පූසරයෝ නුඹ නාඬන්
තව පොඩ්ඩක් ඉඳපන්
ගේ වටේට පාර දිගට
කෑ ගැහුවට වැඩක් නැතේ
උඹේ අක්කා ඈත ඉඳන්
'පූවා' කියනවා ඇහුනට
අම්මත් කාලයක ඉඳන්
එතන ඉඳන් හඬ නැඟුවට
ලඟදි ඉඳන් අප්පච්චිත්
පෙනෙන්නෑලු හඬ ඇහුනට
ඇඳන් මේස පුටු යට වත්,
කඩේ ලඟත් පාර දිගෙත්
එක පතේම බෙදාන කෑ
බ්ලැකියව වැලලූ තැන වත්
පේන්නැත්තෙ ඇයි කියලා
හඬ නඟනා හඬ නවතන්
නුහුරු පිටට සුද්ධ කරපු
සාලයො බත් උඹ කාපන්
කිරිත් සීනි කහට වැඩියි
ඒත් මචෝ කිරි බීපන්
සති අන්තෙට එයැයි ඇවිත්
උයල දේවි රසට ගුණට
කමු එදාට උඹයි මමයි
ඤෑව් උගුරෙ හිර වෙනකන්
එතකන් ඔය හඬ නවතන්
හෙවුම් බැලුම් නවතාපන්
පූසරයෝ මේ අහපන්
උඹ තව පොඩ්ඩක් ඉවසන්..
Phone eke sinhala font pissu kelinawa rate maha ewun wage...
ReplyDeleteHeta ennam, kawiya maru...
මේකනම් මරු මචං...
Deleteමේක කවියක් කියල මම කිව්වට කවියක්මද දන්නේ නැහැ, හැබැයි හිතට දැනෙන රහ ලියවිල්ලක්...
මෙව්ව කවි නෙමෙයි ලොකුපුතා..
Deleteඅනේ මන්දා.. කැටගරියක් නෑ.බ්ලොගේ ලේබල් නැතුව යන්න හිතුවෙත් ඒකමයි.හෙහ් හෙහ්
ජයවේවා..!!
This comment has been removed by the author.
ReplyDeleteoh you are a cat person ! nice to read this too !
ReplyDeleteyaa yaa.. hv to be one.. :) Thank u doc
Deleteජයවේවා..!!
කලේ පැන් ඇත නවුම් රහ නැත.. බිරින්දත් නෑ වැඩට ගොහින් නෙහ්.. මේක හරිම කූර ලෝකයක් පූසෝ.. :(
ReplyDeleteහදාගත් ලුණුමිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ.... හෙහ් හෙහ්
Deleteලෝකෙ කූරයි කූරම කූරයි.ඒ කූරෙ ගහල චිකන් කෙබාබ්ස් හදං කන්නයි කම්පනාව.
ජයවේවා..!!
ඇත්තටම ඔය වගේ වෙලාවට කලේ පැන් ද බෝතලේ පැන් ද බොන්නේ ? :D
Deleteබෝතල් පැන් භාවිතය අති විශේෂ අවස්ථා වලට විතරක් සීමා කරන්න වෙලානෙ තියෙන්නෙ.නැහ් නං ඉතින් ආයෙ මක්කෙයි...
Deleteඅපේ ගෙදර පූසෝ හතර දෙනෙක් ඉන්නවා..උන්ගේ චර්යාවන් අධ්‍යයනය කරන තරමට විචිත්‍රවත් ...
ReplyDeleteඔක්කොම හරි එයාලගෙ නීති තමයි නීති.ආයෙ පොඩි චාන්ස් එකක් වත් දෙන්නෑනෙ හැබෑට
Deleteජයවේවා..!!
වයිෆ් ගෙදර නැති උනාම පූසරයාත් බඩගින්නේ. මහ එකත් බඩගින්නේ නේද....වයිෆ්ලා කියන්නේ මලෙන්, සුවඳෙන් පුදන්න ඕන ජාතියක් ලබ්බෝ...
ReplyDeleteආයිත් අහලා.. හැබැයි බඩ ගින්නෙ නම් නෑ.මොනව හරි ලයින් කරනවා.පෝක් විත් ග්‍රීන් ඇපල් වලට තමයි ට්‍රයි එකක් දෙන්න කල්පනාව ඊලඟට.
Deleteඑයැයිලගෙ අම්මත් උයාගන එන නිසා කෑම අවුලක් නම් ලොවෙත් නෑ.හෙහ් හෙහ්
ජයවේවා..!!
අහෝ ඛේදයකි _ . :)
ReplyDeleteවාද නෑති... බේද නැතී.. ලස්සන ලොව හෙට අපට උදා වේවා....
Delete(හුටා.. බේද නෙමෙයි ඛේද නේද ලියල තියෙන්නෙ...)
ජයවේවා..!!
ඤෑව්.kenek matah innava
ReplyDeleteහ්ම්.. ලස්සන පූසෙක්.හැබයි එයාගෙ නම තමයි ගස්ලබ්බට තාම කියවගන්න බැරි..හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
කැරපොත්තො කන්ට එපා
ReplyDeleteකටුස්සො අල්ලන්න එපා
හැබැයි මීයො නම් අල්ලනවා ලෙසටම.වීදුරු,කෝප්ප බිඳල බඩු මුට්ටු පොලේගහල අහක්කෙලා මීයව කනවා නැට්ට පවා.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
ඌවත් එක්කං කොලඹ වරේන් තුන්දෙනාම අඩියක් ගහමු
ReplyDeleteකට්ටිය නැතුව දැනටමත් උට නුහුගුනේ වගේ... ආයෙ පිට ගෙනිහින් පෙව්වා කියන්නෙ සදා සොත්ථි... හෙහ් හෙහ්
Delete(තිබහක් නම් දැනෙනවා තමයි.)
ජයවේවා..!!
ඕකව සුරංගගෙ ටිකිරි සඳමාලිට සෙට් කරල දුන්නනං හරි.
ReplyDeleteඔබ දුරයි නෙතට....මා සිටිනා ලවැලි තලාවේ.. කියල දුක් ගී ගයන්න ගත්තොත් කණක් ඇහිලා වසලා හමාරයි.ඒ නිසා මෙහෙ අන්තඃපුරෙත් එක්කම ඉන්න අරිමු.. හම්බෝ..
Deleteජයවේවා..!!
🐱වැළපුම් ගී ඤෑව් වර්ශන්....සුපිරි.....👌🏼
ReplyDeleteහපොයි.. වැලපුම්... හ්ම්ම්... ඔව් නේන්නං.
Deleteහෙහ් හෙහ්
ජයවේවා..!!
හෆොයි පාආආආව් පූස. ඕකට කඩෙන් ගෙනල්ලහරි කන්න දියං ලබ්බෝ.
ReplyDeleteකඩේ කෑම කන්නෑ බං... පෙඩිග්රි වත් කන්න මනාප නෑ කියහංකො මේ තඩියා.උයල දුන්නොත් කනවා දෙන දේ.
Deleteජයවේවා..!!
පූසරයා කියා යෙදුමක් මීට පෙර අහලා නෑ!
ReplyDeleteරසික 90 ගණන් වල වගේ TV එකෙත් පෙන්නපු මී පුරවැසියෝ වේදිකා නාට්‍යය බලල නැද්ද...
Deleteමට මතක විදිහට ඒක බැලුවට පස්සේ තමයි අපිත් ඔය පුසරයා කියන නම පාවිච්චිය පටන් ගත්තේ, හැබැයි ඒ නම ඒ විදිහටම තිබුණද කියන එකත් දැන් මතක නැහැ...
කොහොම උනත් අපිත් ඉස්සර පුසරයා කියන නම පාවිච්චි කලා...
දැන්නම් කියන්නේ "කිටි-කා" හෝ "පුවා" කියලා, ඒ අපේ පොඩි එකා පුසන්ට කියන නම්...
පූසරයා පනින සිනා -ජීවිතයක් නැතිව යනා
Deleteඔහු නොයෙනා තැන කොතැනා//
කාටත් බැරි කුණුකන්දල් කන..
මී පුර වැසියෝ..//
.......
පොත් හතක අටක් දැනටත් ලියා දමාලා
තියනව මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා...
වගේ සිදු තාම මතකයි.මීපුරවැසියෝ නාට්‍යයෙන් තමයි ඒ නම අහුලගත්තෙ.
ජයවේවා..!!
ගෑණු සතා පූසාරිය
Deleteප්‍රා ආගමික සහජීවනයට අකුල් හෙලන්ටෙපා හරිය? කියන දෙයක් සිවුරකට විතරයි.. නැත්තම් කේස්
Deleteබවලත් උදවිය නැතිවෙනකොට ඔහොම තමයි
ReplyDeleteපූසර බාසාවෙන් ලියා ඇති බව පෙනේ.
බවලත්තුන්ගෙ බලවත්කම නම් මෙතකෙයි කියන්න බෑ මචෝ..
Deleteජයවේවා..!!
පූස් වැලපුම... පේනවනේ ගෙදර උන්දා නැති උනාම දෙපා සිව්පා සේරම බඩගින්නේ
ReplyDeleteහෙහ්... අපි ඉඳියි බඩගින්නෙ.. උයනවා.හැබැයි ඒවට අළුතෙන් නමක් දෙන්න ඕනෙ.හෙහ්හෙහ්
Deleteජයවේවා..!!
මේක කියවනකොටත් අපේ පූසරයා කෑගහනවා... ඌටත් අම්ම බත් අනල දුන්නැත්තන් කවුරු දුන්නත් වැඩක් නෑ...
ReplyDeleteඅන්න ඒකනෙ... එයාලගෙ මහ අමුතු නීති තියෙන්නෙ.
Deleteජයවේවා..!!
පයින් ගහන්ඩ ඕනෙ ඕකට විසි වෙන්ඩ ඤෑව්..ඤෑව්...ඤෑව් ගානකොට
ReplyDelete(කෲර වැඩිද මන්දා)
වැඩියි වැඩියි.... හොඳටම සැර වැඩියි... හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
කොළඹින් ඇනෙක්ස් එකක් ගත්තානං මොකෝ වෙන්නේ...?
ReplyDeleteඒකත් ස්වීට් ඩ්‍රීම් ගොඩේ තියන එකක් නම් තමා.. තමා...
Deleteජයවේවා..!!
අඩේ ලබ්ස්.. කන්න උයනට පුරුදු වෙයන්කෝ. කුකුලෙක් පරිප්පුවක් ගහගන්න එක මහලොකු ගේමක් නෙමෙයි බන්ස් 🙈
ReplyDeleteපව් උබද නැත්නං පුසද? 🤔
උයනවා මචං ශේප් එකේ.වැඩිය උයන්න වෙන්නෑ වයිෆගෙ අම්ම ගෙනත් ෆ්‍රිජ් එකෙ පුරවලා යන්නෙ.ඒ අස්සෙ මාත් දෙනව බැස්ටිය.
Deleteපූස පව් බං.උට මුකුත් තේරුම්ගන්න බැරුව වයර් ශෝට් වෙලා වගේ..
ජයවේවා..!!
අහෝ කේදයකි ඉරකි තිතකි කොමාවකි
ReplyDeleteකේදයට බෙහෙතක් ලෙස කේඳි දමා යහමින් ලුණු ගම්මිරිස් යෙදූ පොඩි මාළු අළුත් පොල්තෙලින් බැද අනුභවය යෙහෙකි..
Deleteජයවේවා..!!
ජයවේවා..!!
ReplyDeleteජයවේවා..!!
Deleteපූසර නුඹ නාඩන්- තව පොඩ්ඩක් හිටහන්
ReplyDeleteමම උඹට කුම්බලා දෙනවා.....
කුම්බලා මාළු කෑවනම්..... හපොයි
Deleteජයවේවා..!!
අපොයි දෙය්යනේ ගස් ලබ්බටයි පුසරයටයි වෙලා තියෙන දේ ?
ReplyDeleteදෙන ගස් ගේ පයේ අපලේ මොකෝ උනේ ?
එය එසේමයි... ඒත් බොන්න අවුලක් නෑ.වරෙන්
Deleteජයවේවා..!!
ඉන්නකොට අගේ නෑ ඒත් නැති උනාම පට්ට පාලුයි නේහ් හෙ හෙ හේ
ReplyDeleteආයෙත් අහලා... දුකා දන්නවාද ඔහේගෙ අර පිච්චුන වෙලේ හදපු පෝස්ට් එක කොච්චර වටිනවාද කියලා? ලඟදිම ඒකෙ ගස්ලබු වර්ශන් එක බලාපොරොත්තු වන්න.
Deleteජයවේවා..!!
මේ ඔක්කොම පූශ්ලා ගැන කතා ලියනවා...සත්ව ලෝලියෝනෙ
ReplyDeleteඕ යේශ්.. අපි ඉතින් නිතරම බල්ලටත් මචං කියන්න පෘථිවියේ ඇලේ ඇඟට දැනෙන්න රෙඩි පිට ඉන්න උදවිය වෙච්චි..
Deleteහෙහ් හෙහ් හේ..
ජයවේවා..!!