Thursday, February 26, 2015

කිති කැවුනා කිති කැවුනා... (ඉවරයි )



දන්නෙම නැතිව තව ඩිංගෙන් මෙගාවක් වෙන්න ගිය කිති කැවුනු කතාවෙ අන්තිම කොටසයි මේ..

(1 මෙතන )
(2 මෙතන )

මගෙ පාට පාට හීන ලෝකෙ ලස්සනම කාලෙ ගැන නෙ කිය කිය හිටියෙ.

මේ තමා මම මතක හිටින කාලෙකින් සතුටින්ම හිටපු කාලෙ... මොන ප්‍රශ්නෙ ආවත් සැහැල්ලුවෙන් මූණ දුන්නා.
ඉස්කොලෙදි උනත් වෙනද ඔරව ඔරව හිටපු එවුන්ටත් 'යන්නං මචං' කියාගෙන හරිම සැහැල්ලුවෙන් හිටියෙ.


ඔන්න විභාගෙට තව සති දෙකයි.ඇත්තම කියනවා නම් තාම මම අච්චු පොත් ටික වත් කියවලා නෑ..
ඒත් ඉතින් අවුලකුත් නෑ..
දැං මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි හිතේ තෙරපෙන හැඟීම ප්‍රකාශ කොරන එක.
'වහෙන් ඔරෝ' කිව්වට මට තේරුණ දෙයක් තමා කෙලිං කතා කරන එකට එයා කැමතියි කියන එක.
ඒත් මේ විභාග අස්සෙ....?
ඒ ළමයා දුර ඉඳන් ඇවිත් බෝඩ් වෙලා ඉන්නෙ ලබු ඇට ගනින්න නෙමෙයි නෙව.

ඉතිං මේක ඔෆීශියලි නොකිව්වට දැං දැං ටිකක් විතර නෝණ්ඩි වෙලත් තියෙන්නෙ.ඔව්වා මෙව්වා කල්පනා කර කර දැං මම ක්ලාස් එකට ගියා.
අදයි තව එක දවසකුයි තමා මේ විදිහට ගියොත් අපි හම්බවෙන්නෙ.
මම සුපුරුදු ගහ යටට ගිහින් බලන් හිටියා එයා පාවෙලා එනකං...

මට පොඩ්ඩක් එහා පැත්තෙ පාරෙන් අනිත් පැත්තෙ දැකලම නැති කොල්ලො සෙට් එකක් ඇවිත් හිටියා.
අපේ ක්ලාස් එකේ උනුත් ගිහින් කතා කර කර හිටියට මට උංගෙ ඇක්ශන් එච්චර ඇල්ලුවෙත් නෑ..
ඒ අතරෙ ක්ලාස් එකේ එකෙක් ඇවිත් වරෙං මචං පාටිය සෙට් කරන්න කියලා මාව ඇතුලට එක්කන් ගියා.

'සීන් එක මොකක්ද බං?'   කියල අහපුවාම
'අල්ලලා දාපං බං.. පිස්සු -ත්තලා'

 කිව්ව නිසා මාත් ඉතිං  අපිට මොටෝ අනුන්ගෙ පොටෝ කියලා අල්ලලා දැම්මා.


මෙච්චර කල් බැන ගත්ත.. බයිට් කර ගත්ත කෙල්ලො කොල්ලො සෙට් වෙලා පුංචි පාටියක් සෙට් කලා.
මේ එකකට වත් එයා සම්බන්ධ නොවුනෙ එදා ටිකක් පමා වෙලා ආපු නිසා කියලයි මතක.

හැබැයි සුපුරුදු කවි පූජාව එදත් කළා.ඒ අතරෙ මම ඇහුවා

'ඔයා කියවනවා නේද? මොකද හිතෙන්නෙ ' කියලා.

ලස්සනට හිනා උනා ඇරෙන්න මුකුත්ම කිව්වෙත් නෑ.හැබැයි මොකක්දෝ නොසන්සුන් ගතියක් නම් තිබුනා.
විපරම් කලාට හේතුවක් දැනුනෙ නෑ...


එදත් ඔන්න ක්ලාස් ඉවර වෙන්නයි යන්නෙ... 
මට දැං කං දෙකත් කූං ගානවා වගේ.. 
මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව.
එතකොටම සර් කිවුවා

'අන්තිම දවසෙ අපි පාටි දාන්න ඕන නෑ.. මෙතන එහා පැත්තෙ පංසලට ගිහිං බෝධි පූජාවක් කරමු' කියලා.

අපි ඔක්කොම එක හඬින් ඒක අනුමත කරන අතරෙ මම හිත්හ ගත්තා 
'අන්න මගෙ වෙලාව' කියලා.

ආ... එදා රෑ පියතුමා එනකන් කොල්ලො හතර පස් දෙනෙක්ම පාටිය ගැන කතා කර කර මගෙ ලඟටම වෙලා හිටපු එකත් වෙනසක් දැනුනෙ නෑ අන්තිම දවස් නිසා.ඇත්තටම අපි සහෝදරයො තරම් කිට්ටු වෙලා හිටියෙ ඒ වෙනකොට.

දවසින් දවස කාලෙ ගෙවිලා ගියා.
පොත් පත් වලට වැඩි අවධානයක් මම දෙන අතරෙ මම ගැන වැඩි අවධානයක් ගෙදරින් ලැබෙන බව මට දැනුනා.
විභාගෙ නිසා කියලයි මට හිතුනෙ.


මම මේ වෙනකොට ප්ලෑන් එකක් හදාගෙන හිටියෙ.
තීරනය කලා විභාගෙ ඉවර වෙනකන් හිටපු විදිහටම ඉන්න.
මොකද එයාටත් විභගෙ අමාරු නොවෙන බව මම තේරුම් අරන් හිටියෙ.
අනිවාර්යෙන් ඒ ලෙවල් ක්ලාස් එන්නෙ මම උදේ හවා යන එන තැනටනෙ.
ඉතිං බොරුවට කලබල වෙන්න ඕන නෑ.


ඔන්න ඉතිං ජීවිතේ ටෙන්ශන් වැඩිම දවස ලං උනා.

සර් එපා කිව්වට හැමෝම සල්ලි දාල කෑම බීම,සර්ට ගිෆ්ටෙකක් එහෙම අරගෙන ක්ලාස් එක පටන් ගත්තා.
සාමාන්‍ය උපදෙස් ටිකක් දීල මොරාල් අප් කරලා සර් පාටියට වෙලාවක් දුන්නා.. 
වැඩේ අහිංසක විදිහට නැගලම ගියා... 

බෝධිපූජාවට යන්න වෙලාවත් ලං වෙනකොට සර් එයාට කිවුවා.. 

'පුතා සිංදුවකුත් කිව්වනම් වැඩේ හරියටම හරි'

අඩේ.... එතකොටයි මම දන්නෙ එයාට සිංදු කියන්න පුලුවං කියලා... 

දේවාලෙ දෙවියන්ට භජන් ගායනා වෙනකොට බැතිමතෙක් ඒක දිහා බලන් ඉන්නවා වගේ මම එයා දියා බලන් හිටියා...

බොහොම ලස්සනට මධුර හඬකින් එයා ගායනා කරනකොට මම ඇත්තටම අමුතු ලෝකෙකට ගියා.

'අප්පච්චී මට තැලුවට දිගට හරහට..
සන්තකටම මට තිබුනේ ඔබගෙ දයාව...'

මොකක් බොල.... 

මේක මේ කිංස්ලි පීරිස්ගෙ බස් සිංදුවක් නෙව.
මොන සික් එක තිබුනත් මේකට නම් කිණ්ඩියක් නොදා බෑ කියලා එයාගෙ මූණ දිහා බලපුවාම.. 
ඒ ලාවට තෙත් උන ඇස් දෙක අමුතු කතාවක් කියන්න හදනවා කියලා හිතුනා...

හ්ම්ම්ම්.... 
'කමක් නෑ.. තව ටික දවසකින් ඔයාට ලෝකයේ ලොකුම සතුට මම දෙනවනෙ' 
කියලා මගෙ හිත හදා ගන්න ට්‍රයි කලත් ලොකු ගලක් හිත උඩට අතෑරියා වගේ බරක් දැනෙන්න ගත්තා.

පුරුදු විදිහටම ඉර අවරට ගිහින් තිබුනා.

බෝධි පූජාව පටන් ගන්න නොහිතූ තරම් වෙලා ගියා.
ඒ අතරෙ එයාව හොයාගන්න කොච්චර බැලුවත් එයා හිටියෙ නෑ... 
මට මිස් උනා වත් ද?
මගෙ ලඟින්ම හිටපු ශුවර්ම කොල්ලට කතා කරලා මම ඇහුවා 

'එයාව දැක්කද?'කියලා. 

ටිකක් මගෙ මූණ දිහා බලන් ඉඳලා ඌ කියපි 

'මාත් දැක්කෙ නම් නෑ..පණිවිඩයක් තියෙනවා නම් කියන්න .. මම කියන්නම්'  කියලා.

'විභාගෙ ඉවර වෙන දවසෙ අහවල් බස් හෝල්ට් එකට මම එනවා.ලොකු දෙයක් කියන්න තියෙනවා කියන්න.'

කියලා කියපු මම ඒ වෙනකොටත් ඇවිත් හිටපු පියතුමා එක්ක ගෙදර ආවෙ ඇවිදින මළමිනියක් වගේ.
වෙනසට හේතුව ක්ලාස් ඉවර උනු එක කියලා ශේප් උනු මම දවසෙ උන දේවල් කොච්චර කල්පනා කලත් පැහැදිලි උනේ නෑ..

හැමෝම මොනව හරි හංගනවා කියලමයි හිතුනෙ.

ඒ මොනවත් ගැන වැඩිය හිතන්න වෙලාවක් ඉතුරු වෙලා තිබුනෙ නෑ ඒ වෙනකොට.
සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එක ගොඩ දා ගන්න නැහෙනවා මිසක...  

මොනවා උනත් මම ඒ අස්සෙ ෆ්ලෑශ් බෑක් දෙහි මලක් පීස් එක හොයාගෙන අසාමාන්‍ය විදිහට අහන්න පටන් අරන් හිටියෙ.

ඔන්න විභගෙ ඉවර වෙන දවස ආවා.

මම ඉගෙන ගත් පාසලේම විනය අංශයේ මගේ පියතුමා කැපී පෙනෙන චරිතයක් නිසා එදා එයත් ආවා...
මොකද මහා බරක් බිමින් තියන එදා කොල්ලො කස්ටිය සෙට් වෙන්න යොදා ගන්න බව අත් දැකීමෙන් එතුමා දන්න හින්ද වෙන ඕනෙ.

විභාගෙ ඉවර වෙන වෙලාව වෙනකොට මෙන්න පියා ශාලාව ලඟ.

කාල වරෙන්කො බුල්ටො දැං..

මම දැං යන්න ඕනෙ එයාව හම්බ වෙන්න.. 
මගෙ හිතේ තියෙන දේ කියන්න... 
ඒත් දැං මේ මොකද වෙන්න යන්නෙ.. 

හපෝයි... 

විය යුතු නරකම දේ උනා...

පැය දෙක තුනක්ම ඔෆිස් එකේ අස්පස් කිරිලි අනං මනං වලට ගෙවලා දාලා පියාණන්ගේ අත්ඩංගුවේම ගෙදර බලා ඇදුනා.

මේ තත්වෙ පාලනය කොර  ගන්න... 
අඩු ගානෙ එයාට පණිවිඩයක් යවා ගන්න මට බැරි උනා ඔන්න... 

'කොහොමද අපේ පියාණන් ගෙ මොලේ..?'
හැසිරීමෙන් වෙනස දැනෙන්න ඇති.කලබල කලේ නෑ.. 
කිසිම දෙයක් වෙන්න ඉඩක් නම් දුන්නෙ නෑ.

අන්න එදා තමා මගෙ වටේ තියෙන බැමි විලංගු අවබෝධ වෙලා මම ගෙදරින් නිදහස් සටන ආරම්භ කළේ.



නිවාඩු කාලයක් ලැබුනා.. 

ජංගම දුරකථන තිබුනෙත් නෑ.. 
කගෙ වත් අංකයක් තිබුනෙත් නෑ..
එයගෙ බෝඩිම පැත්තෙ හොයල බලපුවාම ගෙදර ගිහිං කියලා ආරංචි උනා.
සීන් එක දැනගෙන හිටියෙ එකම එකයි... ඌත් අතුරු දහන් වෙලා වගේ.. 

දින සති ගෙවිල ගියා... 
මාත් ඔහේ කල් ගත කලා.. 


ඔන්න දවසක් ටවුන් එකෙං අර මිත්‍රයා හම්බ උනා.. 

'උඹෙ අම්** ...' කියල පටං අරන් සෑ හෙන වෙලාවක් මූ මට බැන්නා. 
මමත් අහගෙන හිටියා... 
අන්තිමේදි මම ඇහුවා කෝ එයා කියලා.. 

මෙන්න මෙහෙමයි මූ මට කියපුවාගෙ අදහස.
.............................................................................

'යකෝ ගස් ලබ්බො,උඹ ඕකිට ට්‍රයි කියලා අපිට ටික දවසකින්ම දැනුනා.
ඒත් අපි කවුරුත් ඒ ගැන වචනයක් වත් නොකිව්වෙ ඒ වෙනකොට ඒකිට 'අහවලා' බැහැලම ට්‍රයි නිසා. 

{'අහවලා' යනු ඉතාමත් දරුණු මිනිසුන් සඳහාම ප්‍රසිද්ධ ගමක කෙරුමාගේ.. කොරන පුතා ය.ගමේ එකෙකුට කේස් එකක් නම් බහින්නේ බස් පිටින් ය.ගුණක් අගුණක් නැත.වතු සංස්කෘතියටත් වඩා චාටර් ය}

එයත් සද්ද නැතිව හිටියෙ ඒකයි.
උඹට ගේම දෙන්න 'අහවලා' කීප සැරයක් ආවත් අපි උඹට නොදැනෙන්න ශේප් කලේ උඹ අහිංසකයෙක් හිංදයි.
එහෙම එකෙක් පැටලුනොත් අපිත් මැදිවෙන නිසා එයාත් ගොඩක් පරිස්සමින් හිටියෙ.
ඒත් අන්තිමේදි එයා තීරණයක් අරන් තිබුනා.
මාත් එක්කම උඹ කියපු තැනට ඇවිල්ලා පැය දෙකක් බලන් හිටියා මචං.
'අතක් පයක් කැඩුවොත් උඹේ අනාගතේ අඳුරු වෙනව කියලලු හිටියෙ.දැං බයක් නෑ ලු... ඉතුරු ටික උඹ බලාගනියි කියලා විශ්වාසයි ලු...' 
ඔව්වා කිය කිය ඉඳලා... 

'මම යනවා.. මම බලන් හිටියා.තවත් බෑ' කියල ගියා බං.. 

දැං ඉතිං උඹ පරක්කුයි.ආයෙ විස්තර හොයන්නත් එපා.කරදර කරන්නත් එපා බං... එයාට කරදර වෙන එක ශුවර්. 
මම කියන දේ අහල අමතක කරපන්'

................................................................................................


මේ වන විට එයා ටීච කෙනෙක් ලු. මට කිව්වෙත් පස්සෙ බොක්කෙ ෆිට් එකක් උනු 'අහවලා' ගෙ යාලුවෙක්.හැබැහි එතනින් එහාට කිසිම තොරතුරක් හොයන්න බැරි වෙන්නම එයා අතුරුදහන්.




දැං අවුරුදු පහලවක් විතර ඇති වෙලා.ඒත් තාම මට අමතක කරන්න බෑ... 

ඒක ආදරයක්ද? නැත්තම් ආකර්ශනයක් විතරද?

ආදරයක් නෙමෙයි නිසාද ඒ දවස් වල මගෙ උනන්දුව මදි කියලා හිතෙන්නෙ?

ආකර්ශනයක් විතරක් නම් ඇයි අදටත් මගෙ පපුවෙ ඇමිනිනු කට්ටක් වගේ සැරින් සැරේ කෙවෙන්නෙ?

ඇත්තටම එයා මාව මඟ ඇරියේ මම වෙනුවෙන් ද? 

හැබැයි මම අදටත් කැමතියි එයාව එක මොහොතකට හරි හම්බවෙලා කතා කරන්න.. 
එතකොට වත් කිංස්ලිගෙ ගී හඬ, චූටි ටීචලාගෙ රූප මාව ගල් කරන එක නවතියි...

(එයා ටිකක් අනුෂ්කා ශර්මා වගේ.Rab ne bana di jodi බලන්න ගිහිං මට ෆිල්ම් එක බලන්නත් බැරි උනා.)

27 comments:

  1. දුක තමයි ගස් ලබ්බෝ.. මොනව කරන්නද? ෆස්ට් ක්‍රශ් එක හරි ගියාට වැඩිය මෙහෙම අවුල් උනාම දුක වැඩියි මං හිතන්නේ.. මේ ටිකේම උඹට බැන බැන බැලුවට මාත් මේක කියෙව්වම අප්සෙට් ගියා.. බැන්නෙ ආදරේටනේ.. ගනන් ගන්න එපා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ලිවිල්ල ඉක්මං උනෙත් ඒ බැනුං නිසා නේන්නං.. මම ඒවට කැමතියි...
      මට තාම අවුල කියන්නෙ කෙල්ල මගෙ ගැන හිතපු දෙයක් එයාගෙම හඬින් අහගන්න බැරි උන නිසා... මක්කොරන්නෙයි ඉතිං නෙහ්.. කවද හරි දරු මල්ලො වඩාගෙන හම්බවෙයි.
      තං තෝසෙයි දිගටම ගස්ලබු ඇට ගනින්න එනවට...

      Delete
  2. ලබ්බෝ ආයෙත් එයාව උඹට හම්බෙයි , මගෙත් ඔහොම එක්කෙනා අවුරුද් පහලවකට පස්සේ හම්බුනා , හැබැයි මචං එදාට දරුමල්ලෝ හිටියත් හිත පට්ටෙට පැරිලා තුවාලේ අළුත් වෙනවා , උඹ විස්වාස කරයිද මන්දා , ආයෙත් හම්බෙච්ච දවසේ මම ඉස්සෙල්ලාම ඇහුවේ මොකක්ද කියල

    ‘‘ ඇයි මට එහෙම කලේ ‘‘

    ReplyDelete
    Replies
    1. මම ඒත් කල්පනා කර කර උන්නෙ කෝ මේ අටං අයියා කියලා..
      දැං වැඩේ කියන්නෙ ඒ ළමය තමයි මගෙන් අහන්න වෙන්නෙ 'ඇයි මට එහෙම කලේ' කියලා.. එයා දන්නෙ නෑ නෙ මට උන දේවල්.. මොන තුවාලෙ උනත් එතකොට වත් සැනසීමක් ලැබෙනවා නම් එච්චරයි..
      දිගටම ගස් ලබු ගණින්න එන්න...

      Delete
  3. ඉමොෂන් ටිකක් වැඩිද මන්දා ......... කෙල්ල හින්දි නිළිය වගේද කියලා හරියටම දන්නේ නැති උනත් කතාවනම් හින්දී පිචර් එකක් වගේ

    ReplyDelete
    Replies
    1. ඉමෝශනල් වෙන්න කියලා අමුතු දෙයක් කලේ නෑ රාළෙ..
      සිද්ධ උන දේ මේක.
      හ්ම්ම්....අතුරු කතා සෑහෙන්න අඩු කරලා තියෙන්නෙ.
      කොල්ලත් ඉතිං නළුව වගේ තමා.. හෙහ් හෙහ්.... (අම්මට විතරයි එහෙම පෙනෙන්නෙ )
      තං තෝසෙයි අදහසක් කෙටුවට... ආයෙ එන්න.... ගස්ලබු ඇට ගනින්න..

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතර් අයිය මක්කෙයි මේ කොරල තියෙන්නෙ??

      Delete
  5. ලබ්බො, "ගිය හකුරට නාඬන්නේ , තියන හකුර රැකගන්නේ" කියල කිව්වලු බූට් කාපු පුරාණ පඬි වරයෙක්!!!

    ReplyDelete
    Replies
    1. ගිය ලබ්බට නාඩන්නේ තියෙන ලබ්බ රැක ගන්නේ කියලත් කියනවා!

      Delete
    2. @ සජ්ජා ;හෙහ්.. හෙහ්...සජ්ජෝ.. අර..
      'පුත්තලමෙ ගෝවා වගාකරන කතාවත් එයා ම ද දන්නෑ කිව්වෙ'
      @කකා ; මොක නැත්ත ලබ්බට නම් සෙකුරිටි තියෙනව.. ගෙහ් හේ..

      Delete
  6. මගේ නම් අදහස ඔය වගේ අත්දැකීමක්වත් නැතිනම් ජීවිතේක ඇති වැදගත්කමක් නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ගස් ලබ්බගෙ ජීවිතෙත් දැං 'වැදගත් ජීවිතයක්'..ඒ ලොජික් එකට මම කැමතියි..හෙහ්.. හේ...
      තං තෝසෙ බැරුවා මේ පැත්තෙ ගොඩ වැදුනට.. කොමෙන්ටුවක් කෙටුවට... ආයෙත් එන්න.. ගස් ලබු ඇට ගනින්න..

      Delete
  7. කව්දෝ කීව ආදරේ කරන්න යන්න දෙන්න පුලුවන් තරමට කියල...
    ඒකියන්නෙ මං හිතන්නෙ බොක්කෙන්ම කරල තව ටිකක් වැඩියෙනුත් කරන්න ඕන කියන එක වෙන්න ඕන...
    පිස්සු වගේ බං හැම එකාටම ඕ වගේ සීන් එකක් තියෙනව නැති වෙන්ට බෑ නැද්ද හා

    ReplyDelete
    Replies
    1. අර තවත් 'ටිකක් වැඩියෙන්' කරපු කෙනා කවුද කියලා තෝර ගන්න බැරි උනාම නිකං කැරකිල්ල වගේ සීන් එකක් වෙනවා.
      කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියේ..
      ඒකනෙ මේ ලෝකෙ මෙච්චර ලස්සන.

      Delete
  8. හ්ම්.......................ඔව්වා ඔහොම තමයි. ඔය වගේ අද්දැකීම් වලින් ලබන පන්නරය තමයි ජීවිතය ඉදිරියට ගෙනියන්න වැදගත් වෙන්නේ. ඔවැනි අත්දැකීම් නැති එවුන් තමයි සියදිවි නසාගන්නේ, පවුල් අවුල් කරගන්නේ.

    ReplyDelete
    Replies
    1. බොක්කෙංම එකඟයි...
      මගෙ ඔය කතාව මම වැඩිය කාටවත් කියල නෑ.තනියම ඒ වගේ දෙයක් විඳ ගන්න එකෙන් අමුතුම හයියක් හිතට එනවා...
      සෑහෙන කාලෙකට පශ්ශේ ශීන් එක ලීක් උනා බූට් කාරයින්ගෙ හිත හදන්න මධු පානය කරන වෙලාවල් වල.
      බලනකොට අන්තිමේ හිත හැදීම කෙසේ වෙතත් උන් මාව නලවපු එක නම් වෙලා... හෙහ් හෙ..
      ආයෙ එන්න විචාරක තුමා.. ගස් ලබු ඇට ගනින්න..

      Delete
  9. ගස් ලබ්බ අැදලාම යනවා නේද??? අගෙයි.... සුපිරියි

    ReplyDelete
    Replies
    1. හිතට එන දේ කියනවාට වඩා ලියන එකේ පොඩි ලල් එකක් තියෙනවා වගේ... ගස් ලබ්බ ඇදගෙන යන්න හයිය හත්තිය දෙන්නෙත් ඒක කියවන කොමෙන්ටුවක් කොටන ඕගොල්ලොම තමා...
      තං තෝසේ බැරුවා කු.ගෑ.ගී.ප. මේ පැත්තෙ එන එකට.
      ආයෙ එන්න ගස් ලබු ඇට ගණින්න..

      Delete
  10. පට්ට කතාව...ජීවිතේ හැටි තමයි..අපි ආදරේ කරන හැමදේම අපිට අයිතිකරගන්න බෑ..ඒ වගේම අපි අයිතිකරගන්න හැම දේටම ආදරෙයි කියල කියන්නත් බෑ... දිගටම ලියමු. ජය

    ReplyDelete
    Replies
    1. අයිති උනත් නැතත් ආදරේ වෙනසක් නැත්තම් හරිම සුන්දරයි නෙහ්..?
      අපි ලියමු...
      දිගටම එන්න ගස්ලබු ගනින්න...

      Delete
  11. උඹ මේලක් දාලත් කියවන්න නො-ආව කියල බැන බැන උන්නද දන්නෙ නෑ!

    මම කියවල ගියා පෝං එකෙං, ඒත් බං කොමෙන්ටු කොටන්න බෑනෙ ඒකෙන්.

    උඹෙ කතාවට කිට්ටු එකක් දුකා ලිව්ව "එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට" කියල.

    ඔය බොලා අපි වගේ ඩෑල් වලට හරියන පට්ට ටැමිල්/මලයාලම් ෆිල්ම් එකක් තීනව Autograph කියල. අන්න බලහන් වෙලාවක.

    ReplyDelete
    Replies
    1. එදා ටොක්කකුත් ඇනලා කිව්වාම මේලක් නොදා කෝමද?
      මම පට්ට ආස සිංදුවක නමින්ම පොස්ටුවක්... දැංමම හොයන් කියෝනවා..
      ඝෝෂාව නැති ෆිල්ම් එකක් උනොත් හොඳයි..
      ඉත්තූතියි ඔත්තු වලට...
      ආයෙ එන්න ගස්ලබු ගෙඩි ගනින්න...

      Delete
  12. ඉතින් ඉතින් මැදැයි ගස් ලබ්බට උන දෙ.....ඔයින් බෙරුනා ඇති.....

    ReplyDelete
    Replies
    1. ඒක නොවේනං... අතක් පයක් වගේද කකුලක්... ? ඇති ඔයින් ගියා.. හෙහ් හෙහ්..
      ආයෙ එන්න...

      Delete
  13. Replies
    1. අනේ මන්දා බන්.. හිතාගන්න බෑ.
      ජයවේවා..!!

      Delete