Monday, February 23, 2015

කිති කැවුනා... කිති කැවුනා...



ඒ දවස් වල මම ඕ ලෙවල්.පිරිමි පාසලකට ගිය මට ඇත්තටම කෙල්ලො කියන සබ්ජෙක්ට් එක මැජික්.විශය බාහිර කටයුතු කරන්නම ඉස්කෝලෙ ගිය මට ලකුණු අඩු වුනු එක අවුලක් නැතත් ගෙදරට අවුල් උන නිසා වදෙන් පොරෙන් ගණන් පංතියකට යන්න උනා.හැබැයි කි.මී5ක් දුරින් තියෙන පුරුදු නගරෙට නෙමෙයි කි.මී 10ක් විතර ඈතින් තියෙන උප නගරෙකට.ටියුශන් සර් සහ ගුරුවරයෙක් ම උනු මගෙ පියතුමා අතර තිබුනු සුහද බව ඒකට හේතු වෙන්න ඇති.
මේ ක්ලාස් එකට කෙල්ලොත් එනවා කොල්ලොත් එනවා.මම අයිනක් අල්ලන් වාඩි වෙලා ගාණක් දෙකක් එහෙම හැදුවා නිකං හීනෙන් වගේ.ඇයි...ගවුං ඇඳපු අමුතු සත්තු ජාතියක් හැමතැනම නෙ.ඔලුව හොල්ලන්නැතිව වට පිට බලන්න ගිහින්ම ඇස් දෙක රිදෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
ඉන්ටවල් එකේදි රැග් එකට වගේ ටෝක් කරන්න ආපු අයත් විදුහලේ නම ඇහිලා කුතුහලයෙන් මාරු වෙලා ගියා මෙවුං මොකො අපේ ඒවට එන්නෙ කියාගෙන.එහෙං මෙහෙං හිත් හොඳ කොල්ලො දෙතුන් දෙනෙක් සෙට් උන නිසා ලොකු අවුලක් උනෙ නෑ..
දැං ඔන්න ඔය විදිහට හැම සතිඅන්තෙම මම තනියෙං ක්ලාස් යනවා... එනවා.අවුලකට තිබුනෙ කෙල්ලංගෙ කං කරච්චලේ විතරයි.මගෙ කනට කොහොමත් හුරුම නෑ ඒ කච කචේ.වැඩත් හොඳට කරන සහ අඩු කතාබහ නිසා ක්ලාස් එකේ අමුතු තැනක් මට තිබුනෙ.
ඔන්න ඉතිං එක සැරයක් මුලු දවසම ක්ලාස් තිබුන දවසක ඉන්ටවල් එකේ කෙල්ලො විතරක් ඇතුලෙ ඉන්න වෙලාවක මම බෑග් එකෙන් මොනවහරි ගන්න ඇතුලට ගියා.

"අන්න යුනිෆෝම් ඇවිල්ලා."
"පයිතගරස් කියලද දන්නෑ හිතං ඉන්නෙ." 

යකෝ මුං මට නෙවෙ කියන්නෙ මේ.
විලි ලැජ්ජාවයි ආත්මානුකම්පාවකුයි ආවා එකපාරම.
පඩ කෙල්ලන්ට ලොකු රැවිල්ලකින් ප්‍රතිචාර දක්වලා මම ඉක්මනට එලියට පැන ගත්තා.. උං කියපු එක දෙයක් ඇත්ත.මම හැමදාම ඇන්දෙ එකම කමිසෙයි කලිසමයි.
මටත් ඒක ඒ වෙනකන් නිච්චි උනේ නෑ... හැබැයි මාත් අනිත් සතියෙ ඉඳන් වෙනස් උනා.
ගේම නං ගේම.
තෝර ගත්තෙ කට සැරම කෙල්ලව.
දුන්නා රිදෙන බයිට් එක දිගටම...
සමහර වෙලාවට සර්ට පවා මැදිහත් වෙන්න උනා.
දැං ඉතින් මම ක්ලාස් යන්නෙ හෙන ෆිට් එකේ.යාලුවො සෙට් එකකුත් හැදුනා...

විභාගෙත් ලං උනා.ඒ අතරෙ සර් නයිට් ක්ලාස් එකක් පටං ගත්තා විශේෂ පිරිසකට.
ඔව් ඔව්...මමත් ඇතුලත්ව.
ඔන්න ඕක තමයි.... ක්ලාස් එක....

ගං වලිං ආපු ලස්සන ලස්සන කෙල්ලො රංචු අතරෙ කිසිම කෙල්ලෙක් මගෙ ප්‍රතිවාදියා කියන තැනෙන් එහාට යන්න සමත් වෙලා තිබුනෙ නෑ..
ඒත්... ඒත් එදා.. නයිට් ක්ලාස් පටං ගත්ත දවසෙ...

මම ගියේ ටිකක් පමා වෙලා.පස්සෙම බංකුවකට බර වෙලා නිදහසේ වට පිට බැලුවෙ දැං ඉතින් මැජික් දැකලා පුරුදු නිසා...

හෝව්..හෝව්... කවුද බොලේ මේ..
මට පේන්නෙ පිටුපස දර්ශනේ විතරයි.
දිගම දිග කොණ්ඩෙ...
ලාවට ගොතලා...
තාම වතුර බිංදු වැටෙනවා..
දිග වැඩි නිසා කරේ තියාගෙන.
කොල පාට මල් මල් චීත්ත ගවුමක්...
ම්ම්ම්... පැත්තට හැරෙනකොට පෙනෙන අමුතුම මුව මඩල...
කලුවර වැටීගෙන එන හැන්දෑවෙ හීතල හුලඟක් වත් නැතිව ඇඟේ හිරිගඩු පිපුනා...
එක සැරේටම ලොකු හිනාවක් ඇහුනා.
බලනකොට සර් සෑහෙන වෙලාවක් මගෙ දිහා බලන් ඉඳලා....
හුණු කෑල්ලකුත් එවලා.. මට ඒත් දැනිලා නෑ..
හපෝයි....
හිනා උනේ මට නෙමෙයි වගේ මම පස්ස හැරිලා හිස් බිත්තිය දිහා බලන්න පටං ගත්තෙත්......එයා හිනාවට හේතුව හොයන්න පස්ස බලන්න පටං ගත්තෙත් එකම වෙලාවෙ...



හ්ම්... ඉතිරිය තව පෝස්ටුවකින් දාඤ්ඤං හොඳේ...
(2 මෙතන )

28 comments:

  1. ඊට පස්සේ ඉගන ගැනිල්ල පැත්තක තියල ඒක පස්සේ ගියාද

    ReplyDelete
    Replies
    1. හපෝයි වෙච්ච දෙයක්... ඉගනිල්ල අතෑරියොත් හාමතේ... අනික.... බෑ..බෑ... මෙතන නෙමෙයි, පෝස්ටුවකින්ම කියන්නම්කො අටං අයියෙ.. ඉස්තූතියි ලබු ඇට ගනින්න එනවට,පාර කියනවට... ආයෙත් එන්න.

      Delete
  2. අම්මත සිලි
    මරු ලිවිල්ල කොල්ලො... හිහි
    බොයිස්කූල් වල ඉන්න අය්යල(අපි ඒ දවස් වල උං කාටත් කීවෙ එහෙම තමා) කෙල්ලො දැක්කම ඇඹරෙන පෙරලෙන පැණි වක්කරන හැටි දැක්කම හම්මේ අපිට තිබ්බ ආතල්... මට මතක විදියට අපේ කෙල්ලො දෙන්නෙ තුන්දෙනෙක්ම ඒ ඒ අය එක්ක සැට්ටෙලා හිටිය...
    හම්මේ වරදක් කියන්න හොදනෑ ආයිබං'ඩ අපි ඒ දවස් වල තරං සොකලට් කෑවෙ නෑ වෙන කවදාවත්... හම්මේ එහෙව් කාලයක්...
    හිහි

    එළ එළ ඉතුරු ටිකත් දාහංකො.... කියවන්න එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. බයිට් වෙයි කියල හිතුන නිසාම මමත් බොහොම පරිස්සමින් තමයි එන්ටර් උනේ...
      හැබැයි පූජා වට්ටි ඔප්පු කිරිල්ලට එදා ඉඳන් විරුද්ධ නිසා අමුතු හැඩේකට වැඩේ ගියේ
      ගස් ලබ්බට සාදරයෙන් පිලිගන්නවා... ආයෙත් එන්න.. ලබු ඇට ගනින්න..

      Delete
  3. එලද බ්‍රා
    ලියපන් ඉතුරැටිකත් අපි එනවා.

    ReplyDelete
    Replies
    1. තං තෝසේ... තං තෝසේ...
      සාදරයෙං පිලිගන්නවා ගස් ලබ්බට.අනිවා ලියනවා..
      ආයෙ එන්න.. ලබු ඇට ගනින්න..

      Delete
  4. ලිවිල්ල පිලිවෙලකට හදහං. ජස්ටිපයි කරලා.. ජේද ලස්සන කඩලා.. පාට නැති උනත් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. තාම ළදරුවා නෙව... ටිකෙන් ටික ඉගෙන ගන්නෙ.. මසුරං වටින උපදෙස් වලට හිස නමා ආචාරය.මේවා තමයි ගහට වැටෙන පොහොර..දිග වැඩිවෙයිද කියලා හිතේ හොල්මං කොරන එක නෙව ලොකුම අවුල.

      Delete
  5. කඩුවෙන් කෙටලා අර උඔ කුඩු ගහලා අහුවුන එක ලියපන්

    ReplyDelete
    Replies
    1. යෑස් ඔප් කෝස්... ඇක්චුඅලි... දැට් ඩේ... හුටා ආයෙත් කැපුනා... මම කුඩු ගහල නෑ තාම ආයුබොවං.. ඒකනෙ අවුල. ආත්මාරක්ශාවට විතරයි කඩු හරඹ.ලියමු එහෙනං ඉතුරු ටිකත්.. එල එලෝ..

      Delete
  6. අටමාගේ ප්‍රොමෝෂන් ඇඩ් එක දැකලා අවේ......... උබ ලියනවනම් අපි එනවා බලන්න

    ReplyDelete
    Replies
    1. අටං අයිය තමයි අටං අයියා... නොලියා කොහොමෙයි මෙහෙම කියනකොට...
      සාදරයෙං පිලිගන්නවා ලබ්බට.ආයෙත් එන්න රාලෙ... ලබ්බෙ ඇට ගනින්න..

      Delete
  7. මේක මේ දවස්වල හැමෝගෙම ලෙඩක්.. හොඳම හරිය එනකොට මතු සම්භන්දයි කියනවා.. සැක්..

    ඕකමයි මං ටැලි නාට්ටි බැලිල්ල අතෑරල ෆිලුම් බලන්න ගත්තේ හොඳනම් හොඳ නරකනම් නරක ඉවරයි එවෙලෙං.. මේ, ලබ්බ කුඩු කර ගන්නැතුව ඉතුරු ටිකත් ඉක්මණට ලියපන්.. හක් හැක්..

    ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ...
      සබ්බේ ලබං..ගාද සොඤ්ඤං.. කිව්වලු.අනික මේ දවස් වල නැගල ගියෙත් 'හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට' තියරිය නෙව.ඉස්තූතියි ආවට.ආයෙ එන්න.. ලබු ඇට ගනින්න..

      Delete
  8. අටමගේ ඇඩ් එක බලල ආවෙ.දිග කිව්වට ඇති දිගක් නෑ.ඡේද වෙන්කරලා ජස්ටිෆයි කරල ගන්න.දිගටම ලියාගෙන යන්න වැදගත්ම දේ ඒකයි.ජය!

    ReplyDelete
    Replies
    1. මෙන්න හැලප අයියා මෙහෙ... තං තෝසේ.. අන්න ඒ පොහොර හරි වටිනවා අයියෙ.. ගහේ රස ගෙඩි හදා ගන්න... සංතෝසයි ආවට... ආයෙ එන්න ලබු ඇට ගනින්න.

      Delete
  9. ලියවිල්ලේ හැටියට නම් මේ ගස් ලබ්බ රෙඩ් ලේඩි ගනයට වැටෙන්නේ...
    අටමා මහතා මගේ අතත් පුච්චලා ඉන්නේ...පරිස්සම් වෙයන් ඔය මනුස්සයාගෙන්..දැක්කනේ අද ලියලා තියෙන අසම්ජ්ජාති කවි පන්ති ටික...

    මේ එපිසෝඩ් නැතුව එක පාරට දිග ඇරපන් මලේ...
    අපි එච්චර කල් ජීවත්වෙයිද දන්නේත් නැතිනිසා කීවේ...

    බොට ජය...

    ReplyDelete
    Replies
    1. බැඳපු බිත්ති කඩන්න වෙනවා හරි විව් එක එන්න
      හොද්ද උනත් හැඳි ගාන්න ඕනෙ රස වෙන්න..
      බොගක් උනත් වැරදි කියන්න ඕනෙ හැඩ වෙන්න..
      තං තෝසෙ බැරුවා අයියණ්ඩිලා මෙහෙ දැක්කම.. පණ නම් ත(ණ/න ) අග පිණි බිඳු වගේ නෙ. ලියල දාන්නම් ඇරෝ.... කියලා.
      ආයෙත් ලබු ඇට ගනින්න එන්න හොඳේ..

      Delete
  10. අටමයි පාර කිව්වේ... අපේ සින්ඩි වලට ඒන්න.. ඒක අනික් අයටත් මේ පැත්තට ඒන්න පාර කියාවි.... දිගට ම ලියන්න... දිගට ම ලියන ඒකයි වැදගත්.. අපි ඉන්නවා තනි නොතනියට...

    ReplyDelete
    Replies
    1. අටං අයියට ජය..!!
      වටිනවා අදහස.වැඩේ කියන්නෙ මට මේ තාක්සනේ හෙන ටැපලෙන සීන් එකනෙ.ඇස් පියන් මෙරිගොරවුමෙ යන්නහෙ යන්නෙ.උදවු වටිනවා දෑස පාදගන්න..
      එන්න දිගටම... ලබු ඇට ගනින්න..

      Delete
  11. ඔන්න ඉතිං හොඳම හරියේදී ගේම නැගල යනකොට උඹ ඇඩ් දාන්න පටන්ගන්නවනේ.

    ReplyDelete
    Replies
    1. මේ ලියනව... මේ ලියනව... පොඩි ඉන්ටබල් එකක් නෙව තිබුනෙ.බැල් එක සැරට වැදුනා.දැං ලියනව..

      Delete
  12. හොඳ බ්ලොග් හොයල දෙන හොඳම එකා අටම! උගෙ ඔත්තුව මේ පාරත් හරියටම හරි.

    හා..හා ඊලඟ...!

    ReplyDelete
    Replies
    1. ආ.. එන්න එන්න... වාඩි වෙන්න..අටං අයිය දුන්න වැඩේ ආයෙ ඉතිං...හෙහ් හෙහ්.. තව ගස් ලබු වර්ග තියෙනවා.. කමු නේද? ඔව් ඔව්... එහෙනං දිගටම එන්න හොඳේ ලබු ඇට ගනින්න..

      Delete
  13. ඕං අටමා ටෝච් එක ගහලා පෙන්නුව පාර දිගේ ආවා. ඈ යකෝ උඹ මෙගා ටෙලි නාට්ටි කාරයෙක්ද හරියටම තැනට ඇවිත් මතු සම්බන්ධයි දාන්නේ.

    පොඩ්ඩක් හිටපන් මගේ බොග් රෝලට දාගෙන නිවීහැනේ බලන්නං.

    ReplyDelete
    Replies
    1. අයිශ් අප්පා... අටං අයිය නේන්නං ගස් ලබ්බට එලිය දුන්නෙ...
      විචාරක තුමා නිවීහැනේ බලලා ගුණදොස් හෙම කීවනං ගොඩක් අගෙයි..
      ආයෙත් එන්න මේ පැත්තෙ... ගස්ලබු ඇට ගනින්න.

      Delete
  14. මේ ගස් ලබ්බ ෆලෝ කරන්න බැහැ කියනවා පොඩ්ඩක් බලහන්..
    ඔන්න ඔය කාලේ තමයි කාලේ ඈ...අතීතයට සිත ඇදී යනවා..:D

    ReplyDelete
    Replies
    1. & අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න... ටින්..ටොන්..ටින්..ටින්&
      &ආ...රා...ධනා.....&//
      සාදරයෙන් පිලිගන්නවා තනි තරුව මේ පැත්තට.
      දැං හරි ඇති ඔන්න..
      එන්න දිගටම.. ගස් ලබු ගනින්න..

      Delete