරියෙන්...)
      ශුභ උදෑසනක් තුමනේ...ප්.
      මොලේ කචල් වීමට හේතුව වාර්ථා කිරීමට අවසර පතනවා තුමනේ...ප්.
      විවේකය මද වීම නොවෙයි.. ප්, විවේකය වැඩිවී ඉස්මුරුත්තාවට පත්වීමයි හේතුව....ප්
      තුමනේ.....ප්
      අවසරයි තුමනේ......................ප්.

      Delete
  11. එපා යන්න


    (කොමා තිත් බොට ඕන තැනක තියාගනිං)

    ReplyDelete
    Replies
    1. චැහ්... මට මාත්තුරුකාව දාන්න තිබුනෙ 'යවන්නද...? එපාද..?' කියලා..
      නැද්ද දේශකයො..?
      හෙහ් හෙහ්..

      Delete
  12. ටියුන් එක හරියට තියාගත්තොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය 'හරියට' කියන වචනෙ උඩ තමයි ඔක්කොම කෙලි තියෙන්නෙ..
      හෙහ් හෙ...

      Delete
  13. අනේ මේක තේරුම් කරහන්කො බං... කොයි හැටි වෙතත් උඹ යන් එපා.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් ටිකට දුන්නු උත්තරත් එක්ක දැං නං ගැට ගැහිල එයි... බලහං... මං ඉතින් කොහෙ යන්නද හදාගත්ත පැල දාලා.හෙහ් හෙ...

      Delete
  14. තේරුනා මදි වගේ.. කොමෙන්ට් වලින් තමා ගැටගහගත්තෙ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.... ඒක තමයි.. ලියල ලියල ලියල ලියලම හරියයිනෙ.එතකන් ලියනවා.
      මෙහෙම කිව්වෙ නැත්තං මම හිතන්නෙ තේරුනා කියලා..
      බොහොම වටිනවා අදහසක් පලකිරීම.

      Delete
  15. කියෝපු ගමන් තේරුනේ නැහැ. කමෙන්ට් වලින් තේරුම් ගත්ත. එත් අනේ මන්දා.. මට හරියටම තේරුනේ පපායා අදහස් කරපු දේමද කියල...

    ReplyDelete
    Replies
    1. හිටුකො.... හෙට දානව මේකෙ මම කියන්න හිටපු කතාව... තමන් කොහොමද තෙරුම් ගත්තෙ කියන එක එකෙක්වත් කොටල නෑනෙ හැබෑට...
      එනිවේ... දිලිනි බලමු ඔයා හිතපු දේමද කියලා...හෙහ් හෙහ්...

      Delete
  16. යන්න හදන එවුන් නවත්තන එක හරියට, දිය යට රබර් බෝලයක් හංගනවා වගේ වැඩක්. අදමයි ආවේ. එන්නම් දිගටම.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සුදීක අයියා... අයියලා මෙහෙම ඇවිල්ල දේවල් කියනකොට හෙන ගටක් එනවා...අනික හරියටම කයිය අල්ලගත්ත එක..ඒකටනම් මාර හැපි..
      ජයවේවා..!!

      Delete
  17. මං හිතන්නේ මට අදහස පැහැදිලියි..ඒත් අර අන්තිම තරු පොකුරේ කේස් එක නම් ඇල්ලුවේ නෑ..
    උඹ කියන්න හදන්නේ තත් සුසර නොවිච්ච වයලීනයට උඩින් තරු පොකුරක් ඉන්න බව ද? එතකොට යන්න ඕන වයලීනේ ද උඹ ද? :P

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ මෙහෙම.... හරියට සුසර වූවා නම් එක භාණ්ඩෙක තතක් හඬන කොට ලඟ තියෙන අනිත් තතත් කම්පනය වෙනවා.
      සහකම්පනය.(අනුනාදය සංකල්පය හොරා කෑවා.)
      එහෙම නොවෙනවා කියන්නෙ නොගැලපීම් මතු වීම්.දෙන්නගෙම වැරදි තියෙනවා.
      හැබැයි...
      මම මචං සර්ව සම්පූර්ණයි නෙ.(කෙල වෙන්නෙ ඔතන.)
      ඉතිං මම තමයි තරුබවට පත් උන අනිත් තත...
      එයා ගියත් උන්නත් ඈත් ඉඳන් පාර පෙන්නනවා හැබැයි බැලුවොතින් විතරයි පෙනෙන්නෙ.
      තරුවක් වෙලා යන්නද නැත්තම් ඉන්නද කියල ලු නෙ අහන්නෙ.

      Delete
  18. Replies
    1. ඉන්න එක හොඳයි වගේ තමයි අයියෙ... ඉන්න ගමන් සුසර කරගන්න බැරියැ..
      හෙහ් හෙ...

      Delete