Tuesday, February 24, 2015

කිති කැවුනා කිති කැවුනා (2)



(1 මෙතන )


කිය කිය හිටියෙ නයිට් ක්ලාස් එකේ පලවෙනි දවස ගැන නෙ.
මම හිටපු හරිය ටිකක් කලුවර ගතියකුත් තිබුනා.
මම තාම පස්ස බලාගෙන.

"කලුවරේ ඉඳලා නින්ද යයි.. එන්න මේ එලිය තියෙන තැනකට"

සර් ගෙ හඬ ඇහෙන්නෙ.මම තාමත් පස්ස බලාගෙන.හෙමින් සැරේ ඉස්සරහ බලනකොට ආයෙත් හැමෝම මහ හයියෙන් හිනා උනා.හුඟක්ම මගෙන් බයිට් උන කෙල්ලො...

එතකොටම දැක්කෙ ලයිට් එක තියෙන්නෙත් එයා ඉන්න තැනමයි.
කොහොමත් මගෙ එලිය තිබුනෙ එතන විතරයි.
පළඟැටියා පහනට ඇදෙනවා වගේ මමත් ගිහින් එයාගෙ පිටිපස්සෙන්ම බංකුවට බර දුන්නා...

ම්ම්ම්.... සුවඳ......

අමුතු සුවඳක් තියෙන ෂැම්පු එකක් ගාල තියෙන්නෙ..
තාම මතකයි ඒ සුවඳ..

මේ ක්ලාස් එකේ කරන්නෙ පේපර් වලට වෙලාවට උත්තර ලියලා,බලලා,සාකච්ඡා කරන එක.
නැගල යන වැඩේ.ඔන්න පේපරේට උත්තර ලියල වෙලාව ඉවර උනා නෙ.
සර් කියපි "දැං ඉස්සරහ බංකුවයි පිටිපස්සෙ බංකුවයි උත්තර පත්තර මාරු කර ගන්න" කියලා.
ආයෙ මට ඉතිං.... සංතෝසෙ කං දෙකෙං බේරෙනවා..
දැං කොහොමත් කතා කරන්න පුලුවං නෙ.
ඇත්තටම එයා ලස්සනයි.
හරිම ලස්සන හිනාවක් තියෙන්නෙ.
පේපර් එක මාරු කරගෙන මූණට වැටුනු කෙස් රොදක් දකුණු අතින් කන අස්සට යවන ගමන් ලාවට හිනා උනා...........
මම ගල් උනා..
එයා කතා කරන හැම මොහොතකම හිනා උනා..
මම ගල් උනා..


කොහොම හරි එදා ක්ලාස් ඉවර උනා.ඉවර වෙලා කථා කරන්නත් හිතුනා.. ඒත්...
එහෙම හරි නෑ නෙ.මගෙ රැස් වලල්ලට මොකද වෙන්නෙ එතකොට.. හ්ම්ම්...
අනිත් දවසෙම කතා කරනවා..කියලා ලොකු සීන් එකේ එලියට බහින කොටම මෙන්න මගෙ පියතුමා ඇවිල්ලා.
මහ රෑ නිසා දක්කං යන්න ඇවිත්.
දැං ඉතින් මක් කොරන්නද... විස්තර ටිකක් හොයා ගන්නම් කියල හිටියා ඒකටත් කෙල උනා නෙව.
පුදුම තරහක් ආවෙ.ගෙදර යනකල්ම කතාවත් කලේ නැද්ද කොහොද මම.
පවු ඉතින්... පියතුමා මක් කොරන්නද කොල්ල තිරිහං උනාට.


රායිට්.....
අන්න නිදි නැති රාත්‍රිය අංක එක.
මේකි පුදුම වදයක් නෙව දුන්නෙ.
නින්ද යාගෙන එනකොට හිනා වෙලා මගෙ දිහා බලනවා.පපුව ගැහෙන හිටු කියලා.
බැරිම තැන ගත්තා කොලයක්.
රැක් එකේ තිබුනු කලිසමේ සාක්කුවට අත දාල ගත්ත පෑනත්.
හිතට ආපු හැඟීම් දැම්ම කොලේට..
හැබැයි පට්ට කලුවර.ලයිට් දැම්මෙත් නෑ..කලුවර දැනුනෙත් නෑ..
මේ විදිහට හැම රැයකම කවි ලියැවුනා.. උදේ පාංදරත් ලියැවුනා..
ඔක්කොම පොත් අස්සෙ හංගලා පස්සෙ තනියම කියවනවා.අන්න එහෙම තමයි කොල්ලා පාඩම් කලේ.

ඇඟිලි ගැන ගැන හිටියෙ ඊලඟට ක්ලාස් යන දවස වෙනකං..
ඔන්න හෙට යන්නෙ කියලා ගියා අක්කගෙ කාමරේට.පාට පාට පෑං දෙකතුනකුයි කැපිලා අහක් උන පාට පාට ඒෆෝ කොල කෑලි ටිකකුයි අරන් ඇවිත් හැංගුවා.
ඊයෙ පෙරේද ඉඳං රෑට ඇහැරගෙන පාඩං කරන කොල්ලට අම්ම කෝපි එකකුත් උණුවතුර බෝත්ලේකට දාල දුන්නා.
අම්ම දන්නවැයි මම මක්ක කොරනවාද කියලා.
මුලු රෑම කරපු එකම වැඩේ තමයි අර කවි කෑලි කොල කෑලි වලට අරන් මගෙ නුහුරු නුපුරුදු පාට පාට හීනෙ හැඩ කරපු එක....
ම්ම්ම්ම්..... ඇස් වහගෙන.... තනියම හිනා වෙවී....
කවුරු හරි දැක්කනං අංගොඩින් මෙහා නවතිනෑ.. සුවර්..!


කොහොමිං කොහොමිං හරි දෙවනි දවසෙත් ක්ලාස් යනකොට මම පරක්කුයි.
හැබැයි අනං මනං නෑ පැණිහැලිය හොයාගෙනම ඇඹලයා ගියා.
කොතෙන්ට ගියත් ඉඩක් ලැබෙන නිසා (ඒ කාලෙ ) අවුලක් උනෙත් නෑ..

එයා හිටපු බංකුවෙ හිටියෙ එයාගෙ යාලුවො විතරයි.
පිටිපස්සෙ බංකුවෙ.. ඒ කියන්නෙ මම දැං ඉන්න එකේ ඉන්නෙ යාලුවන්ගෙ යාලුවෝ විතරයි.ආයෙ වෙන මොනවද ඉතිං... දෙන දෙයියො බන්දේසියෙ තියලම දීලා..
ඔන්න පේපර් මාරු කරන වෙලාව..
කවි ටික මේකට දාල දෙනවද... නැද්ද..දාල දෙනවද... නැද්ද..
නෑ...එහෙම දෙන්නෙ නෑ.. 
මේකි කෑ ගැහුවොතින් හතර විලි ලැජ්ජාවක් වෙන්නෙ..
පෙනුමෙන් ශාන්ත දාන්ත උනාට 'සේෆ්ටි ෆස්ට්' කියනවනෙ.

ක්ලාස් ඉවර වෙන්න මොහොතකට කලින් මම එයාගෙ පෙන්සිල් කේස් එක ඉල්ල ගත්තා.
(ඊට කලින් වතුර ඉල්ලගෙන බීලා.. පෑනක් ඉල්ලගෙන වගේ වට පිට තත්වෙ නෝමල් කරන් හිටියෙ ) කාටවත් පේන්නැතිව ඒකට බඩු ටික දාලා මුකුත් දන්නැති සතා වගේ මම ආවා.
එයාගෙ ගෙවල් ගොඩක් ඈත..බෝඩ් වෙලා තමයි සෙන්ට්‍රල් එකට යන්නෙ කියල එහෙම දැං කොල්ලා දන්නවා.
ඇස් දෙකෙන් පිහදාල එකතු කරගත් එයාගෙ රූප ටිකත් හිතේ ගුලි කරන් ගියා ගෙදර පියතුමා එක්ක.


ඔන්න අමාරුම හරිය... 
සතියක් කල් ගත කරන එක.
අනික කාටවත් කියලත් නෑ නෙ සීන් එක.
හරිම අමාරුයි හිර කරන් ඉන්න.ඉතිං පීඩනේ අඩු කර ගන්න ආයෙත් කවි ම තමයි.


ඊලඟ දවසෙ ක්ලාස් යන්න නිකං මොකද්ද මොකද්ද වගේ.. 
නොගිහිනුත් බෑ.. 
වැඩේ නෝණ්ඩිද දන්නෙත් නෑ..
ඕන එකක් සිලිං දෙකයි කියලා කොල්ල ටිකක් කලිං ගියා.
ගිහිං ඉව අල්ලල බැලුවා.අවුලක් නෑ වගේ.... 

අන්න එනව හෙමිං හෙමිං... 
එනවද පාවෙනවද...
ඒ වගේ සීන් ස්ලෝමෝශන් වෙලා ටාගට් එක විතරක් ෆෝකස් වෙලා අනිත් අය බ්ලොට් වෙලා පේන හේතුව අදටත් මට තේරෙන්නෙ නෑ...
එයා මම හිටගෙන හිටපු ගහ යටින් හැරිලා ක්ලාස් එකට යන ගමං ඇස් කොනෙන් බලලා නහය පුංචි කරලා බලපු බැල්ම..... 

& අලේ..... මම රාත්‍රිය.. උනා නම්...&

අවුලක් නෑ.. හෙහ් හේ.... 

& මගෙ ලෝකේ මං සක්කර දෙයියෝ...සුර ලෝකේ හීන මවන්නේ...&

දැං බොහොම සංතොසෙන් කල් ගත කරන්නෙ... 
හැම සතියෙම කවි දෙනවා... මගෙ පේපරේ එයා බලනවා... 
ඒත් එයාගෙ එක පේපර් එකක් මම බැලුවෙ පලවෙනි දවසෙ විතරයි.ආයෙ මට දුන්නෙ නෑ..
මට ගානකුත් නෑ ඉතිං..
එයා මගෙ ගණනුයි කවියි දෙකම බලනවානෙ..
ඔහොම සති ගානක් ගෙවුනා.... 

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

(3 මෙතන )

තරහා අවසර...
හුම්මක් කටක් අරං හෙම ඉතුරු ටික හෙට කියඤ්ඤං හොඳේ... වැරදි අඩුපාඩු කියාදෙනවනං බොහොම වටිනවා.
(පිංතූරෙ ගූ ගල් අස්සෙන්.)

29 comments:

  1. උඹ නම් මග ගස් ලබ්බෙක් බං... බලපන් අදත් හොඳම හරියට එද්දි නැවැත්තුවනෙ.. එල එල දිගටම ලියපං..ජය.. බ්ලොග් රෝලට දාගත්ත ඔන්න...

    ReplyDelete
    Replies
    1. තං තොසේ බැරුවා... රෝල් කරමු.. රෝල් කරමු... ආයෙ එන්න... ලබු ඇට ගනින්න..

      Delete
  2. මෙගාවක් කොරන්නැතුව ඉක්මණට ඉවර කොරහං.. ඔව්ව දිග වැඩි නෑ කියවන අපිට..

    උඹ මගේ ෆස්ට් ලවු එක කියවල තියෙයිද? වන් ශොට් නොකවුට්..

    කතාව නැතත් කමක් නෑ පුළුවං නං අර කවි ටික ප්‍රසිද්ද කොරපං.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කියෙවුව දීපු පාරෙ ගොහිං... සුන්දර කවි ටික.
      කොච්චර කල් ගියත් පරණ වෙන්නෙ නැති මතක...හිතක් තියෙන හැම මනුස්සයාටම මෙහෙම අත්දැකීමක් නම් තියෙනවා මයි. හ්ම්ම්....
      අර කවි ටික එයාට දුන්නා දුන්නාමයි....
      ඔන්න වෙච්ච දෙයක්...

      Delete
  3. ඕන ලබ්බක් කියල ඔන්න අපිත් ආව.
    2 කියවන්න ඉස්සෙල්ල 1 කියවල ඉන්න එපැයි. ඒක කියෝල එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. රායිටෝ.... කියෝල බලල අඩුපාඩු කියන්නකො අයියෙ... තාම ගස්ලබු පැලේ නෙව...

      Delete
  4. ජය වේවා! ඔහොම යමු...

    ReplyDelete
    Replies
    1. වෙල් කම්... වෙල් කම්.... අයෙත් එන්න...අශාන් ලබු ඇට ගනින්න..

      Delete
  5. ජ ය වේ වා !!!
    දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු.... තං තෝසයි ගොඩවැදුනට....... ආයෙ එන්න ගස්ලබු ඇට ගනං කොරන්න..

      Delete
  6. මට කොටස් භීතිකාවක් තියෙනෝ,, කොටස් කතා අරහන් අම්මපා, ගස් ලබ්බා ලියන ඊලග පෝස්ට් එක කියවන්න එන්නම්,, මේක කියවුවේ නෑ :D

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත.එක දිගටම ලිව්වොතින් දිග වැඩිවෙයිද කියල හිතෙනවා.ඒකයි කොටස් කලේ.ඉතිරි ටික හෙට දාන්නයි ඉන්නෙ.. ඒකත් කියවලා එහෙනං ගුණාගුණ කියන්නකො... ආවට ඉස්තූතියි ඔමා..ආයෙ එන්න...

      Delete
  7. වැඩේ සැට් වුනාද?..හොදම හරියට ඇවිත් නවත්තන්න එපා යකූ...
    කෙල්ලට ට්‍රයි කරන වෙන එවුන් හිටියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කොටෝම විසඳුම මඟ එනවා.... මේ ලඟ...අප්පච්චියේ ඒ කාලෙ හැබෑට...

      Delete
  8. උඔ කූඩු ගහන්නේ නැති බව අපේ අක්මාවට දැනෙනවා..ඒ වුනාට ඒ කතාවේ ගතයුතු ගොඩක් දේ තියනවා..#ත්තේ පොලිස් කාරයො හිතන්නෙ උන් තමයි පොරවල් කියලා..ඒකේ ඉතුරැටික ලියපන්.
    ගල් බලකායට නවක සාමාඡිකයින් බදවාගනු ලැබේ.
    බ්‍රෑන්ඩ් එක ගල්
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. කුඩු තමා කුඩු... උන් පොලිස් කියල කොච්චර සීන් එකද කියාන්නෙ අයි ඩී එක වත් පෙන්නනෑ.. අහිංසකයින්ට තමයි ඔක්කොම ලයින් එක...ලියන්නම් මචං. මේ පැත්තෙ එන එක ලොකු හයියක් ගස් ලබු ඇට ගනින්න...
      බ්‍රෑන්ඩ් එක ලොවෙත් ගල්....
      ඉස්තූතියි..!

      Delete
    2. ඔය කිවුවට බොන්න ගියාම ඔය මෙන්ඩ ගල් දිහාබලන්නෙවත් නෑලු.

      Delete
    3. මෙන්ඩ කියනවා ඇත්තෙ 'මෙන්ඩිස් ගල්-ගැහුවම මල්' ජාතිය වෙන්ටැ.. දැං කොහෙද ඒවා.. DCSL තමයි ඉතිං.

      Delete
    4. බ්‍රෑන්ඩ් එක ගල් ඔපිස් එකේ විදුරැවෙන් එලියෙත් දකින්නෙත් ගල්..

      Delete
    5. ඔය බ්‍රා පැට්ටේරියක ඔපීසියේ ජොබක් ලැබුන මගෙ උපාසක ම මට්ටමේ යාලුවෙක් ලඟදි ජංගල් ට්‍රිපක් ගිය වෙලාවක අනිත් උන්ට හොරෙන් ළඟට ඇවිත් අහනවා
      'සිගරට් නැති රොකට් තියෙනවාද?' කියලා...
      මම උට රවපුවාම ඌ කියනවා
      'අපේ ඔෆිස් එකේ කෙල්ලො බං ගෙනෙන්නෙ.. ඔතන්නෙ දෙකම බං.. මාත් ඔහෙ ගහනවා' කියලා.
      ඉතිං ගල් නෙමෙයි මොනවා නොපෙන්නයිද?
      පරිස්සමෙන් මෙණ්ඩෝ...
      බෝතලේ ගලේ ගහයි.

      Delete
  9. හිහ් හිහ් හී....
    ඉතුරු ටිකත් කියන්ටකො ඇ....
    ඔහොම ලියුමක් හරි මොකක් හරි දෙයක් දීපුවම නැත්තං
    ඹං ඔයාට කැමතියි කියල පහු වෙදිනද ආයෙ මූන බලන එක තරං වහුටු ගේමක් ලොවෙත් නැතිව ඇති
    නැද්ද හා

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... එලියෙන් බලන එවුන්ට නම් පේන්නෙ කොල්ල සිංහයා වගේ ඉන්නවා කියලා.ඒත් හදවත ගැහෙන්නෙ කටිං එලියට එන්න... ඔය වෙලාවෙ මූණ දෙන විදිහෙන් කෙල්ලො සෑහෙන ලකුණු ගානක් දෙනව කියලයි ආරංචිය...
      හෙහ් හෙහ්.. ආයෙ එන්න... ගස්ලබු ඇට ගනින්න...

      Delete
  10. මේ හුන්නස්ගිරිය ලියල ඉවර උනාම මේලක් දාහන්, මං යනව බන් යන්න.

    ReplyDelete
    Replies
    1. දුන්න නේද කනේ පාරක්... හපෝයි..

      Delete
    2. දුන්න නේද කනේ පාරක්... හපෝයි..

      Delete
  11. යකෝ............ ප්‍රශ්ණ දාහක් හිතේ තියලා කොල්ලා ගියානේ... හොදම හරියේ නැවැත්තුවේ අැයි.???? අපි පට්ට කුතුහලයෙන්.... කතාවේ හැටියට නම් ගොඩයන්න අැති...... හා නැද්ද හොදයි???

    ReplyDelete
    Replies
    1. සිතුදේ නොම වෙයි නොසිතු දෙයම වෙයි...
      කු.ගෑ.ගී.ප. ඔන්න අන්තිම කොටසත් දැම්මා..
      කියවලා කොහොමද කිව්වොතින් වටී..

      Delete
  12. අදම තමඊ කතාව දැක්කේ හොඳයි ,එත් ඇත්ත කතාවක් නිසා දුක ඇති නේද .ජිවිතේ හැටි තමි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං එහෙම උනා ඇනෝ...
      කොටස් තුනම කියවන්න ඇති... ජීවිතේ ඉතිං මෙහෙමයි..
      තං තෝසෙයි ආවට මේ පැත්තෙ.ආයෙ එන්න... හිතෙන දේ කියන්න..

      Delete